ලෝක වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලට තෙල් අරන්.. සිපෙට්කෝ දැවැන්ත පාඩුවක..- Public Finance
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිල ගණන්වලට වඩා ඉහළ මිලකට ඉන්ධන මිලදී ගැනීම හේතුවෙන්, සංස්ථාවට මෙන්ම මෙරට පාරිභෝගිකයන්ට ද දැඩි මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුව ඇති බව 'Public Finance' ආයතනය පෙන්වා දෙයි.
එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පසුගිය 2026 මැයි මාසයේදී ලෝක වෙළෙඳපොළේ පැවති සාමාන්‍ය මිල ගණන්වලට සාපේක්ෂව, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් සඳහා සියයට 15ක් සහ ඩීසල් සඳහා සියයට 13ක් වැඩිපුර ගෙවා ඉන්ධන මිලදී ගෙන තිබේ.
ලෝක වෙළෙඳපොළේ පවතින සාමාන්‍ය මිල ගණන් සහ රජයේ සහනාධාර (පෙට්‍රල් සඳහා රු. 20 සහ ඩීසල් සඳහා රු. 100) ද ඇතුළත්ව නිවැරදිව මිල සූත්‍රය ක්‍රියාත්මක වූයේ නම්, 2026 ජූනි මාසය වන විට මෙරට වෙළෙඳපොළේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 381ක් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 424ක් ලෙස පැවතිය යුතුව තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වෙතත්, වත්මන් මිල සූත්‍රයට අනුව ඩීසල් ලීටරයක් රුපියල් 407කට නියම කර ඇති අතර, එය සැබෑ පිරිවැයට වඩා රුපියල් 26ක වැඩිවීමකි. එමෙන්ම පෙට්‍රල් ලීටරයක මිල ද පවතින සාධාරණ මිලට වඩා රුපියල් 9කින් ඉහළ මට්ටමක පවතී.
සංස්ථාව මෙලෙස පාඩු ලැබීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ලෝක වෙළෙඳපොළ මිලෙන් බැහැර වූ අධික පිරිවැයක් දැරීමට සිදුවීම බව 'Public Finance' ආයතනය වැඩිදුරටත් පෙන්වා දෙයි.
සංස්ථාවේ දත්තවලට අනුව සියලු පිරිවැය පියවා ගැනීම සඳහා පෙට්‍රල් ලීටරයක් රුපියල් 474කට සහ ඩීසල් ලීටරයක් රුපියල් 436කට අලෙවි කළ යුතුව ඇත. මේ හේතුවෙන්, ජූනි මාසයේ පැවති සිල්ලර මිල ගණන් අනුව සංස්ථාව පෙට්‍රල් ලීටරයකින් රුපියල් 40ක සහ ඩීසල් ලීටරයකින් රුපියල් 29ක සෘජු පාඩුවක් ලබන බවද එම වාර්තාව මඟින් අනාවරණය කර තිබේ. මේ අනුව, ශ්‍රී ලංකාව තුළ ඩීසල් ලෝක වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට අලෙවි වන අතරම, සංස්ථාව විසින් මිලදී ගත් අධික පිරිවැයට සාපේක්ෂව පෙට්‍රල් සහ ඩීසල් යන දෙවර්ගයම පාඩු පිට අලෙවි කිරීමට සිදුව ඇති බව එම ආයතනය අවධාරණය කරයි.
'Public Finance' වාර්තාව පහළ සබැඳියෙන්..
CPC's massive diesel loss in May is a procurement problem, not a price problem.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සෞඛ්‍ය සේවයට ජනපතිගෙන් අලුත් වෙනසක් - “හිතුන හිතුන වෙලාවට ඉස්පිරිතාලේට යන්න බෑ...කොත්තමල්ලි ටිකක් බීලා විවේකීව ගෙදරට වෙලා ඉන්න”
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි