News Category
From Date
To Date
Maximum Number of Result

ජපාන මෝටර් රථ නිෂ්පාදන දැවැන්තයා වන නිසාන් (Nissan) මෝටර් රථ නිෂ්පාදන සමාගම පවසන්නේ, පිරිවැය ඉතිරිකිරීමේ උත්සාහයක් ලෙස එම සමාගමට සමගාමීව පවතින ලොව පුරා රැකියා 9,000ක් කපාහරින බවයි.

බැසිල් රාජපක්ෂ තමන්ට වියදම් කළා නම් ජනාධිපතිවරණයේ දී ඡන්ද කැඩීම සඳහා තමන් ඉදිරිපත් වියයුතුව තිබූ බවත්, තමන් බැසිල් රාජපක්ෂගේ බළල් අතක් බවට ගෙනයන ප්‍රචාර සාවද්‍ය බව හා තරයේ ප්‍රතික්ෂේප කරන බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

BRICS සමූහයේ සාමාජිකත්වය ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ අයදුම්පත සමූහයේ වත්මන් සාමාජිකත්වය විසින් ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තාවේ. කෙසේ වුවද BRICS හි නව සංවර්ධන බැංකුවේ (New Development Bank-NDB) සාමාජිකත්වය ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම පිළිගෙන ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා පැවසීය.

මෙරට පත්වූ ආණ්ඩුවලට රටේ ආර්ථිකය ගොඩනැගීම සඳහා කිසිඳු වැඩපිළිවෙලක්, උපාය මාර්ගික සැලැස්මක් නොතිබූ බවත්, 1948න් පසු බලයට පත්වූ සෑම ආණ්ඩුවක්ම පාහේ සිදුකළේ රට ආර්ථික වශයෙන් අගාධයකට ලක්කිරීම පමණක් බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීම සඳහා නීති සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් නිවේදනය කර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ. එලෙසම එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද පුටින් අවධාරණය කර ඇතැයිද එම වාර්තා පවසයි. ජුලි මාසයේදී ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයේදි සහ ඉන් පසුව ට්‍රම්ප් දැක්වූ “ධෛර්ය සම්පන්න” ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද පුටින් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බවද පැවසේ. ඊයේ(07) දකුණු රුසියානු නගරයක් වන සෝචි හි Valdai ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ රැස්වීමකට එක් වෙමින් පුටින් පැවසුවේ, “ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි. ට්‍රම්ප් යුක්රේන ගැටුම අවසන් කිරීමට අභිලාශයක් ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් “අවම වශයෙන් අවධානය යොමු කළ යුතු” බවත් පුටින් එම රැස්වීමේ අදහස් දක්වමින් පැවසුවේය.

කොළඹ වරාය නගරයේ සේවයේ නියුතු සේවකයන් පිරිසක් පසුගිය මාස 9ක කාලය තුළ වැටුප් නොගෙවූ බව පවසමින් විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

2024-25 වසර තුළ ශ්‍රී ලංකාවේ වර්ධනය මධ්‍යස්ථ වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පුරෝකථනය කර තිබුණද, එය 3% ක පමණ මට්ටමක පවතිනු ඇති බවත්, ලබන වසරේ ශ්‍රී ලංකාවේ වර්ධන වේගය 5% දක්වා ළඟාවීමේ හැකියාව පවතින බවත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

එළැඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නොවැම්බර් 13 සහ 14 දෙදින දිවයිනේ සියලු පාසල් සඳහා නිවාඩු ලබාදී තිබේ.


ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ලෝක බැංකුව කියන කතාව

ශ්‍රී ලංකාවේ ආර්ථිකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පත්වෙමින් පැවතිය ද, ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් එනම් තුනෙන් එකක් පමණ, දරිද්‍රතා මට්ටමේ හෝ නැවත දරිද්‍රතාවයට ඇද වැටීමේ අවදානමක පවතින බව ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා පවසයි.

දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනතට එරෙහිව අප විසින් එල්ල කරන ලද නීතිමය අභියෝගය කැනේඩියානු ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය සහ බ්‍රැම්ප්ටන් සංගමයේ ඒකාබද්ධ ප්‍රකාශය

ශ්‍රී ලංකාවේ කැනේඩියානු ක්‍රියාකාරී සන්ධානය (SLCAC ), බ්‍රැම්ප්ටන් හි ශ්‍රී ලංකා කැනඩා සංගමය (SLCAB) සමඟ එක්ව, ශ්‍රී ලංකාවේ සිංහල බෞද්ධ කේන්ද්‍රීය රජය දෙමළ ජනතාවට එරෙහිව ජන සංහාරයක් සිදු කරන බවට ව්‍යාජ ලෙස ප්‍රකාශ කරන දෙමළ ජන සංහාර අධ්‍යාපන සති පනත අභියෝගයට ලක් කරමින් ඔන්ටාරියෝ ඉහළ උසාවියේදී නඩුවක් ගොනු කළ අතර, ඔන්ටේරියානුවන් ඒ සම්බන්ධයෙන් හැදෑරිය යුතුය. මෙම කාරණය සම්බන්ධයෙන් ආචාර්ය නෙවිල් හේවගේ මහතාද වෙනම නඩුවක් ගොනු කළේය.

ජනාධිපතිගේ ප්‍රකාශ ගැන කොමිසමේ මතය රටට කියන්න’: පොහොට්ටුවෙන් මැතිවරණ කොමිසමට ලිපියක්

පළාත් පාලන ඡන්දයේදී ජාතික ජන බලවේගය නොදිනන ආයතනවලට රාජ්‍ය මූල්‍ය වෙන් නොකරන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ගැන වහා රටට පැහැදිලි කිරීමක් කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැතිවරණ කොමිසමට ලිපියක් මගින් දැනුම් දී ඇත.

කාදිනල් තුමාගේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් ගෝටාගෙන් කාදිනල් තුමාට ප්‍රති ප්‍රහාර

පාස්කු ඉරිදා ප්‍රහාර සම්බන්ධයෙන් අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් විසින් කරන ලද චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරමින්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ අග රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන් ත්‍රස්තවාදී ප්‍රහාරවල වගකීම නොසලකා හැරීම හෝ ත්‍රස්තවාදී ප්‍රහාරවලට සැබවින්ම සම්බන්ධ වූ පාර්ශව දෙක පැහැදිලිවම නිදහස් කරන බව

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.