News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව මුහුණ දෙන අභියෝග සැලකීමේ දී මැද පෙරදිග යුද්ධය යනු අතුරු කාරණයක් බවත්, යුද්ධයට පෙර සිටම ආණ්ඩුව අර්බුදයට ගමන්කරමින් සිටි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සිය පොලිස් බල ප්‍රදේශය ඉක්මවා අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල මත්ද්‍රව්‍ය වැටලීමට නොයා යුතු බවට මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල පොලිසියට නියෝග කළ ආකාරය දැක්වෙන වීඩියෝවක් පසුගියදා සමාජ මාධ්‍යයේ ප්‍රචාරය විය.

මෙම වසරේ දෙවන කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය අද (30) දැනුම්දීමට නියමිතව ඇති අතර, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් මෙම ගාස්තු සංශෝධනය පිළිබඳව දැනුම්දීමට නියමිතව ඇත.

පාරිභෝගිකයින්ගේ වියදම් බර ලිහිල් කිරීමට සහය වීම සඳහා ඔස්‍ට්‍රේලියානු රජය ජූනි මස අවසානය දක්වා ඉන්ධන මත අය කරන නිෂ්පාදන බද්ද අඩකින් අඩු කිරීමට පියවර ගෙන තිබේ.

ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථය හලාවත බණ්ඩාරවත්ත වංගුවේදී මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ.

ගල්අඟුරු කිලෝ කැලරි ප්‍රමාණය 5900 ට වඩා අඩුනම් ගල්අඟුරු ප්‍රතික්ෂේප කළ යුතු වුවත් මෙරටට ගල්අඟුරු ගෙන්වීමට දුන් ටෙන්ඩරයේ දී 'රිජෙක්ට්' යන වචනය මකා දමා ඇති බවත්, ජලවිදුලි බලාගාර ටික විකුණා දැමීමට විදුලි පනත සංශෝධනය කළ අවස්ථාවේ දීද ආණ්ඩුව මෙලෙසම වචනයක් මකා දැමූ බවත් සංඛ චන්දම අභයවර්ධන මහතා පවසයි.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ නොහොත් මිදිගම චූටි නමැත්තා ඕමානයේ සිට විශේෂ පොලිස් නිලධාරීවරුන් කණ්ඩායමක් විසින් අද (30) අලුයම දිවයිනට වෙත රැගෙන විත් තිබේ.

ඉරානයට එරෙහිව අමෙරිකාව හා ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයේදී ඉරාකය කටයුතු කළ ආකාරය ගැන ඉරාන නව උත්තරීතර නායක මොජ්තබා කමේනි ඉරාක පූජක පක්ෂයට සහ ජනතාවට සිය ස්තූතිය පිරිනමා තිබේ.

පාස්කු ප්‍රහාරය පිළිබඳ FBI විමර්ශනය කළ රාජ් පටෙල්ට ඒ සඳහා ඇමරිකාවේ හොඳම සම්මානය හිමිවුණු අතර එම FBI විමර්ශන වාර්තාවේ නොතිබුණු සුරේෂ් සලේගේ නම CIDය මේ වනවිට ඈදා ගන්නේ කෙසේද යන්න සැක සහිත බව හිටපු ඇමැති සරත් වීරසේකර පවසයි.


ප්‍රධාන පුවත්

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.