පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ හමුව කල් දමන ලෙස නීතිඥ සංගමයෙන් ඉල්ලීමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යෝජනා කර තිබූ විශේෂ දැනුවත් කිරීමේ රැස්වීම කල් දමන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඉල්ලා තිබේ.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය විසින් මේ බව සඳහන් කරමින් විපක්ෂ නායකවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.
මෙම ජාතික වැදගත්කමක් ඇති කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ සහ විපක්ෂයේ එකඟතාවක් ඇති කරගනිමින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ගැටලු මන්ත්‍රීවරුන්ට වඩා හොඳින් අවබෝධ කර ගැනීමට අවස්ථාවක් නිර්මාණය වනු ඇතැයි නීතිඥ සංගමය අපේක්ෂා කරයි.
කෙසේ වෙතත්, 2026 අගෝස්තු 19 වැනි දින පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ස්ථාවරය හමුවේ, මේ සම්බන්ධයෙන් කිසිදු දේශපාලන එකඟතාවක් මෙන්ම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් වෙත මෙම අවස්ථාව ලබා දීමට රජයේ කිසිදු උනන්දුවක් නොමැති බව පෙනී යන බව BASL පෙන්වා දෙයි.
විපක්ෂය දැනටමත් මෙම යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති පසුබිමක, මෙම දැනුවත් කිරීමේ හමුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මේ පිළිබඳව අපක්ෂපාතීව සිතා බැලීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වීමට ඉඩ තිබූ බව සඳහන්.
එබැවින්, මෙම සංශෝධනය සඳහා පාර්ශ්ව දෙකේම සහභාගීත්වය තහවුරු වන තෙක් මෙම දැනුවත් කිරීමේ රැස්වීම කල් දමන ලෙස ඉල්ලා සිටින නීතිඥ සංගමය, මෙම ව්‍යවස්ථාමය විවාදය තුළ ප්‍රගතිශීලී පියවරක් ලෙස මෙම දැනුවත් කිරීමේ හමුව යෝජනා කරමින් එය සංවිධාන කිරීමට දරන ලද උත්සාහය පිළිබඳව ද විපක්ෂ නායකවරයාට සිය ස්තූතිය ද පුද කර සිටි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති