රේගුවේ මහ පරිමාණ වංචාවක් ගැන ඩී.වී. චානකගෙන් හෙළිදරව්වක්..
''මේ ලංකා ඉතිහාසයේ වෙච්ච තවත් වංචාවක්, මේක රේගුව ඇතුළේ අර කන්ටේනර 123ට අමතරව වුණු වංචාවක්'' යැයි කියමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක (19) වැනිදා පාර්ලිමේන්තුවේදී අනාවරණයක් සිදුකළේය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ප්‍රකාශයක් සිදුකළ යුතු බවත් එම වාර්තාව හංගන්නේ ඇයිදැයි මන්ත්‍රීවරයා එහිදී ප්‍රශන කළේය.
වැඩි දුරටත් අදහස් දැක්වූ ඩී.වී චානක මන්ත්‍රීවරයා,
''අඩි 40ක කන්ටේනරයක එනවා වාහන අමතර කොටස්. ෂීට්, එංජින් වගේ අමතර කොටස් රාශියක් එනවා. මේවා එද්දි සාමාන්‍යයෙන් රේගුවේ තිබෙනවා ක්‍රමවේද තුනක්. මේ කන්ටේනරය යන්නේ රෙඩ් චැනල් එකට එතකොට ඒක භෞතිකව වගේම මැෂින් එකෙත් චෙක් කරන්න ඕනේ. මේකේ පළමු භෞතික පරීක්ෂාවට රේගු අධ්‍යක්ෂ ජනරාල් අරුක්ගොඩගෙ උපදෙස් මත කණ්ඩායමක් රේගුවෙන් යවනවා. ඒ අය කියනවා ප්‍රශ්නයක් නෑ කියලා.
නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එන්.එස් කුමානායක ප්‍රධානත්වයෙන් දෙවැනි කණ්ඩායම යවනවා. එන්.එස් කුමානායක කියන්නේ එයා ජනාධිපති ළඟ ඉන්න රටේ ප්‍රධානම රාජ්‍ය නිලධාරියා. එයාල පරීක්ෂා කරලා කියනවා ප්‍රශ්නයක් නෑ ඒකේ ආසන හතක් වැඩිපුර තියෙනවා කියලා. ඒ හත රාජසන්තක කරනවා. මේ ගැන නැවත පැමිණිල්ලක් අධ්‍යක්ෂ ජනරාල්ට යනවා මේකේ තවත් දේවල් තියෙනවා කියලා.
ඊට පස්සෙ මේක රේගුවේ මධ්‍යම විමර්ශන අංශයට යොමුකරනවා. ඔවුන් හොයා ගන්නවා මේකේ අයිතම 85ක් තිබෙන බව. එතකොට මේකේ 45ක් ගැන රේගු සටහන් කරනයේ නෑ. මේ 45ට අයත් යුනිට් 355ක් හොරට ඇවිල්ලා. අමතරව ප්‍රකාශ කරපු අයිතම 15 තුළ යුනිට් 254ක් වැඩියෙන් ඇවිල්ලා. ඊට අමතරව සටහන්කරණයේ තිබුණු 7ක් තියෙනවා අඩුවෙන් ටැක්ස් ගෙවන ඒවා ඒක ඇතුළේ නෑ. තව අයිතම 23ක යුනිට් 474ක් අතුරුදන්. මෙතන් තියෙනවා ආනයන බලපත්‍ර නැති වාහන ආසන 122ක්. රිම් සහිත ටයර් 18කුත් තිබිලා.
අවසානයේ මේ පරීක්ෂණ වාර්තාව 2026/01/19 වැනිදා මුදල් අමාත්‍යංශ ලේකම්ට යවනවා. ලේකම් ඉන්නේ ජනාධිපතිගේ දේශපාලන පත්වීමක්. මේ ගැන වාර්තා ජනාධිපතිට දුන්නත් තමන්ගේ හිතවතා ආරක්ෂා කරන්න පරීක්ෂණ වාර්තාව යට ගහනවා. ජනාධිපතිතුමා ඇයි මේ රිපොර්ට් එක හැංගුවේ එතුමා යාළුවා හංගන්නේ ඇයි ජනාධිපති ප්‍රකාශයක් සිදුකළ යුතුයි.''
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි
දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි
බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..
රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති
"ජෙප්පෝ හිඟන්නන්ට පවුඩර් දානවා.. - මෙට්‍රෝ බස් පෙන්නලා අපිව චූන් කරනවා" - විමල් වීරවංශ
ජනපති සමාව අහිමි වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. - වසර හයේ සිර දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කරන්නැයි නියෝග..
ලෝක වෙළෙඳපොළට අනුව ඉන්ධන මිල වෙනස් කරන්නැයි IMF ශ්‍රී ලංකාවට කියයි..