News Category
From Date
To Date
Maximum Number of Result

රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 21 ඉන්දියාව සමග එකඟවූ එකඟතාවයේ දී එට්කා ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කරන බව ප්‍රකාශකර තිබූ බවත්, මෙවර එකඟතා ප්‍රකාශයේ ද ඒ පිළිබඳව සඳහන්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමේ දී එයට එරෙහිව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හඬ නැගූ බවත්, 2023 දී ප්‍රකාශකළ කතාවකින් ඔහු චෝදනා කර තිබුනේ ඉන්දියාව නොමැතිව මෙරට කිසිඳු ආර්ථිකමය, දේශපාලනික හා සංස්කෘතිමය තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකට රනිල් වික්‍රමසිංහ රට පත්කිරීමට කටයුතු කරන බවත් යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

බෙදුම්වාදීන්ගේ මාර්ග සිතියම අභියස නව විධායක ජනපතිඳුන්ගේ අභියෝගය හෙවත් මහජන සංදේශය විවිධ ජාතික සංවිධාන 55කට ආසන්න නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් අද(17) පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙනේදී මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන, මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස ඇතුළු භික්ෂූන් වහන්සේලාගේ අනුශාසකත්වයෙන් සාහිත්‍ය සූරී ගුණදාස අමරසේකර, ජේෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර, විශ්‍රාමික ලුතිතන් ජෙනරාල් ජගත් ඩයස් විශ්‍රාමික කර්නල් අනිල් අමරසේකර, වෛද්‍ය වසන්ත බණ්ඩාර යන මහත්ම මහත්මීන්ගේ මූලිකත්වයෙන් අත්සන් කරනු ලැබීය.

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තේරී පත්විය. ඒ අද (17) උදෑසන පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුවය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විසින් ගෙන ආ අතර සභා නායක බිමල් රත්නායක විසින් විසින් එය ස්ථීර කරනු ලැබීය. 10 වන පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස තේරී පත්වූ අශෝක රංවල මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු කථානායක ධුරය පුරප්පාඩුව තිබුණි. මේ අතර සමගි ජන බලවේගයෙන්ද කථානායකවරයෙකු ඉදිරිපත් කරන බවට එම පක්ෂය ප්‍රකාශ කර තිබුණි. නමුත් අද පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී කථානායකවරයෙකු සඳහා නමක් යෝජනා නොකිරීමට ඔවුන් පියවර ගත්තේය.

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාව දක්වා තෙල් නළයක් ඉදිකිරීමටත් ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව විදුලි සම්ප්‍රේෂණ ජාලයන් මගින් සම්බන්ධ කිරීමටත්, දෙරට අතර වන එක්ටා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමටත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමන්ග සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවසූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටී.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා තම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව අසත්‍ය ප්‍රචාර කරන අය පිළිබඳව පරීක්‍ෂණයක් කරන්නැයි රහස් පොලිසියට පැමිණිල්ලක් කර ඇතැයි වාර්තාවේ.

නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තුව හෙට (17) රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය නිවේදනයක් මගින් පවසයි.අද (16) නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසේ.

ඉල්ලා අස්වූ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබලයන් අතර මත ගැටුම් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.


ප්‍රධාන පුවත්

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.