News Category
From Date
To Date
Maximum Number of Result

පාස්කු ප‍්‍රහාර විමර්ෂණයෙන් රවීගේ, ශානිගේ මූලික අයිතීන් කැඩිලා.. වන්දි ගෙවන්නැයි දේශබන්දුට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග..

Sep 15, 2026 at 01:48 PM
|

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශන මගින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර යන මහත්වරුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය අද  තීන්දු කළේය.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකු විසින් මෙම මූලික අයිතිවාසිකම් කඩකිරීම සිදුකර ඇති බවට මෙහිදී අධිකරණය විසින් නිගමනය කරනු ලැබීය.

ඒ අනුව, අදාළ සිදුවීමට පාදක වූ පැමිණිල්ල ඉදිරිපත් කළ විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන විසින් පෙත්සම්කාර රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් දෙදෙනා වෙත රුපියල් 50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

ඊට අමතරව, අදාළ පක්ෂග්‍රාහී විමර්ශනය මෙහෙයවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාව සිටි ඉන්ද්‍රික ද සිල්වා විසින් පෙත්සම්කරුවන් දෙදෙනාට රුපියල් 10,000 බැගින් වන්දි මුදල් ගෙවිය යුතු බවටද වැඩිදුරටත් නියම විය.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධ විමර්ශනවලට අදාළව තමන්ව අනීතික සහ ද්වේශසහගත ලෙස අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා, පසුගිය ජනාධිපතිවරණ සමයේදී රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන නිලධාරීන් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දීර්ඝ ලෙස විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

සම්බන්ධිත පුවත් | Related News

කෘත්‍රිම බුද්ධි (AI) පද්ධති අධික ලෙස අවදානම් තත්ත්වයකට පත්වුවහොත් ඒවා සම්පූර්ණයෙන් ක්‍රියා විරහිත කළ හැකි ‘Kill Switch’ ක්‍රමවේදයක් සමාගම් සඳහා අනිවාර්ය කිරීමට නීති ගෙන ඒමට සිදුවිය හැකි බව ලොව ප්‍රමුඛ පෙළේ AI සමාගමක් වන Anthropic හි සම නිර්මාතෘ ජැක් ක්ලාක් පවසා තිබේ.
හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් ඩොනල්ඩ් පෙරේරා FCIDයට කැඳවා තිබේ.
මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනාව වෙනස් කළේ නාමල් රාජපක්ෂ බව ඉන්දික අනුරුද්ධ පවසයි.
2026 වසරේ දෙවන කාර්තුව අවසානයේදී ශ්‍රී ලංකාවේ මුළු රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 744 කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීම හේතුවෙන්, සැලසුම් කළ පරිදි ලබන 17 සහ 18 යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
World Athletics Ultimate Championship තරගාවලිය ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) උදෑසන දිවයිනට පැමිණීමේදී ඔහු සතු හෙල්ල 4ක් ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී හානි වී ඇති බවට වාර්තා වේ.
වත්මන් කථානායකවරයාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ විමර්ශනයක් ක්‍රියාත්මක වන බැවින්, ඔහු වහාම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, දයාසිරි ජයසේකර මහතා පවසයි.

ප්‍රධාන පුවත්

ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ

මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.