දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඉවත් කරන්නැයි දුම්රිය වර්ජනයක්..
දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන් සමඟ පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වීම හේතුවෙන්, සැලසුම් කළ පරිදි ලබන 17 සහ 18 යන දෙදින තුළ සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබේ.
ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ඒකාබද්ධ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයන් අතර (14) පැවති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව වෘත්තීය සමිති නායකයෝ මේ බව නිවේදනය කළහ.
මෙම සාකච්ඡාවේදී දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින පරිපාලනමය හා මෙහෙයුම් ගැටලු, සේවක ගැටලු මෙන්ම මගී ජනතාව මුහුණ දෙන අපහසුතා රැසක් පිළිබඳව වෘත්තීය සමිති නියෝජිතයන් කරුණු පැහැදිලි කර ඇත. වත්මන් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලනය කෙරෙහි තමන්ට තවදුරටත් විශ්වාසයක් නොමැති බැවින්, ඔහුව එම ධුරයෙන් ඉවත් කිරීම සිය ප්‍රධාන ඉල්ලීම බව ඔවුහු එහිදී අවධාරණය කළහ.
මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය රජයට විරෝධය දැක්වීමක් නොව, කාර්යක්ෂම සහ විශ්වාසනීය සේවාවක් ස්ථාපිත කරමින් මගී ජනතාවට ඉහළ සේවාවක් සැපයීම සහ දුම්රිය දෙපාර්තමේන්තුව යළි නඟාසිටුවීම එහි මූලික අරමුණ බව ද වෘත්තීය සමිති අවධාරණය කර සිටියි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..
ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..
රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්
වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ
"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි
කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..
BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..
වසර හතකට පසු චීන ජනපති ඉන්දියාවට..
මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..
"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි
පොහොට්ටුවේ අනුරාධපුර ජනරැලිය ඇරඹේ..
හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..