News Category
From Date
To Date
Maximum Number of Result

පසුගිය රජය ජනාධිපතිවරණයට පෙර පුද්ගලයෙකුට සහල් කිලෝ 20 බැගින් නොමිලේ බෙදාදීම හේතුවෙන් වෙළෙඳපොළේ රතු සහල් හිඟයක් මතුව ඇතැයි වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුදල් විශූද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ පනත් සංශෝධනය කිරීම දෙමළ ඩයස්පෝරාවේ උවමනාව මත සිදුකිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. පසුගිය (7) වැනිදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔහු මේ බව පැවසීය. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා පැවසුවේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය මේ සංශෝධනයට ආණ්ඩුව පය තැබුවොත් එය මර උගුලකට පය තැබීමක් බවයි. තව දුරටත් අදහස් දැක්වූ අමරසේකර මහතා මෙසේද පැවසීය.

2025 ජනවාරි 2 වැනි දා රෑ 9:36 ට ඉන්දියාවේ ගෞතම් අදානිගේ NDTV වෙබ් අඩවියේ මහ භයානක, ඇඟ හරිවැටෙන ප්‍රවෘත්තියක් පළවුණා. නිකිල් පාණ්ඩේ කියන ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති සංස්කරකයා ලියපු ඒ ප්‍රවෘත්තියෙන් කියැවුණේ කෝවිඩ් වසංගතයෙන් අවුරුදු පහකට පස්සේ පුපුරලා ගිය අලුත් වයිරසයකින් චීනයේ රෝහල් පිරී ඉතිරී ගොස් ඇති බවක් සහ ආදාහනාගාර කාර්යබහුල වී ඇති බවක්. ඊට පහුව දා (ජනවාරි 3 වැනි දා) ඉඳලා මේ භයානක ප්‍රවෘත්තිය අපේ සිරිලංකාවේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය එක විදිහට පළ කරන්න පටන්ගත්තා. අපේ ගෙවල්වල මිනිස්සු, යාළුවෝ කලබල වෙලා මට කතා කළා.

2024 /25 මාස් කන්නයේ වී සඳහා සාධරණ සහතික මිලක් පිළිබඳ ගොවිජන යෝජනාවලිය මෙම මස 10 වෙනිදා කෘෂිකර්ම ඇමතිවරයාට බාරදෙන බව ජාතික ගොවිජන එකමුතුු පවසයි. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසුවේ වී වගා කරන සියලු මහා වාරිමාර්ග හා මහවැලි කලාප ගොවිජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් වී ඇතුළු කෘෂි නිෂ්පාදන මිල නියාමන කමිටුව මගින් මෙකී යෝජනාවලිය සකස් කරනු ලබන බවයි වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේද පැවසීය.

ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරීන් 11ක් සඳහා ස්ථාන මාරු කිරීම් ලබාදී තිබේ.

රජයේ ආයතනවල ඉවතලන කඩදාසි සීමාසහිත ජාතික කඩදාසි සමාගමේ වාලච්චේන කඩදාසි කම්හල වෙත බාර දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. වාලච්චේන කඩදාසි කම්හලේ නිෂ්පාදන කටයුතු 2020 වර්ෂයේ දී නැවත ආරම්භ කර ඇති අතර, නිෂ්පාදන කටයුතු සඳහා දැනට යොදා ගැනෙන ප්‍රධානතම අමුද්‍රව්‍ය ඉවතලන කඩදාසි වේ.

1988/1989 සමයේදී මේ රටේ 60000කගේ ජීවිත පරිත්‍යාග නොකරන්නට රට බෙදී වෙන්වී අවුරුදු 30කට වැඩි බව ආචාර්ය අතුල සුමතිපාල මහතා පවසයි. මෙයට වසර 5කට පමණ පෙර අන්තර්ජාල නාලිකාවක් ‍හා සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් මගින් ඔහු මෙම කරුණු අනාවරණය කර ඇති අතර ඔහුගේ කාලීන වැදගත්කම සලකා එය පළ කිරීමට තීරණය කළෙමු.

ශ්‍රී ලංකාව ‘එක් චීනයක් ප්‍රතිපත්තිය’ අඛණ්ඩව අනුගමනය කිරීමට අදාළව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිව තිබෙනවා. ඒ බව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළා.

ලෝකයේ කිසිම රටක් මේ ආකාරයට තමන්ගේ රටේ ජනතාවගේ දත්ත විදෙස් රටක් සතු කර නැති බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ සියලු‍ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලිපියක් යවමින් ප්‍රකාශ කර සිටී.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.