News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගේ විජේරාම නිල නිවසේ ජල සැපයුම විසන්ධි කර ඇති බවට පළවන වාර්තා සම්බන්ධයෙන් හේතු දක්වමින් නිවේදනයක් නිතුක්තර ඇත.

වසර හතක් තිස්සේ උද්ඝෝෂණ කළත් අධිකරණය වෙත ගියත් මෙතෙක් තමුන්ට නිසි විසඳුම් නොලැබුණු බව ETI තැන්පත් කරුවන්ගේ අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති අනූෂා ජයන්ති මහත්මිය සඳහන් කරයි.

එක පෑන් පහරින් රටේ ප්‍රශ්න විසඳන බවට පවසමින් බලයට පැමිණි ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

යුක්රේනය කෘත්‍රිමව නිර්මානය කළ රටක් බවත් යුක්රේනය සෝවියට් සංගමයේ නිර්මාතෘ ව්ලැදිමිර් ලෙනින්ගේ නමින් නම් කිරීමට යෝජනා වූ රටක් බවද ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති ලෙවන් එස් දගාරියන් මහතා පවසයි.

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස නම් කර ඇති අමෙරිකානු ව්‍යාපාරික එලෝන් මස්ක්ද ප්‍රධාන චරිතයක් රඟදක්වනු ලබන අමෙරිකාවේ නව පාලනය යටතේ ක්‍රියාත්මක වන කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුව (DOGE) ශ්‍රී ලංකාවේ දේශගුණයට අනුවර්තනය වීමේ ව්‍යාපෘතියක් ඇතුළුව අනවශ්‍ය වියදම් යැයි චෝදනා එල්ල කර තිබූ ව්‍යාපෘති ගණනාවක් අවසන් කර ඇතැයි වාර්තා වේ.

දිවයින පුරා පසුගිය ඉරිදා (09) වැනිදා විදුලි බිඳ වැටීමට පැලවත්තේ පිහිට පද්දති පාලන මධ්‍යස්තානයේ සිටි ඉංජිනේරුවන් 03දෙනා එම අවස්ථාවේ සේවයේ නොසිටීම හේතුවෙන් බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (13දා) විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පැමිණිල්ලක් ඉදිරිපත් කර ති​​බේ.

අමෙරිකානු ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පත්වීමත් සමග USAID සංවිධානය සම්බන්ධයෙන් කථිකාවක් ආරම්භ වී ඇති බවත් මෙම සංවිධානයේ මුදල් වලින් රටවල් රැසක ආණ්ඩු පෙරළිම සදහා සහ ආණ්ඩු පත්කිරීම සදහා කටයුතු කර ඇති බවත් ලංකාවේද එම සංවිධානයෙන් මුදල් යොදාවා ඇති බවත් එහි මුදල් ලබාගත් නාමලේඛනවල රාජයේ උසස් තැනැත්තන් සිටින බැවින් ජනාධිපතිවරයා ‍ වහාම මැදිහත්වී මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් දෙවන පරපුරේ නායක උවිදු විජේවීර මහතා ප්‍රකාශ කරයි.

ලක්ෂ 3ක හිඟ බිල්පත් නොගෙවීම හේතුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ විජේරාම නිල නිවසේ ආරක්ෂකයින් රැඳී සිටින කොටසක ජල සැපයුම විසන්ධි කර ඇති බව වාර්තා වේ.

ජාතික සංවිධාන එකමුතුව විසින් ගරු විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට ලිපියක් යොමු කරමින් USAID සංවිධානයේ රහසිගත මෙහෙයුම් හෙළිදරව් කරන ලෙස ඉල්ලා ඇත.


ප්‍රධාන පුවත්

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.