News Category
From Date
To Date
Maximum Number of Result

USAID සංවිධානය මගින් මෙරටට ලැබුණු ඩොලර් බිලියන 7.9 ක මුදල් සමරිසි ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ඇති බවත්. මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ නමද එම මුදල් ලබාගත් නාම ලේඛනයන්හි පවතින බැවින් ඒ සම්බන්දයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් මෙම චෝදනාව ඉතා බරපතළ බවත් ජාතික කාන්තා ඒකමුතුවේ සභාපති හෂිනි සිල්වා මහත්මිය ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම වාසිදායක ආයෝජනයක් වෙනුවෙන් කරන නාට්‍යයක් බව ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා පැවසීය. අදානි සමාගම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් ඉවත්වීම පිළිබඳව ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීම සඳහා ජන අරගල සන්ධානය පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එහි ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා එසේ කීය.

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය අද (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

වත්මන් රජයේ අයවැය ඉදිරිපත් කිරීමට සූදානම් වෙද්දී විපක්ෂයේ ඇතැම් පිරිස් අයවැයට උපදෙස් ලබාදීමට පටන්ගෙන තිබෙනවා. ඔවුන්ගේ කාලයේ ඉදිරිපත් කළ අයවැයෙන් රට බංකොලොත් වී තිබෙනවා. බංකොලොත් අයවැය ගෙනා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ උපදෙස් අපට අවශ්‍ය නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

8 වන ඉන්දියානු සාගර සමුළුවට සමගාමීව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16), ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා හමුව තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හොර රහසේ පැමිණෙන බව කියන භාවනා මධ්‍යස්ථානයක් පිළිබඳ වාර්තා වනවා.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහ සහ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී පවත්වා ඇති බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ X ගිණුමේ වාර්තා කර ඇත.

එක්සත් ජාතික පක්ෂය (UNP) සමග සාකච්ඡා පැවැත්වීම සඳහා සමගි ජන බලවේගය (SJB) වෙනුවෙන් පත්කළ කමිටුවෙන් තමන් ඉවත්වන බව තිස්ස අත්තනායක මහතා පවසා ඇත. තිස්ත අත්තනායක මහතා සමගි ජන බලවේගය ජාතික සංවිධායකවරයාය.

හෙට (17) ඉදිරිපත් කිරීමට නියමිත 2025 වසර අයවැය අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (16) නිරීක්ෂණය කළේය.


ප්‍රධාන පුවත්

‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්

මේ වසරේ පනවා ඇති බදුවල කිසිදු අඩු කිරීමක් සිදු නොකරන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

තමන් දේශපාලන සහ සිවිල් අයිතීන් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ යටතේ අත්අඩංගුවට ගෙන දීර්ඝ කාලයක් අත්අඩංගුවේ රඳවා ගැනීමේ සූදානමක් ඇති බව පිවිතුරු හෙළ උරුමෙන් නායක හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..

මේ වන විට ගෝලීය වශයෙන් ඇතිවී තිබෙන යුදමය වාතාවරණය මෙන්ම විශේෂයෙන් ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත පැමිණ ඇති නව ලෝක යුධ වාතාවරණය මගින් ශ්‍රී ලංකාවට එල්ලවන අභියෝග පිළිබඳව ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ් මහත්මිය විසින් කරුණු දක්වා තිබේ.

ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ

ඊශ්‍රායල ආරක්ෂක හමුදා (IDF) ඊයේ(13) ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කළ අතර, එයට ටෙහෙරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරයකින් ප්‍රතිචාර දැක්වීය. මේ අතර බටහිර ජෙරුසලම පැවසුවේ මෙම ප්‍රහාර ටෙහෙරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්වීම අරමුණු කරගත් බවයි.

ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ලකළ දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවට පළිගැනීමක් ලෙස ඉරානය විසින් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල හා ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි

2020 ඔක්තෝබර් 13 වනදා සිට සීනි බද්ධ රුපියල් 50 සිට ශත 25 දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දුන්නේය.

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උත්සවයක්..

රුසියානු ජාතික දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති කාර්යාලය පසුගිය ජූනි 11 වන දින සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි..

ඊශ්‍රායල ප්‍රහාරයට 'දැඩි දඬුවම්' ලබා දෙනවා- ඉරානය සපථ කරයි.

ඉරානය තම භූමියට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලට පළිගන්නා බව ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි අද(13) ප්‍රකාශ කළේ ප්‍රහාරයෙන් ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරීන් මිය ගිය බව තහවුරු කරමිනි.

විදුලි ගාස්තු වැඩිකිරීමට IMF කළ බලපෑම මෙන්න..

ශ්‍රී ලංකාවට අදාළව විස්තීරණ ණය පහසුකමේ සිව් වන ඇගයීම සම්පූර්ණ කිරීම ජාත්‍යතර මූල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩල තීරණය මත පදනම් වන බවත්, ශ්‍රී ලංකා රජය ප්‍රකාශයට පත්කළ විදුලි ගාස්තු සංශෝධනය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන ගිය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

දරුවන් 60 ලක්ෂයක් වෙනුවෙන් කතාකළ කාන්තා පරපුර සංවිධානයට ජ්‍යෙෂ්ඨ නිතිඥ කල්‍යානන්ද තිරාණගම මහතාගෙන් මල් මිටක්..

පසුගිය 11 වැනිදා මානව හිමිකම් කොමිසමට විරෝධතා පෙත්සමක් ඉදිරිපත් කරමින් එම කොමිසම විසින් දණ්ඩනීති සංග්‍රහයේ 365 සහ 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා ගනු ලබන උත්සාහයට විරෝධය පළ කිරීම සඳහා කාන්තා පරපුර සංවිධානය කටයුතු කරනු ලැබීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.