News Category
From Date
To Date
Maximum Number of Result

මේක පාස්කු මහ නඩුව නෙමෙයි.. සැබෑ මහ මොළකරුවන් හෙළිදරව් කළ යුතුයි..

Sep 24, 2026 at 04:34 AM
|

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිටුපස සිටි සැබෑ කුමන්ත්‍රණකරුවන් සහ මහ මොළකරුවන් කවුරුන්ද යන්න විධිමත් පරීක්ෂණයකින් අනාවරණය කරගෙන ඔවුන් නීතිය හමුවට පැමිණවීම අත්‍යවශ්‍ය කරුණක් බව කතෝලික සභාව අවධාරණය කරයි. 

මාධ්‍ය හමුවකට එක්වෙමින් කතෝලික සභාවේ ජාතික මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමන් සඳහන් කළේ, සහරාන් හෂීම් ඇතුළු කල්ලියේ 25 දෙනෙකුට එරෙහිව පැවති නඩු තීන්දුව මඟින් වින්දිතයන්ට සහ ජාතික ආරක්ෂාවට යම් සාධාරණයක් ඉටු වුවද, එය සමස්ත පාස්කු ප්‍රහාරයට අදාළ එක් නඩුවක් පමණක් බවයි. 

මාධ්‍ය විසින් මෙය 'මහ නඩුව' ලෙස හැඳින්වුව ද සැබෑ ලෙසම ප්‍රහාරය පිටුපස වූ සමස්ත කුමන්ත්‍රණය පිළිබඳව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක විය යුතු බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්හ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පියතුමන් සඳහන් කළේ චැනල් 4 නාලිකාවේ හෙළිදරව් කිරීම් පදනම් කරගනිමින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සිදුවන විමර්ශන සහ සුරේෂ් සලේ ඇතුළු පුද්ගලයන් සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ග තවමත් පරීක්ෂණ මට්ටමේ පවතින බවයි. 

එමෙන්ම ප්‍රහාරයෙන් හානියට පත් වින්දිතයන් විසින් වන්දි ඉල්ලා ගොනු කළ නඩු 100කට අධික ප්‍රමාණයක් තවමත් විවිධ අධිකරණවල විභාග වෙමින් පවතින බව සිරිල් ගාමිණී පියතුමා පෙන්වා දුන්හ. 

පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වූ නිලධාරීන් දෙදෙනෙකුට දඬුවම් නියම වී ඇති නමුත්, රාජකාරිය පැහැරහැරි අනෙකුත් නිලධාරීන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව සිරිල් ගාමිණී පියතුමා අවධාරණය කළහ. 

ඒ අනුව සහරාන්ට සහාය දුන් පිරිසට දඬුවම් ලැබීමට එහා ගොස්, මෙම ඛේදනීය ප්‍රහාරය සැලසුම් කළ සැබෑ මහ මොළකරුවන් කඩිනමින් නීතිය හමුවට පමුණුවනු ඇතැයි කතෝලික සභාව අපේක්ෂා කරයි.

සම්බන්ධිත පුවත් | Related News

‍22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරමින් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
පාස්කු ප්‍රහාරය සිදුවීම බුද්ධි අංශ විසින් නතර කිරීමට තිබූ දෙයක් බවත්, එහෙත් යම්කිසි බලවේගයක් විසින් එසේ කිරීමට ඉඩ ලබා නොදුන් බවත් ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති පසුබිමක, ඒ පිළිබඳ අවසන් තීරණය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හෘද සාක්ෂියට අනුව ගැනීමට ඉඩ සලසන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි.
ඇමරිකානු රාජ්‍ය සංචාරයක් සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං අද (23) පස්වරුවේ විශේෂ ගුවන් යානයකින් බෙයිජිං අගනුවරින් පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.
ගමට සුදුසු 5G නොව 4G දුරකතන සම්ප්‍රේෂණ කුලුනු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රි රවීන්ද්‍ර බණ්ඩාර පවසයි.
ඉදිරියේදී ඉන්ධන මිල සම්බන්ධයෙන් සහනාධාරයක් ලබාදීම හෝ මිල සංශෝධනයක් සිදුකිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා කරමින් පවතින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පවසයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවයට එයාර්බස් මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ලබන 30 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසෙන අද (23) නියෝග කළේය.
වෙනිසියුලානු හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ අත්අඩංගුවට ගැනීමෙන් පසු පළමු වරට, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ වෙනිසියුලානු අන්තර්වාර ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් හමුවී තිබේ.
ශ්‍රී ලංකාවේ උද්ධමන ඉලක්කය සියයට 5ක මට්ටමේ පවත්වාගෙන යාම සුදුසු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රජයට අවධාරණය කර තිබේ.

ප්‍රධාන පුවත්

ත්‍රස්තවාදීන්ව උතුරේ සමරනවා.. නීතිය සැමට පොදුයි කියලා ජනපතියි, අමගැමතිනියි කියනවා.. ඒත් දෙමළ ජාතිවාදී, බෙදුම්වාදී බලවේග හමුවේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ.. - විමල් වීරවංශ

තහනම් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ප්‍රබලයකු වන තිලීපන් (රාසයියා පාර්තිපන්) වෙනුවෙන් යාපනයේ නල්ලූර් ප්‍රදේශයේ ලෝකඩ ප්‍රතිමාවක් ස්ථාපනය කර සැමරුම් පැවැත්වීමට ඉඩදීම සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා රජයට දැඩි චෝදනා එල්ල කරයි.

සලේගේ වෛද්‍ය වාර්තාව ගැන අධිකරණයේදී හෙළි වූ කරුණු..

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින විශ්‍රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතාගේ හෘදය වස්තුව ඉදිමීමකට ලක්ව ඇති බවත්, එය පාලනය සඳහා හෘදය වස්තුවට උපකරණයක් සවිකර ඇති බවත් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (22) අනාවරණය විය.

ඇමරිකාව රතුමූදෙන් පන්නාදමා යේමනයට රිදෙන්න ගහපු හුතීන් කවුද?

දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා දිවයින ඔන්ලයින් (Divaina Online) යූටියුබ් නාලිකාව සමඟ එක්වෙමින් පවසන්නේ වත්මන් මැදපෙරදිග කලාපයේ දේශපාලන සහ ආරක්ෂක තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් දිශාවකට ගමන් කරමින් පවතින බවයි.

පාස්කු ප්‍රහාර නඩුවේ වරදකරුවන් 15ට වසර 200 සිට 260 දක්වා සිරදඬුවම්..

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර ප්‍රධාන නඩුවේ වරදකරුවන් 15 දෙනාට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් වෙන වෙනම දඩුවම් නියම විය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් ලෙස නම් කෙරේ.. 9 දෙනෙකු නිදොස්කොට නිදහස්..

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට අදාළව කුමන්ත්‍රණය කිරීම සහ ඊට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270කට අධික සංඛ්‍යාවක් යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව මේ වනවිට ප්‍රකාශ කරමින් පවති.

ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් ජනාධිපති සමාව අහිමි වීම දක්වා ආ ගමන ගැන කියන කතාව..

රටේ පවතින නීතියට ගරු කිරීම භික්ෂූන් වහන්සේලා ඇතුළු සෑම පුරවැසියෙකුගේම වගකීමක් බැවින් තමන් වහන්සේ නීතියට හිස නමන බවත්, තමන් සිදුකළ අරගලය කිසිදු පෞද්ගලික හෝ දේශපාලනික න්‍යායපත්‍රයක් වෙනුවෙන් නොව ජාතියේ හා ශාසනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් සිදුකළ එකක් බවත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.

22 සම්මත කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දෙයි..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.

නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම: නීතිය ක්‍රියාත්මක කිරීමක්ද?.. දේශපාලන දඩයමක්ද?..

2013 වසරේ සිදුවූ බව කියන එයාර්බස් (Airbus) ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැය පහක දීර්ඝ ප්‍රශ්න කිරීමකින් අනතුරුව සැප්තැම්බර් 4 වනදා අත්අඩංගුවට ගන්නා ලදී.

සවුදිය අර්බුදයක.. සටන් විරාමයක් සඳහා සතර අතට පණිවිඩ යවයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

සවුදි අරාබිය මේ වන විට දැඩි දේශපාලනික සහ ආරක්ෂක අර්බුදයකට මුහුණ දී සිටින බවත්, සටන් විරාමයක් ලබා ගැනීම සඳහා විවිධ පාර්ශ්ව වෙත පණිවිඩ යොමු කරමින් සිටින බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ආණ්ඩුව යමින් ඉන්නේ ආසියාවේ ඊශ්‍රායලයත්, පලස්තීනයත් මේ රටේ බිහි කරන ගමනක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

වත්මන් රජය ක්‍රියාත්මක කරන විදේශීය සහ දේශපාලනික වැඩපිළිවෙළ හේතුවෙන් ශ්‍රී ලංකාව අනාගතයේදී ආසියාවේ ඊශ්‍රායලය සහ පලස්තීනය බවට පත්වීමේ බරපතල අවදානමක් මතුවෙමින් පවතින බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

තිලීපන්ගේ පිළිමයට මල් තියන්න සිසුන් යැව්වේ අධ්‍යාපන බලධාරීන්.. - ජාතික ගුරු ව්‍යාපාරයෙන් හෙළිදරව්වක්..

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ හිටපු ප්‍රබලයෙකු වූ ලුතිනන් කර්නල් තිලීපන් නැමැත්තා සැමරීම සඳහා යාපනය නල්ලූර් ප්‍රදේශයේ ඉදිකර ඇති ලෝහමය පිළිමය අසලට පාසල් නිල ඇඳුමින් සැරසුණු සිසු දැරියන් හා ගුරුවරුන් කැඳවාගෙන ගොස් උපහාර දැක්වීමේ බරපතල සිදුවීමට එරෙහිව ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධ ජාතික ගුරු ව්‍යාපාරය අධ්‍යාපන අමාත්‍යාංශය හමුවේ සිය දැඩි විරෝධය පළ කර සිටියි.

22 ගැන ශ්‍රේෂ්ඨාධිකරණ රහස් තීරණය කථානායක අතට..

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායක ජගත් වික්‍රමරත්න මහතා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

ලොව ප්‍රථම කාන්තාවන් විසින් මෙහෙයවන රාජ්‍යනොවන සංවිධාන ඵලදායකද?..

ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ඇතුළු ලොව බලවත් රටවල රාජ්‍ය ප්‍රධානීන්ගේ හෝ අගමැතිවරුන්ගේ භාර්යාවන් (First Ladies / Spouses) විසින් සමාජ සේවා, පුණ්‍යාධාර සහ සහන සංවිධාන මෙහෙයවීම හෝ ඒවායේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දැරීම සාමාන්‍යයෙන් සිදුවන්නකි.

නාවික හමුදා ඔත්තු සේවා නිලධාරීන් දඩයම් කිරීමේ නව ප්‍රවනතාවක්..

ලංකා ලීඩර් වෙත වාර්තා වී ඇති ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව විසින් නාවික හමුදාවේ ඔත්තු සේවාවේ කාන්තා නිලධාරීන් දෙදෙනෙකු 2008 දී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන ඇත.

ජනපතිගේ බිලියන 90, කෝටි 900යේ ප්‍රශ්නය chat gpt විසඳූ අයුරු මෙන්න..

ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම සඳහා පොළී රහිතව ණය දීමට බිලියන 90ක් නැතිනම් කෝටි 900ක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ අකුරැස්සේ පැවති ජන රැලියක දී සඳහන් කළේය.

තමන්ගේ සමාජ, සංස්කෘතික නායකයින් ලෙස ත්‍රස්තවාදීන් සමරන්නේ මොන රටේ ද?..

ජනතාවට තමන්ගේ හිතවතුන්, සමාජ, සංස්කෘතික නායකයන් සැමරීමට තිබෙන අයිතිය උතුරේ ද දකුණේ ද පිළිගන්නා බව ජනාධිපතිවරයාත් පවසා ඇති හෙයින් එය එසේම පිළිගන්නා බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.