News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ චීන රාජ්‍ය සංචාරයේ අවසන් දිනය අදයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් සිය අවසන් වාර්තාව මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් අද (17) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.

මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතාගේ නම අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇත.

මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබේ. මෙහිදී සජිත ප්‍රේමදාස ඉන්දියාවේ දිගුකාලීන සහයෝගයට කෘතඥතාව පළ කර තිබේ.

බේරුවල සමූපකාර සමිතියට නව නිලධාරීන් තෝරා ගැනීමට පැවති නිලවරණයෙන් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

මැතිවරණයට පෙර වත්මන් ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඉටු කිරීමට අඩිතාලමක් සකස් කිරීමට සූදානම් බවක් විසර්ජන පනත් කෙටුම්පත දිහා බලද්දී නොපෙනෙන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය, වසන්ත අතුකෝරළ මහතා පවසයි.

ජනපති අනුර කුමාර දිසානායක සිදුකරන චීනයේ සිව්දින රාජ්‍ය සංචාරයේ (16) ඒකාබද්ධ ප්‍රකාශය මේ වන විට නිකුත්කර තිබෙනවා. සුහදශීලී සහ මිත්‍රශීලී වාතාවරණයක් තුළ, දෙපාර්ශ්වයම ගැඹුරු අදහස් හුවමාරු කර ගත් අතර චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ගැඹුරු කිරීම සහ උසස් තත්ත්වයේ එක් තීරයක් සහ මාවතක් මෙන්ම බහු-ආංශික ප්‍රායෝගික සහයෝගීතාව ඉදිරියට ගෙන යාමටත් අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය සහ ජාත්‍යන්තර ගැටළු පිළිබඳව පුළුල් පොදු අවබෝධයකටත් මෙහිදී එළඹුණ බව සඳහන්.

චීන ජනාධිපති ෂී ජින්පිං (Xi Jinping) මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇරයුම් කර තිබේ. තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළකිරීම සඳහා මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායතක්වයට ඇරයුම් කර ඇත. චීන ජනාධිපති ෂී ජි


ප්‍රධාන පුවත්

චාල්ස් තෝමස් නම් තැනැත්තා පාදෙණිය රජ මහා විහාරයේ පැවැත්වීමට සූදානම් වන වැඩසටහන වහා අවලංගු කරන්නැයි මල්වතු මහනායක හිමියෝ දන්වති..

බෞද්ධයන් අත්‍යාගමීකරණයට ලක්කරන බවට චෝදනා එල්ලවී ඇති චාල්ස් තෝමස් නමැති පුද්ගලයා විසින් මල්වතු විහාර පාර්ශ්වයට අයත් පාදෙණිය රජ මහා විහාරයේ දී පැවැත්වීමට නියමිත වඩසටහනක් සම්බන්ධයෙන් බෞද්ධ ජනතාවගේ විරෝධය මේ වන විට එල්ලවී ඇති බව සඳහන් කරමින් මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමිපාණන් වහන්සේ විසින් පාදෙණිය රජ මහා විහාරධිපති හිමියන්ට යොමුකළ ලිපියක් අප වෙත ලැබී තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.