ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.
තම සංඝ සභාව සහභාගී කර නොගෙන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමඟ ඊයේ සාකච්ඡාවක් සිදුකළ අයුරු මාධ්‍ය ඔස්සේ දැක තම සංඝ සභාව මවිතයට පත්වූ බව උන්වහන්සේ සඳහන් කළේය.
එමඟින් උන්වහන්සේ පෙන්වා දී ඇත්තේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තම සංඝ සභාවේ භික්ෂුවක් වන බැවින් උන්වහන්සේගේ චීවරය තබාගැනීම හෝ ඉවත් කිරීම පිළිබඳව බලය ඇත්තේද තම සංඝ සභාවට බවය.
එසේ තිබියදී තම සංඝ සභාව සහභාගී කර නොගෙන ඊයේ (08) දින නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පිරිසක් සමඟ සාකච්ඡාවක් සිදුකරනු ලැබූ පුවත මාධ්‍ය ඔස්සේ දැක තම සංඝ සභාව මවිතයට පත්වූ බව එම ලිපියේ සඳහන්වේ.
එමෙන්ම අදාළ කාරණය සුදුසු පරිදි විසඳී නැතැයි සිය විශ්වාස බව එහි දක්වා ඇත.
එබැවින් තම සංඝ සභාව සමග සාකච්ඡාවකට පැමිණෙන ලෙස එම ලිපියෙන් ජනාධිපතිවරයාට ඉල්ලීමක් කර තිබේ.
උපුටා ගැනීම…
අප මහා සංඝ සභාවටත් පොදුවේ සමස්ත මහා සංඝ රත්නයටත් බෞද්ධ සමාජයටත් බලපා ඇති මෙම ගැටලුව පිළිබඳ ඔබතුමා සමඟ සාකච්ඡා කිරීමට අප මහා සංඝ සභාවට අවශ්‍ය වී ඇත.
එබැවින් ඥානසාර හිමියන් නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර අප වෙත දිනයක් සහ වේලාවක් ලබාදී ඓතිහාසික කෝට්ටේ රාජ මහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයට අදාළ ඇමතිවරු සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද සමඟ පැමිණෙන ලෙස අතිගරු මහානායක නාහිමිපානන් වහන්සේගේ අනුමැතියෙන් ඔබතුමන් වෙත කරුණාවෙන් දන්වමි.
උපුටා ගැනීම අවසන්…
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..