අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ විමල්ට එරෙහිව නඩු පැවරීමේ තීරණයක්..
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
පසුගිය සැප්තැම්බර් මාසයේදී අනුරාධපුරයේ පැවැති ජනරැලියක් අමතමින් අධිකරණ නියෝගයක් විවේචනය කිරීම සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අංක 01 හි විභාග වන නඩුවකට අදාළ 04 වන සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට 2026 සැප්තැම්බර් 04 වන දින නිකුත් කළ අධිකරණ නියෝගය ඔහු විසින් මෙලෙස විවේචනයට ලක්කර ඇති බව සඳහන් වේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක බෝදරගම මහතා විසින් පොලිස්පතිවරයා වෙත කරන ලද ලිඛිත නියෝගයකට අනුව මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් ආරම්භ කර තිබේ. එහිදී අදාළ ප්‍රකාශය විකාශය කළ ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකා 07 කින් සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන ලබා ගැනීමට ද පියවර ගෙන ඇත.
මීට අමතරව, අදාළ රැලිය සංවිධානය කළ පුද්ගලයන්, නිවේදකයන්, මාධ්‍යවේදීන්, ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්, ප්‍රදේශවාසීන් සහ ශබ්ද විකාශන යන්ත්‍ර සපයන්නන් ඇතුළු පිරිසගෙන් දීර්ඝ ලෙස සාක්ෂි සටහන් කරගෙන තිබේ.
එම විමර්ශන වාර්තා සහ වීඩියෝ දර්ශන සහිත DVD තැටි කොළඹ අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, 2024 අංක 08 දරන අධිකරණයට අපහාස කිරීමේ පනතේ ප්‍රතිපාදනවලට අනුව ඉදිරි නෛතික කටයුතු සඳහා අදාළ ලිපිගොනු අධිකරණ රෙජිස්ට්‍රාර්වරිය වෙත භාරදී ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..