News Category
From Date
To Date
Maximum Number of Result

අත්අඩංගුවට පත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂගේ මිත්තණියක වන ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහට රුපියල් මිලියන 5 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඇප නියම කර තිබෙනවා.

මිනිස් පරිභෝජනයට නුසුදුසු අපිරිසිදු පොල්තෙල් තොගයක් දේශීය වෙළෙඳපොළට පැමිණ ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

දේවගැති ජෙරම් ප්‍රනාන්දු හට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ.

ඩේසි ෆොරස්ට් වික්‍රමසිංහ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

රටේ සාමයට, සෞභාග්‍යයට සහ සුචරිතවාදයට ඉවහල් වන යෝජිත විශේෂ ආගමික ක්‍රියාදාමය දේශපාලන ආයුධ බවට පත් කර නොගෙන පළාත් පාලන මැතිවරණය අවසන් වූ පසු සිදු කිරීම වඩාත් සදාචාර සම්පන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04දා) පැවසීය.

ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි සුවිශේෂී ම පහතරට වැසි වනාන්තරය වන කොට්ටව – කෝඹල සංරක්ෂිත වනාන්තරයේ ඉඩම් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකු විසින් ගාල්ල දිසා වන නිලධාරී හා පාර්ලිමේන්තු මන්ත්‍රී, කෝප් කමිටුවේ සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර යන අයට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර රක්ෂිත ඉඩම් බෙදා ගැනීමේ සැලැසුමක් ක්‍රියාත්මක වේ.

වී අලෙවි මණ්ඩලයේ ගබඩාවලට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කිසිදු ගොවියකු මෙතෙක් වී ලබා දී නැතැයි වී ගබඩා පාලකයෝ පවසති.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී එළැඹෙන අප්‍රේල් මාසයේදී මෙරට සංචාරයක නිරත වීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග වාර්තා කරනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක ගිය වසරේදී ඉන්දියාවේදී සිදුකළ සංචාරයේදී ඉන්දීය අගමැතිවරයාට මෙරටට පැමිණෙන ලෙසට ආරාධනා කර තිබුණා. එම ආරාධනාව පිළිගනිමින් එරට ජනාධිපතිවරයා මෙරටට පැමිණෙනු ඇති බවයා ඉන්දියානු පුවත් වාර්තා කර ඇත්තේ.

රටේ තියෙන සංකීර්ණ තත්ත්වයත් සමග කැබිනට් එක අඩුම තිහක්වත් විය යුතු බවත්, එවැනි කැබිනට් එකක් නියෝජනය කරන අයට වරප්‍රසාද දුන්නා දිය යුතු බවත් ඔවුන්ට වරාප්‍රසාද දුන්නා කියා රට කඩා නොවැටෙන බවත් හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පවසයි. ඔහු මෙම අදහස් පවසා ඇත්තේ ජාතික පුවත පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින්


ප්‍රධාන පුවත්

උතුරේ සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි 01 දා සවස 2 ට කොළඹ පුස්තකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී..

මව්බිමේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සැමරුමෙන් පසු අපගේ කාර්යභාරය සහ උතුරුකරයේ පදිංචි සිංහල ජනයාගේ හිමිකම් සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ විද්වත් කථිකාව ජූලි මස 01 දා සවස 2 ට කොළඹ පුස්ථකාල සේවා මණ්ඩල, ප්‍රලේඛන ශ්‍රවනාගාරයේ දී පැවැත් වේ.

60 ලක්ෂයක දරුවන් අනාරක්ෂිත කරමින්, අධිකරණ ඇමැතිවරයාට බලපෑම් කර දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීමට මානව හිමිකම් කොමිසම දරණ උත්සාහයට කාන්තා පරපුර සංවිධානයේ විරෝධය..

දණ්ඩනීති සංග්‍රහයේ 365, 365 (අ) වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකරණ ඇමැතිවරයාට බල කිරීම මගින් දරුවන් ලක්ෂ 60ක් ලිංගික අපචාර සහ සමලිංගික ක්‍රියාවලට ගොදුරු කිරීමට ගන්නා උත්සාහයට විරෝධය පළ කරමින් කාන්තා පරපුර සංවිධානය විසින් මානව හිමිකම් කොමිසමට තම විරෝධය පළකර තිබේ.

දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම මගින් ළමා අපචාර සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කිරීම: ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව

ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය විසින් පලකරනු ලැබූ ඉහත කරුණ සම්බන්ධයෙන් අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පිළිබඳව "Mothers' Movement" හි කැඳවුම්කරු ක්‍රිෂාන්ත රත්නවීර මහතා අප වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාතික සංවිධාන එකමුතුව විසින් කැඳවනු ලැබූ එම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගි වූ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය සකුන්තලා මෙන්ඩිස් මහත්මිය "Mothers' Movement "හි සාමාජිකාවක් නොවන බවයි.

දින කිහිපයක් තිස්සේ ගැටුම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයට ඇඳිරි නීතිය පනවයි

නීතිවිරෝධී ආගමන නැවැත්වීම අරමුණු කරගනිමින් කළ වැටලීම් වලට එරෙහිව ඇති වූ කැරලි ගැසීම් සහ කොල්ලකෑම් හේතුවෙන් ලොස් ඇන්ජලීස් නගරයේ ඇඳිරි නීතිය පනවා ඇතැයි වාර්තා වේ.

විදුලි ගාස්තුව සියයට 15කින් ඉහළට..

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි 2025 වසරේ දෙවන අර්ධය සඳහා විදුලි ගාස්තුව සමස්තයක් ලෙස 15%කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ.

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්නම් ඒ සඳහා ජනාධිපති ලේකම්, අධිකරණ ලේකම් සැකකරුවන් ලෙස නම් කළ යුතුයි..

ජනාධිපති සමාව යටතේ වැරදි පුද්ගලයන් නිදහස් කර ඇත්තේ නම් ඒ සඳහා අධිකරණ අමාත්‍යංශය ලේකම්වරයා මෙන්ම ජනාධිපති ලේකම්වරයාද සැකකරුවන් ලෙස නම් කළ යුතු බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් උපුල් උපුල් තෝරදෙණිය වෙනුවෙන් අධිකරණයේ පිණිස සිටිමින් නීතිඥ දර්ශන කුරූප්පු මහතා ඊයේ පැවසුවේය.

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.