News Category
From Date
To Date
Maximum Number of Result

“පෝලන්ත බලධාරින් පවසන පරිදි පෝලන්ත හමුදා යුක්රේන භූමියට ඇතුළු වන්නේ , යුක්රේන-බෙලාරුසියානු දේශසීමාව ආරක්ෂා කර ගැනීම සඳහා හෝ වෙනත් ස්ථානවල යුක්රේන හමුදාවන්ගේ යුද භූමියේ පසුපස සිටින හමුදා ඒකක නිදහස් කර යුද පෙරමුණේ සටන්වලට සහභාගී වීමට නම්, මම හිතන්නේ පෝලන්ත හමුදා කිසි විටෙකත් ආපසු නොයනු ඇතැයි කියායි. ”පුටින් පැවසීය.

සමස්ත රටම ඉන්දියාවට පාවා දෙන එට්කා ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව එය ආපසු හැරවීම කිසි විටකත් කළ නොහැකි භයානක ගිවිසුමක් බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි. ඊයේ (12) කොළඹ 7 නිදහස් මාවතේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මධ්‍යස්ථානයේදී මහාචාර්ය පූජ්‍යය මැදගොඩ අභයතිස්ස හිමිගේ සහ ආචාර්ය ගුණදාස අමරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති " ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම එට්කා: අවසන් සැතපුම" කෘතිය ජනගත කිරීමේ උත්සවයේදී ඒ මහතා මේ බව පැවසීය.

'ඉන්දියානු ආක්‍රමණයේ මාර්ග සිතියම... එට්කා අවසන් සැතපුම' කෘතිය කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ පිහිටි පුස්තකාල හා ප්‍රලේඛන සේවා ශ්‍රවණාගාරයේ අද (මාර්තු 12) දින ජනගත කිරීම සිදුවිය.

මෙම වසරේ පළමු මාස තුනේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවූ වෙඩි තැබීමේ සිද්ධීන් 30කින් පුද්ගලයන් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පවසයි.

සියලු ජාතික බලවේග ඒකරාශී කොට ඒකීය ශ්‍රී ලංකාවක් තුළ බුද්ධ ශාසනයේ සහ රටේ ඉදිරි පැවැත්ම උදෙසා සවිමත් ජාතික ව්‍යාපාරයක් බිහි කිරීමට ‘ජාතික උපදේශක සභාව’ නමින් ජාතික ව්‍යාපාරයක් සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ මූලිකත්වයෙන් පිහිටුවන ලද අතර මෙහි හතර වන රැස්වීම පසුගිය මාර්තු 08 වැනිදා පවත්වන ලදී.

ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල (NSBM) යටතේ වෛද්‍ය පීඨයක් පිහිටුවීම සඳහා හෝමාගම මූලික රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් ලෙස උසස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

පවතින අධික උණුසුම් කාලගුණය හමුවේ ජලය සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

චීනය යනු ශ්‍රී ලංකාවට දුෂ්කර සහ අභියෝගාත්මක සෑම අවස්ථාවකදීම උදව් කළ රාජ්‍යයක් බවත් නමුත් ශ්‍රී ලංකාවේ කලින් කලට සිදුවන දේශපාලන වෙනස්කම් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර මිත්‍රත්වය පළුදු අවස්ථාවන් ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

ආර්ථික සහ දේශපාලනික අර්බුදය තුළ ජනවරමට පිටුපාමින් නැවත නිවැරදි කරගත නොහැකි ලෙස රට විදේශීය ආධිපත්‍යයට යටත් කිරීම, ආර්ථික මරමස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවට, මහ නායක හිමිවරුන්ගේ අනුශාසනා පිළිගත යුතු බවට පක්ෂ විපක්ෂ සියලු දෙනාට දැනුම් දීම සඳහා පැවැත්වෙන ත්‍රෛනිකායික විශේෂ ජාතික මහා සඟ සමුළුව 2024 මාර්තු 14 දා සවස 3.00 ට කැලණිය, නාමල්වත්ත මහා විහාරීය සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ.


ප්‍රධාන පුවත්

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.