News Category
From Date
To Date
Maximum Number of Result

රට තුළ දැනට ක්‍රියාත්මකව පවතින ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළ මොනයම් හා ආකාරයකින් හෝ ආපසු හැරවීමක් සිදුවුවහොත් පසුගිය වසර දෙකක කාලය තුළ අත්විඳි අන්දමේ අර්බුදකාරී තත්ත්වයක් නැවත ඇතිවිය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පැන නැගී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (27) සර්වජන ජනාධිපති අපේක්ෂක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා මුණ ගැසුණි.

පසුගිය දා ඉන්දියාවේ අහමද්බාද් ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයයන් සිව් දෙනා ISIS සමාජිකයන් බව ප්‍රකාශ කෙරුන ද ඔවුන් එම ත්‍රස්ත ජාලයට සම්බන්ධ නැති බවත්, මෙම සිදුවීමේ තිරනාටකය ලියා ඇත්තේ ඉන්දියාවේ 'රෝ' සංවිධානය බවත් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීකයකු වන අහමඩ් ෆාරුක් මහතා පවසයි.

හිටපු අමාත්‍ය ඒ. එච්. එම් ෆවුසි මහතාට වසර 2ක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එය වසර 10ක කාලයකට අත්හිටුවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (27) නියෝග කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිගාමඩුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා පළාත් පාලන නියෝජිතයින් රැසක් සමග ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීමට එක්ව තිබේ.

බෞද්ධ ශිෂ්ටාචාරගත උරුමය මත පදනම්ව, සිංහල, දෙමළ, මුස්ලිම් ජාතික සමගිය වෙනුවෙන් කැප වූ මෙරට දෑහිතකාමී, දේශමාමක බලවේගයන්ගේ දේශපාලන කඳවුර වන සර්වජන බලයෙහි "තරු ලකුණ" අද රටම දිදුලමින් යන ගමන හමුවේ මෙතෙක් නිරාගමික ස්ථාවරයක සිට බුදු දහමට අපහාස කළ ජාතික ජන බලවේගයේ නායකයන්ට "ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය..." යනුවෙන් සඳහන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 9 වැනි වගන්තිය රකින හැටි කතා කිරීමට සිදුව ඇතැයි සර්වජන බලය විධායක සභික, ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

2024 ජනාධිපතිවරණයට අදාළව මේවන වනවිට පැමිණිලි 1052ක් ලැබී ඇතිබව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

හතිය රෝගයට ලබාදෙන ‘ඉන්හේලර්’ (උරන බෙහෙත්) වර්ග රජයේ රෝහල් තුළ නොමැති වීමෙන් රෝගී ජීවිත බරපතළ අවදානමකට ලක්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

තමන් සමඟ සිටින ආර්ථික කණ්ඩායම අභිබවා යා හැකි කණ්ඩායමක් වෙනත් කිසිදු පක්ෂයක නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වත්මන් පාලනය රට හමුදා සහ සංවර්ධන ජයග්‍රහණ අත්කර දුන් නායකයින්ගෙන් පළිගනිමින්, ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසන ව්‍යවස්ථාපිත ඒකාධිපති ගමනක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..

යේමනයේ හූති (අන්සාර් අල්ලාහ්) ව්‍යාපාරය රතු මුහුදු වෙරළ තීරය ඔස්සේ සිය හමුදා වේගයෙන් ඉදිරියට මෙහෙයවමින් උපායමාර්ගික නගරයක් වන අල්-මකා (මෝකා) සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි පෙරිම්/මයුන් දූපතේ පාලනය අත්පත් කරගෙන තිබේ.

ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ

මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.