ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක්.!
2025 නව වසරේ අලුත් පරිවර්ථනයකට ලක්කිරීමේ අභියෝගය රජය සතු වන බව, ජනාධිපති අනුර කුමාර දිසානායක Clean Sri Lanka ජාතික වැඩසටහන අරඹමින් සදහන් කරයි.
නීතිය විධානය අධිපාත්‍ය යළි තහවුරු කිරීම වෙනුවෙන් රජය විශාල වෙහෙසක් දරමින් සිටින බවත් අල්ලස හා දුෂණය පිළිකාවක් ලෙස මුළු මහත් රාජ්‍ය පුරාම පැතිරී ඇති බවත් එම අභියෝගය ඉටු කිරීම වෙනුවෙන් මුළු දේශපාලන අධිකාරියම පෙනී සිටින බව ජනාධිපතිවරයා සදහන් කරයි.
දුෂණය හා වංචාව නතර කිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීම හා ආදර්ශය පමණක් ප්‍රමාණයත් නොවන බවත් ඒ සදහා රාජ්‍ය ආයතන තමන්ට පැවරී ඇති වගකීම නිසි පරිදි තේරුම් ගෙන ඒ සදහා සහාය ලබාදිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
එළැඹෙන අයවැයෙන් දුප්පත්භාවය තුරන් කරන නව ආර්ථික වැඩපිළිවෙලක ආරම්භය සනිටුහන් කරන බවත් දෙවැනුව රට ඩිජිටල්කරණයට ලක්කළ යුතු බවත් තුන්වන වැඩසටහන Clean Sri Lanka වැඩසටහන බවත් මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය සදහා සෑම අංශයකම සිදුකරන පිරිසිදුභාවය මෙහි අරමුණු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“අපේ රාජ්‍යයේ ප්‍රධාන අරමුණු තුනක් කේන්ද්‍ර කරගෙන වැඩ කරනවා. දුප්පත් බවින් අප රටේ පුරවැසියන් මුදා ගැනීම මෙන්ම ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යන ක්‍රමයක් අප ගොඩ නගනවා. ලබන අයවැය දුප්පත් කම තුරන් කරන වැඩසටහනක් මෙහෙයවන ආරම්භයක් බව කිව යුතුයි. දෙවනුව අප මේ රටේ ඩිජිටල්කරණයට ලක් කරනවා.
පුරවැසියා සහ රාජ්‍ය අතර බැඳීම එයින් ශක්තිමත් කරන්නට හැකියාව ලැබෙනවා. ක්ලීන් ශ්‍රී ලංකා යනු පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පමණක් නොවේ. ගරා වැටුණු සමාජ දේහය මාතෘ භූමිය යළි ප්‍රතිෂ්ඨාපනය කිරීමයි. අපේ පිහිටීම ඉතා වැදගත්. අපේ රටේ පරිසර තත්වය ඉතා ඉහළයි. නමුත් සිදුවී ඇත්තේ කුමක්ද.?
අලි මිනිස් ගැටුමෙන් ජනතාව මැරෙනවා. අලි මැරෙනවා. ඒ නිසා අප යළි පරිසර පද්ධතිය ප්‍රතිෂ්ඨාපනය කළ යුතුව තිබෙනවා. අපේ පුරවැසියන්ට වටිනාකම් මෙන්ම නව හර පද්ධතියක් අවශ්‍යයි. පළමු කොටම තමන්ට තමන්ගේ ජීවිතය පිළිබඳ වටිනාකමක් අවශ්‍යයි.
මේ සමාජය යළි සුවපත් කළ යුතුයි. නීතිය ගැන නොව පළමුවෙන්ම පුරවැසියන් ගැන අප විශ්වාසය තබනවා. පුරවැසියන් එය නොකරන්නේ නම් නීතිය ක්‍රියාත්මක කරනවා. අපේ රටේ පුරවැසියන්ට වස විසින් තොර ආහාර වේලක් ලබාදීමේ වගකීම රාජ්‍යයට තිබෙනවා. අප එය ඉටු කරනවා.
පොදු දේපළ ආරක්ෂා කිරීම සඳහා ජාතිය පෙළ ගැස්විය යුතුව තිබෙනවා. ජාතික වත්කම් රැකීමට සියලු දෙනාට හැඟීමක් තිබිය යුතුයි. හැම පුරවැසියාම තමන්ට පැවරී තිබෙන වගකීමට වගකිව යුතුයි. කිසිවෙක් තමන්ගේ වගකීමේ බර නොසලකා හරින්නේ නම් මේ සමාජ දේහය කඩා වැටෙනවා.
වගකීමට වග වෙන්න උත්සාහ කරන්නැයි අප රාජ්‍ය සේවයෙන් ඉල්ලා සිටිනවා. මේ වන විට බොහෝ රාජ්‍ය ආයතනවල සභාපතිවරුන් ස්වෙච්ඡාවෙන් වැඩ කරනවා. මගේ උපදේශකයන් තිදෙනාම රජයෙන් රුපියලකවත් වැටුපක් නොගෙන වැඩ කරනවා.
අපට නැගිටින්න අවස්ථාව ලැබී තිබෙනවා. එය අවසන් අවස්ථාව යැයි මා කියන්නේ නැහැ. මේ අවස්ථාව අත්හරිනවාද නැතිනම් දැඩිව ග්‍රහණය කොට ගෙන අපේ රට ජාතිය නගා සිටුවීම සඳහා තම කාර්යභාරය ඉටු කරන්න සූදානම් දැයි මා අසනවා.
මේ එක් දේශපාලන උත්සාහයක් නොවේ. සාමූහික උත්සාහයක්. කවදාවත් ජනතාව එකට නැගිටින්න සූදානම් නැත්නම් මේ අභියෝගයෙන් ගොඩ එන්න හැකියාවක් නැහැ. අපි එකම ශ්‍රී ලංකාවේ ඉපදුණු මිනිසුන් ලෙස මේ රට ගොඩනඟමු.
ඕනෑම ශක්තිමත් ව්‍යාපාරයක් ආරම්භ කරන්න ඉතාම ශක්තිමත් පදනමක්, අත්තිවාරමක් අවශ්‍යයි. අපේ රට, අපේ ජාතිය අත්තිවාරම අහිමි වූ රටක්. පදනම අහිමි වූ රටක්. ඒ නිසා අපි මුලික ප්‍රවේශය සැලකිය යුතු ප්‍රමාණයෙන් නිමා කරමින් තිබෙනවා.
මේ රට යළි ප්‍රතිෂ්ඨාපනය සඳහා අවශ්‍ය අත්තිවාරම අපි සකස් කරලා තියෙනවා. දේශපාලන අධිකාරිය, රාජ්‍ය යාන්ත්‍රණය, නීති විධාන ආධිපත්‍ය, ව්‍යවස්ථාවට ගරු කිරීම හා ආරක්ෂා කිරීම, ඒ වගේම වංචාව දුෂණය පිටුදැකීම.
මේ අත්තිවාරම ඉදිරියට ගෙන යෑමට නම් අපි ඉතාමත් වේගයෙන් මේ අත්තිවාරම ගොඩනගමින් තිබෙනවා. පුරවැසියන්ට ඒ ගොඩනගා තිබෙන අත්තිවාරම මත ආර්ථික ප්‍රතිලාභ පුරවැසියාට ගලා යා යුතුයි.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..