News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය පළ කරනු ඇතැයි වාර්තා වූ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මහතා නාමල් රාජපක්ෂ මහතාගේ ජන රැලියකට එක්ව තිබේ.

පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන සතියේ දී පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.

සමගි ජන බලවේගය පක්ෂයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ තලතා අතුකෝරල මහත්මිය වෙත හෙට පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ විධායක සභා රැස්වීමට ආරාධනා කළ බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා ගෙන් රුපියල් බිලියන දෙකක වන්දියක් ඉල්ලා ජාතික ජන බලවේගය පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (23දා) එන්තරවාසියක් යවා තිබේ.

ක්ලබ් වසන්ත ඝාතනනයේ එක් වෙඩික්කරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මඟින් ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තු මහලේකම් විසින් මැතිවරණ කොමිසමට දැනුම් දී තිබේ.

යුක්රේන හමුදා රුසියාවේ කර්ස්ක් න්‍යෂ්ටික බලාගාරයට පහර දීමට උත්සාහ කළ බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කැබිනට් රැස්වීමකදී පැවසීය.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 39දෙනා මැතිවරණ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කළ වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ප්‍රසිද්ධියට පත් කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සාරතී දුෂ්මන්ත මහතා සහ අංගජන් රාමනාදන් මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කර තිබේ.


ප්‍රධාන පුවත්

"ව්‍යවස්ථාපිත ඒකාධිපතිත්වයක් කරා යන අනුර කුමාරගේ පාලනයට එරෙහිව ජාතික බලවේග එකමුතු විය යුතුයි".. – අනුරාධපුරයේදී විමල් වීරවංශගෙන් ප්‍රබල ප්‍රකාශයක්

වත්මන් පාලනය රට හමුදා සහ සංවර්ධන ජයග්‍රහණ අත්කර දුන් නායකයින්ගෙන් පළිගනිමින්, ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වනසන ව්‍යවස්ථාපිත ඒකාධිපති ගමනක නිරත වන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. පසුගිය 12 වනදා අනුරාධපුරයේ පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන රැළිය අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

යේමනයේ හූති බලය තවදුරටත් වර්ධනය වෙයි.. කලාපීය බල තුලනයේ ප්‍රබල වෙනසක් වන ලකුණු!..

යේමනයේ හූති (අන්සාර් අල්ලාහ්) ව්‍යාපාරය රතු මුහුදු වෙරළ තීරය ඔස්සේ සිය හමුදා වේගයෙන් ඉදිරියට මෙහෙයවමින් උපායමාර්ගික නගරයක් වන අල්-මකා (මෝකා) සහ බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය ආසන්නයේ පිහිටි පෙරිම්/මයුන් දූපතේ පාලනය අත්පත් කරගෙන තිබේ.

ජාතික න්‍යාය පත්‍රයක් දිනවන සටනට සියලු දෙනා එක්විය යුතුයි.. - විමල් වීරවංශ

මේ වන විට රටේ සභ්‍යත්වයට, උරුමයට සහ බුදු දහමට මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට ද දරුණු ප්‍රහාරයක් එල්ලකර ඇති බවත්, ඒ හරහා ආණ්ඩුව ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් කරා රට මෙහෙයවමින් පවතින බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාවටත් අභියෝගයක් වූ හුතී බලයේ රහස ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

යේමනයේ අන්සාර් අල්ලා හෙවත් හූති සටන්කාමීන් රතු මුහුද ආශ්‍රිතව තම බලය තහවුරු කරගැනීමෙන් අනතුරුව, භූමිය අත්පත් කරගැනීමේ ප්‍රහාරාත්මක මෙහෙයුම් තවදුරටත් වේගවත් කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.