බිංගිරියේදී මාලිමාවේ මන්ත්‍රීවරුන්ට බාධා කළ 2ක් රිමාන්ඩ්
බිංගිරිය කම්හල් පරිශ්‍රයක් තුළ ඊයේ (30) දින ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් දෙදෙනා මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
එහිදී සැකකරුවන් දෙදෙනා හෙට්ටිපොළ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර වැඩබලන මහෙස්ත්‍රාත් ඒ. සී. ඒ. සලාම් මහතා නියෝග කර ඇත්තේ සැකකරුවන් දෙදෙනා ජනාවාරි මස 7වන දින දක්වා රක්ෂිත බණ්ධනාගාරගත කිරීමටය.
එම දිනයේ දී සැකකරුවන් හඳුනාගැනීමේ පෙරට්ටුවකට ද ඉදිරිපත් කිරීමට නියමිතය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක මහතා කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සිද්ධිය ඇතිවී තිබුණේ, ඊයේ පස්වරුවේ කුරුණෑගල බිංගිරිය ප්‍රදේශයේ පිහිටි ඇගලුම් කම්හල් පරිශ්‍රයක දීය.
ජාතික ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් ප්‍රනාන්දු සහ එහි කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක යන ඊයේ පස්වරුවේ එහි ගොස් තිබුණි.
ඒ අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ප්‍රවාහන පහසුකම් සම්බන්ධයෙන් වූ ගැටලුවක් පිළිබඳ සාකච්ඡා කිරීමටය.
කෙසේ වෙතත් පැයක පමණ කාලයක් ආයතනය අභ්‍යන්තරයේ පැවති සාකච්ඡාවකින් පසු පිටතට පැමිණි මන්ත්‍රීවරුන්ට කම්හල් සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සපයන පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ කියන්නේ අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබා ගැනීමට කිසිඳු සාක්ෂියක් නොමැති නිර්දෝෂී අයෙක්.. ගනේද්‍ර සහ ශානි ගහපු ගේම් එක මෙන්න.. - නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි
මහාභාණ්ඩාගාර කොල්ලයට මහබැංකුවත් වගකිව යුතුයි.. නන්දලාල්ටත් වැඩ වරදියි.. - මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ කියයි
සලේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයකට යොමු කිරීමට අධිකරණයෙන් නියෝග..
සුරේෂ් සලේ වදකාගාරයක දමා මරා දැමීමට හැදූ කුමන්ත්‍රණය සත්‍යග්‍රහය නිසා වැළකුණා.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කතෝලික සභාව දැන් හත්පොළේ ගාගෙන ඉවරයි.. බුද්ධි තොරතුරු කළින් ලැබිලත් ශානිලා රවිලා මොනවද කළේ - '2019 අප්‍රේල් 21 මීගමුව යුක්තියට පදනම' සන්ධානයෙන් චෝදනා
අනාථ වී සිටින ආණ්ඩුව පාස්කු ප්‍රහාර සිද්ධියෙන් ගන්නේ වෙන ආතල් එකක්.. කළුපටි පැළඳගෙන, ලෝගු දමාගෙන පියතුමන්ලා දේශපාලනය කරන්න එපා.. - මීගමුව යුක්තියට පදනම සන්ධානය
මාලිමාණ්ඩුවට පාරාවළල්ලක් විය හැකි සුරේෂ් සලේ.. - ප්‍රවීන මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම්ගෙන් අනාවරණයක්..
අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව රීතියක්..
සුරේෂ් සලේ වෙනුවෙන් ඇරඹි සත්‍යග්‍රහය දෙවන දිනටත්.. රණවිරුවන්, දේශපාලනඥයන් සහ සිවිල් සංවිධාන සලේ වෙනුවෙන් පෙරට..
සුරේෂ් සලේට අමානුෂික ලෙස සැලකීම ව්‍යවස්ථා විරෝධියි.. - එජාපයෙන් නිවේදනයක්
රටේ ආර්ථික අර්බුදයේ ඇත්තම කතාව වෛද්‍ය වසන්ත බණ්ඩාර හෙළිකරයි..
එක් නඩුවකින් සරණ ගුණවර්ධනට බරපතල වැඩ සහිත වසර 04 ක සිර දඬුවම්..
සුරේෂ් සලේ වෙනුවෙන් පවත්වන සත්‍යග්‍රහයට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයත් එක්වෙයි..
සලේගේ විමර්ශනවලට අදාළව මානව හිමිකම් කොමිසමෙන් CIDයට කැඳවීමක්..
පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර
සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්