උපකාරක පන්ති සඳහා සීමා පැනවීමට ආණ්ඩුවේ අවධානය
වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ වාර්තා හේතුවෙන්, පෞද්ගලික උපකාරක පන්ති සදහා යම් යම් සීමාවන් පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව එහි නිලධාරියෙක් පැවසීය.
ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ප්‍රශ්න පත්‍ර පිටවීම බොහෝ විට සිදුවන්නේ උපකාරක පන්ති හරහා බවයි. පසුගිය දිනක උතුරු මැද පළාතේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඇතැම් ගුරුවරුන් විසින් සිංහල භාෂාව පිළිබඳ වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය පිට කර තිබුණි.
පසුගියදා පාසල් ගුරුවරුන් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කළද මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු විය.
එවැනි තීරණ ගැනීමට පළාත් බලධාරීන්ට බලය තිබුණද මුළු රටටම පොදු ප්‍රවේශයක් හඳුන්වා දිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"මෙය සාකල්‍ය ප්‍රවේශයක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාසල් ගුරුවරුන්ට තමන්ගේම පාසල්වල දරුවන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට ඉඩ දිය යුතුද? යන්න පිළිබඳ විවාදයක් පවතිනවා. එමෙන්ම ගුරුවරුන් තම පෞද්ගලික උපකාරක පන්තිවලට නොපැමිණෙන දරුවන්ට වෙනස්කම් කරන බවට දෙමාපියන් මැසිවිලි නඟනවා," ඔහු පැවසීය.
සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් හඳුන්වා දීමට අමාත්‍යාංශය දැන් සැලසුම් කර ඇති බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..