
උපකාරක පන්ති සඳහා සීමා පැනවීමට ආණ්ඩුවේ අවධානය
වාර විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම පිළිබඳ වාර්තා හේතුවෙන්, පෞද්ගලික උපකාරක පන්ති සදහා යම් යම් සීමාවන් පැනවීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටින බව එහි නිලධාරියෙක් පැවසීය.
ඊට ප්‍රධාන හේතුව ලෙස ඔහු පෙන්වා දෙන්නේ ප්‍රශ්න පත්‍ර පිටවීම බොහෝ විට සිදුවන්නේ උපකාරක පන්ති හරහා බවයි. පසුගිය දිනක උතුරු මැද පළාතේ පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ඇතැම් ගුරුවරුන් විසින් සිංහල භාෂාව පිළිබඳ වසර අවසාන වාර විභාග ප්‍රශ්න පත්‍රය පිට කර තිබුණි.
පසුගියදා පාසල් ගුරුවරුන් පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් තීරණය කළද මේ සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනය වහාම අවලංගු විය.
එවැනි තීරණ ගැනීමට පළාත් බලධාරීන්ට බලය තිබුණද මුළු රටටම පොදු ප්‍රවේශයක් හඳුන්වා දිය යුතු බව ඔහු වැඩිදුරටත් පැවසීය.
"මෙය සාකල්‍ය ප්‍රවේශයක් අවශ්‍ය ප්‍රශ්නයක්. පාසල් ගුරුවරුන්ට තමන්ගේම පාසල්වල දරුවන්ට පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීමට ඉඩ දිය යුතුද? යන්න පිළිබඳ විවාදයක් පවතිනවා. එමෙන්ම ගුරුවරුන් තම පෞද්ගලික උපකාරක පන්තිවලට නොපැමිණෙන දරුවන්ට වෙනස්කම් කරන බවට දෙමාපියන් මැසිවිලි නඟනවා," ඔහු පැවසීය.
සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් විමසීමෙන් අනතුරුව උපකාරක පන්ති පැවැත්වීම සම්බන්ධයෙන් පොදු නිර්ණායකයක් හඳුන්වා දීමට අමාත්‍යාංශය දැන් සැලසුම් කර ඇති බවද ඔහු පවසයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
