
ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ ජනාධිපතිවරණයට කළින්ම අපේක්ෂකයන්ගේ කෙරුවාව සහ රටට සිදුවන විනාශය හරියටම හෙළි කළේ මෙහෙමයි...(වීඩියෝ)
පසුගිය ජනාධිපතිවරණයට දින 50කට පෙර දෙරණ රූපවාහිනී නාලිකාවේ 'කොළඹ දේශපාලනය, ජනාධිපතිවරණය සහ රට' නම් මාතෘකාව යටතේ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේ දී ජේෂ්ඨ නීතිඥ කනිෂ්ක විතාරණ මහතා පවසා සිටි එක්තරා කරුණක් අද වන විට සත්‍ය ලෙසම ඔප්පුවී ඇති බව වර්තමාන දේශපාලන තත්ත්වය විශ්ලේෂණය කිරීමේ දී පෙනී යයි.
ඒ මහතා එහිදී පවසා සිටියේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින කිසිඳු අපේක්ෂකයෙක් රට සම්බන්ධයෙන් ඇත්ත උවමනාවකින් කටයුතු කරන බවක් නොපෙනෙන බවය.
ජනාධිපති අපේක්ෂකයන් මැතිවරණ වේදීකාවේ දී නොයෙකුත් පොරොන්දු ලබාදුන්නද, ඒවා පරපස්පර විරෝධී වූ පොරොන්දු බවත් එහිදී සඳහන් කළ ඒ මහතා ජනාධිපතිවරණයෙන් පසු ජයගන්නා නායකයා ඉන්පසුව ගෙන එන වැඩපිළිවෙල සඳහා ජනතාව මෙහෙයවිය යුතු වුවද ඒ සඳහා ජන විඥානය හදන වැඩපිළිවෙලක කිසිඳු අපේක්ෂකයකු නිරතවන බවක් පෙනෙන්නට නැති බවද සඳහන්කර සිටියේය.
නිලධාරියෙකුගේ මට්ටමට එහා ගොස් ජනතාව වෙනුවෙන් කටයුතු කරන නායකත්වයක් කිසිඳු අපේක්ෂකයකුගෙන් දැකගත නොහැකි බවත්, ජනතාවගේ ජීවන තත්ත්වයන් වෙනස්කරන සියලු තීන්දු තීරණ ගතයුත්තේ රටේ නායකත්වය වුවත් අද පවතින වාතාවරණය තුළ රට තුළ ක්‍රියාත්මක වන අණපනත් පවා සාදන්නේ මෙරට දී නොව වෙනත් රටවලදී බව පැහැදිලිව දැකගත හැකි බවත් ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා මෙහිදී පැහැදිලි කළේය.
මූල්‍ය ප්‍රාග්ධනය විසින් නිෂ්පාදන ප්‍රාග්ධනය ගිලගන්නා ආකාරය ද මෙහිදී ඒ මහතා විසින් ඉතා පැහැදිලිව කරුණු දැක්වීමක් සිදුකළේය.
"කවුරු ජනාධිපති වුවත් මේ තිබෙන ක්‍රමවේදයම තිබුනොත් රට පාලනය කරන්නේ වෙනත් බලවේගයක්. ඒ වගේම අපි පත් කරන්නේ ඔවුන්ගේ නියෝජිතයෙක්." කණිෂ්ක මහතා අවධාරණය කළේය.
ඒ මහතා ජනාධිපතිවරණයට පෙර පැවසූ සියලු කරුණු කාරණා අද වන විට යථාර්ථයක් බවට පත්ව ඇති බව දැකගත හැකි තත්ත්වයක් තුළ එම වීඩියෝව මෙසේ නැවත විකාශය කරන්නෙමු.
මෙම දේශපාලන වැඩසටහන සඳහා එදා ජේෂ්ඨ නීතිඥ කණිෂ්ක විතාරණ, අචාර්ය ටියුඩර් වීරසිංහ, වෛද වසන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.
අදාළ වීඩියෝව පහළින්..
.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..
මහ බැංකුවේ ඩොලර් සංචිතය අඩු වෙයි…
ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්
අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..
දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..
ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..
කන්ටේනර් 323නේ තිබ්බේ ප්‍රභාකරන්ගේ අවි ආයුධ.. - අර්චුනා රටම කැළඹෙන හෙළිදරව්වක (වීඩියෝ)
යාපනය තිස්ස විහාරය සම්බන්ධව සහ උතුරු සහ නැගෙනහිර සිංහල ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම ගැන විශේෂ සාකච්චාවක්..
දන්ඩනීති සංග්‍රහයේ 365/365 ඒ වගන්ති සංශෝධනයට මවුවරුන්ගේ පෙරමුණ තදින් විරුද්ධයි - වෛද්‍ය සකුන්තලා සෙනෙවිරත්න (වීඩියෝ)
ළමා අපචාර වළකන වගන්ති දෙක දණ්ඩනීති සංග්‍රහයෙන් ඉවත් කරන්න අදහසක් නැහැ.. - ජාතික සංවිධාන විසින් කළ හෙළිදරව්ව ගැන අධිකරණ ඇමැති කියන කතාව
දණ්ඩනීති සංග්‍රහය සංශෝධනය කිරීම හරහා සිදුකිරීමට යන සමලිංගික සේවනය ප්‍රවර්ධනය කිරීමේ මහා අපරාධය - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් අනාවරණයක් (වීඩියෝ)
රටේ ලක්ෂ 60ක දරුවන් අනතුරේ හෙළමින් ළමා අපචාරකයන්ට ලංකාව පාරාදීසක් බවට පත්කරන ඩොලර්වලින් යැපෙන කුමන්ත්‍රණකරුවන්ගේ ජඩ මෙහෙයුම මෙන්න.. (වීඩියෝ)
ඇමැති බිමල්, ආණ්ඩුවේ විරුද්ධවාදියෙක් වෙයි.. ඇමැති නලින්ද හෙළිකරන කතාව මෙන්න.. (වීඩියෝ)
දරුවන් බිල්ලට දෙන්න සහ සමලිංගික ක්‍රියා ප්‍රචලිත කරන්න නීති සංශෝධන ගෙන ඒමට බලකරන ඩොලර් කාක්කන්ගේ නම් එළියට..
ශ්රී ලංකාවේ මෙතම්ෆෙටමින් නම් මත්ද්‍රව්‍ය භාවිතය ඉහළට : විදේශයන්හි නිපදවන බොහෝ නීති විරෝධී මත්ද්‍රව්‍ය, අරාබි මුහුද හරහා ශ්‍රී ලංකාවට !
ජවිපෙ පක්ෂ අරමුදල් බදු දැලට හසුවන්නේ නැද්ද? - ජවිපෙ බදු දැලෙන් රිංගා ගහන ගේම දිලිත් හෙළිකරයි (වීඩියෝ)
