News Category
From Date
To Date
Maximum Number of Result

සාමකාමී, බහු වාර්ගික හා සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා අන්තර්ජාතික ප්‍රජාව ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව නෝර්වේ රාජ්‍ය තාන්ත්‍රිකයකු සහ හිටපු දේශපාලනඥයකු වන එරික් සෝල්හයිම් පවසා තිබේ.

“පසුගිය කාලේ ජනතාවගේ විරෝධයට ලක්වෙලා හිටපු නිලධාරීන් සහ ව්‍යාපාරික පැළැන්තිය නැවත වේගයෙන් බලය තහවුරු කරගනිමින් යනවා. පසුගිය කාලේ දූෂිත චෝදනා ලබපු සමහර අමාත්‍යාංශ ලේකම්වරු ඒ විදිහටම තියාගෙන යන්න දැන් ආණ්ඩුව කටයුතු කරමින් ඉන්න එක මේ තත්ත්වයට උදහරණයක්.” යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතාගේ ‘The India Way:Strategies for an Uncertain world’ කෘතිය 'ඉන්දීය මාවත: අවිනිශ්චිත ලෝකයක උපාය මාර්ග' මැයෙන් සිංහලට පරිවර්තනය කර තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සුගීශ්වර බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායල හමුදා ගුවන් යානා ඊයේ(03) රාත්‍රියේ බේරූට් නගරයට තදාසන්න ප්‍රදේශයක පිහිටි ස්ථානයකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වේ. හිස්බුල්ලා සංවිධානයේ ඝාතනයට ලක්වූ නායක හසන් නස්රල්ලාගේ අනුප්‍රාප්තිකයා මෙම බංකරය තුළ සැඟව සිට ඇති බව ‍ය්නෙට් පුවත් සේවය පැවසීය.

ගේට්ස් පදනමේ ස්වාධීන උපදේශක චන්දිත සමරනායක මහතා අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමු වී සාකච්ඡාවක නිරත විය.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින්, විදේශ රටවල පවත්වාගෙන යන තානාපති කාර්යාලවලට සහ මහ කොමසාරිස් කාර්යාලවලට මැති, ඇමැතිවරුන්ගේ දූ පුතුන් සහ ඥාතීන් යොදවා තිබූ ආකාරය හෙළිදරව් වී තිබේ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක්දින නිල සංචාරයක් සඳහා අද (4) උදෑසන දිවයිනට පැමිණියේය.

යුරෝපා සංගමයේ රටවල් අද දින චීන විද්‍යුත් වාහන සඳහා අමතර තීරුබදු පැනවිය යුතුද යන්න පිළිබඳව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන අද(04) දිනය විට ඊට විරෝධය නැගෙන්නට පටන් ගෙන තිබේ. අද(04) ඡන්දයේදී ජර්මනිය චීන විද්‍යුත් වාහන සඳහා තීරුබදු පැනවීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන බව රොයිටර් පුවත් සේවය ඊයේ(03) වාර්තා කළේ, මේ සම්බන්ධයෙන් දැනුම්වත් පුද්ගලයින් උපුටා දක්වමිනි. ජර්මානු රජයේ ප්‍රකාශකයෙකු අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළ බව ද රොයිටර් වාර්තා කළේය.


ප්‍රධාන පුවත්

ව්‍යවස්ථා සංශෝධනවලින් පමණක් රටක ගැටලු විසඳිය හැකිද?..

රටක පවතින අර්බුද හා ගැටලුවලට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පමණක් දෝෂාරෝපණය කිරීම සුදුසු නොවන බවත්, සැබෑ ගැටලුව පවතින්නේ පාලනය කිරීමේ ඇති අසමත්කම තුළ බවත් පෙන්වා දෙන තොරතුරු ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

ගෝඨාගේ කාලයේ තෙල් අර්බුදය කෘතිමව නිර්මාණය කළ හැටි මෙන්න.. - සංඛ චන්දිම අබේවර්ධනගෙන් හෙළිදරව්වක්..

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී මෙරට ඇති වූ ඛනිජ තෙල් අර්බුදය ස්වාභාවිකව සිදු වූවක් නොව, සැලසුම් සහගතව කෘතිමව නිර්මාණය කරන ලද්දක් බව සංඛ චන්දිම අබේවර්ධන මහතා ප්‍රකාශ කරයි.

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.