News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (06) ආරම්භ වේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අතර පැවති තවත් සාකච්ඡාවක් එකඟතාවයකින් තොරව අවසන් වී තිබේ.

අභාවප්‍රාප්ත වූ මහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් පැවැත්වූ පාංශුකූලය පින්කම ඊයේ(5) දිනයේ කොළඹ 07, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ දී සවස 3 ට පැවැත්විණි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව ජූනි මස පළමු සතියෙන් පසු තීරණය කෙරෙනු ඇතැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ (04) රාත්‍රී නිකුත් කර තිබේ.

දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පදනම් කර ගනිමින් දෙමළ ජනතාවගේ දේශපාලන ගැටලුවට විසඳුම් ලැබිය යුතු යැයි තමන් විශ්වාස කරන බව නෝර්වේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ජාත්‍යන්තර කාලගුණ විපර්යාසයන් පිළිබඳ ජනාධිපති උපදේශක එරික් සොල්හයිම් මහතා ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග රජය ඇතිකරගත් එකඟතා සඳහා සහාය දීමට අදාල නීති රීති සහිත පනත් කෙටුම්පතට විපක්ෂයේ මන්ත්‍රීවරු 10-15 ක් පමණ සහාය දීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

රුපියල් මිලියන 330කට මිලදී ගත හැකි ‘සිපරොක්සින්’ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි ලක්ෂ නවයක් මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 1000ක් ඉක්මවූ වැඩි ලංසුවක් ඉදිරිපත් කර ඇති ඒකාධිකාරී බලයක් සහිත සමාගමකට ලබාදීමේ සූදානමක් පවතින බවට ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කරයි.

සමරිසි පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට විරෝධය දැක්වීමට සහ ඒ පිළිබඳ දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමට සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය යටතේ ස්ථාපිත ජාතික උපදේශක සභාව තීරණය කර ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

යාපනයේ ජාතිව‍ාදය අවුස්සන හැටි මෙන්න.. ආණ්ඩුව මොකද කියන්නේ? - අරුන් සිද්ධාර්ත්

යාපනය විශ්ව විද්‍යාලයේ වෙසක් උත්සවය සැමරීම වෙනුවෙන් නිර්මාණය කළ වෙසක් කූඩුවක් විනාශ කිරීම සම්බන්ධයෙන් තමන් මුලින්ම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අදාළ සිදුවීම වාර්තා කළ බවත්, මෙම සිදුවීම පාදක කරගනිමින් තමන් ජාතිවාදය අවුස්සන බවට කිහිපදෙනෙකු විසින් ප්‍රකාශ කර ඇති බවත්, එම ප්‍රකාශ හෙළාදකින බවත් යාපනය සිවිල් සංවිධාන කේන්ද්‍රයේ අරුන් සිද්ධාර්ත් මහතා පවසයි.

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.