News Category
From Date
To Date
Maximum Number of Result

ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමනවා - ජනාධිපති අනුර දිසානායක

Jan 31, 2025 at 10:41 AM
|

මෑත කාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල සනිටුහන් කරමින් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පැවති 2025 ආර්ථික සමුළුව අමතමිනි.

“ආර්ථික පරිවර්තනය” මැයෙන් ලංකා වාණිජ මණ්ඩලය විසින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි. දේශපාලන ස්ථාවරත්වය, ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ස්වෛරීත්ව ණය ශ්‍රේණිගත කිරීම ඉහළ දැමීම පාදක කරගෙන අග්නිදිග ආසියාවේ පරිවර්තනයක් සඳහා ශ්‍රී ලංකාව සූදානම් කිරීම මෙම සමුළුවේ අරමුණයි. එමෙන්ම 2025 වසරේ සමස්ත ආර්ථික ප්‍රගතියක් ඇති කිරීම මෙමඟින් අපේක්ෂා කෙරේ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මේ වසරේ 4% ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරන බවත් එම ඉලක්කය ජය ගැනීමට නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේද පැවසීය.

අපි මීට පෙර බලය හොඹවපු නැති දේශපාලන ව්‍යාපාරයක්. පසුගිය කාලය තුළ ව්‍යාපාරික කණ්ඩායම්, ආයෝජකයන් සහ ඇතැම් ජාත්‍යන්තර ප්‍රජාව තුළ අප කෙරෙහි සැකයක් තිබුණා නම්, මේ වන විට එම සැකය තුරන් කර රජයේ වැඩපිළිවෙළ පිළිබඳ සහ රජයේ ඉදිරි ගමන් මග පිළිබඳ විශ්වාසයක් ගොඩනැගීමට අපට හැකි වී තිබෙනවා. එය පසුගිය මාස දෙක තුළ අප ලැබු සුවිශේෂී ජයග්‍රහණයක්.

මේ වසරේ 4%ක් ඉක්මවා යන ආර්ථික වර්ධන වේගයක් රජය අපේක්ෂා කරනවා. ආර්ථික කඩා වැටීම හමුවේ එය අභියෝගයක් වුවත් එය සාර්ථක කරගත හැකි අභියෝගයක් ලෙස අපි සලකනවා. එහිදී අප ක්ෂේත්‍ර ගණනාවකට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් සිටිනවා.

විශේෂයෙන් ඉදිරි අයවැයෙන් ට්‍රිලියන 1.35ක් රජයේ ආයෝජන ප්‍රාග්ධන වියදම් ලෙස වැය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. එය මෑතකාලයේ රජයක් ප්‍රාග්ධන වියදම් සඳහා වැය කරන විශාලම මුදල වනු ඇතියි.

පසුගිය රජයන්හි අකාර්යක්ෂමතාව හේතුවෙන් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය වීම සිදු වුණේ නැහැ. 75%ක් – 80%ක් වගේ මුදලක් පමණයි වැය කරනු ලැබුවේ. නමුත් මෙම වෙන් කරන ලද මුදල් මුළුමනින්ම වැය කිරීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණය අපි සකස් කරනවා.

ආයෝජන සම්බන්ධ ආයතනවල අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරින් සමඟ අපි පසුගියදා දීර්ඝ සාකච්ඡාවක් සිදු කළා. සාමාන්‍යයෙන් අපේ රටේ ආයෝජනයක් කැඳවීමට ආයතන 82කින් අවසර ගත යුතු බව එහිදී අනාවරණ වුණා. එම වාර්තාව අනුව මෙම ආයතනවලින් අවසර ලබා ගැනීමට වසර දෙක හමාරකට වැඩි කාලයක් ගත වෙනවා.

පරිසර ක්ෂේත්‍රය සඳහා අවසර ලබා ගැනීමට ආයතන 11ක් තිබෙනවා. ඒ සඳහා දින 269ක කාලයක් ගත වෙනවා. ප්‍රායෝගිකව ගතහොත් වසර දෙකකට වැඩි කාලයක් ගත වී තිබෙනවා. එය දින 82කට අඩු කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.

ඒ වගේම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා අනෙකුත් අවසර පත්‍ර ආයතන 8කින් ලබාගත යුතුව තිබෙනවා. ඒ සඳහා ප්‍රායෝගිකව සති 184ක් ගත වී තිබෙනවා. එය දින 102ක් වැනි කාලයකට අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා.

ව්‍යාපෘතියක් ඇගයීමට භාජනය කර තීරණයක් ලබා දීමට ආයෝජන මණ්ඩලය දින 80කට ආසන්න කාලයක් ගන්නවා. එය සති දෙකක් වැනි කාලයකට අඩු කර ගැනීම අපේ අපේක්ෂාවයි. ආර්ථික වර්ධන වේගය අපේක්ෂා කරනවා නම් සෘජු විදේශ ආයෝජන සඳහා අවශ්‍ය පහසුකම් සැලසිය යුතුය.

ඒ වගේම සංචාරක කර්මාන්තයේ වේගවත් පිම්මක් ගැනීමට අපට අවස්ථාව තිබෙනවා. මිලියන 03ක් ඉක්මවා යන සංචාරකයන් ප්‍රමාණයක් මේ වසරේ මෙරටට කැඳවා ගැනීමට අපේක්ෂා කරනවා.

විශේෂයෙන් තොරතුරු තාක්ෂණ හා නාවික ක්ෂේත්‍රයේ වර්ධනයක් අත්පත් කරගත හැකියි. මේ මාර්තු මාසයේ බටහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. ජුලි මාසය වන විට නැගෙනහිර ජැටියේ මෙහෙයුම් ආරම්භ කළ හැකියි. ඒ නිසා නාවික ක්ෂේත්‍රයේ යම් ආර්ථික වර්ධනයක් අත්පත් කර ගත හැකියි. අපි අපේක්ෂා කරන ආර්ථික වර්ධනය අත්පත් කර ගැනීම සඳහා ප්‍රමුඛ ලෙස සැලකිල්ලට භාජනය කළ යුතු ක්ෂේත්‍ර ගණනාවක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා මේ ඉලක්ක ජයග්‍රහණය කළ හැකියි.

මේ වන විටත් අපි සාම්පූර් බලාගාරය සඳහා එකඟතාව පළ කර තිබෙනවා. ඒ වගේම වරායේ දීර්ඝ කාලයක් සිර වී තිබු සැපයුම් මධ්‍යස්ථානය ඉතා ඉක්මණින් ආරම්භ කිරීමට අපි අපේක්ෂා කරනවා. ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘති ගණනාවක් සිර වී තිබෙනවා. අපි එම ව්‍යාපෘති වේගයෙන් ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය අවසරය සහ බලපත්‍ර ලබා දීමට කටයුතු කරනවා.

එමෙන්ම අපි ඉන්දියාව සහ චීනය සමඟ ප්‍රධාන ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා සැලකිය යුතු විදෙස් ආයෝජන ප්‍රමාණයක් මෙරටට කැඳවාගත හැකියි කියන විශ්වාසයෙන් අපි කටයුතු කරනවා.

ආයෝජන කැඳවා ගැනීමට පසුගිය ආණ්ඩු අසමත් වී තිබෙනවා. ඒ වගේම ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමතාවයකින් වැඩ කර නැහැ. එම නිසා නව ව්‍යුහයක් ආර්ථික පරිවර්තන පනත මගින් යෝජනා කර තිබෙනවා. නමුත් එහි සම්පූර්ණම ක්‍රමවේදයක් නැහැ. ආර්ථික පරිවර්තන පනත සංශෝධන සහිතව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට වර්තමාන රජය බලාපොරොත්තු වෙනවා.

පසුගිය කාලයේදී දේශපාලන අධිකාරිය ලබා දුන් තීන්දු රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමේදී ප්‍රතිවිරෝධයක් මතු වුණා. රාජ්‍ය යාන්ත්‍රණය හැමදාම සිතුවේ දේශපාලන අධිකාරිය සඟවා ගත් දෙයක් ක්‍රියාත්මක කිරීමට යනවා කියලා. නමුත් මේ වනවිට දේශපාලන අධිකාරියේ සැඟවුණු අරමුණු නැහැ කියා අපි ඔප්පු කර තිබෙනවා. ඒනිසා රාජ්‍ය යාන්ත්‍රණය අපට සහයෝගය ලබා දෙයි කියා විශ්වාස කරනවා. මෙහිදී රාජ්‍ය යාන්ත්‍රණයේ ආකල්ප පවා වෙනස් විය යුතුයි. නිශ්චිත කාලයට තීන්දු තීරණ නොගත් විට අපේක්ෂිත ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඩිජිටල්කරණය කිරීම තුළින් පහසුව, කාර්යක්ෂමතාවය පමණක් නොව රට තිබෙන තැනින් නව තලයකට ඔසවා තැබීමටද හැකියාව තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය ඩිජිටල්කරණය අනිවාර්යෙන්ම කළයුතුයි.

ඩිජිටල් හඳුනුම්පත පිළිබඳ මිත්‍යා මත විද්‍යාත්මකව බිඳ දමා නව ලෝකයට සරිලන අනන්‍යතාවයක් ඇති කිරීමට හැකියාව තිබෙනවා. ඒ සඳහා ඉන්දියානු රජය රුපියල් බිලියන 10ක ප්‍රදානයක් ලබා දෙනවා.

පරිපාලනය සඳහා නව වැඩපිළිවෙළක් අවශ්‍ය බව පැහැදිලියි. මෙතෙක් පැවති රාජ්‍ය පරිපාලනය අසාර්ථක හා දූෂිත බව පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවාව ලබා ගැනීම සඳහා දැරිය යුතු විශාල පිරිවැයක් තිබෙනවා. සමහර ආයතනවල දැන් කළ යුත්තක් නැහැ. යුගයට අවශ්‍යතාවය අනුව එම ආයතන ස්ථාපිත කළත් ඒ සඳහා වර්තමානයේදී කරන්න වැඩපිළිවෙලක් නැහැ. එක් ක්ෂේත්‍රයක් සඳහා රාජ්‍ය ආයතන ගණනාවක් තිබෙනවා. ඒ සියල්ල ඒකාබද්ධ කළ යුතුයි.

මෙරට ආර්ථිකයේ අපනයන ආදායමෙන් 90%ක් ලබා දෙන්නේ ආයතන කිහිපයක් පමණයි. රේගු අදායමෙන් 69%ක් ලබා දෙන්නේ ෆයිල් 621යි. ඒ වගේම බස්නාහිර පළාත ජාතික ආර්ථිකයට 37%ක් දායක වන විට ඌව පළාත ජාතික ආර්ථිකයට දායක වෙන්නේ 5%ක් පමණ යි. ආර්ථිකය කුඩා කණ්ඩායම් අත පමණක් තැබීමෙන් ආර්ථිකය ප්‍රසාරණය කරන්න බැහැ.

අස්වැසුම මිලියන 1.8 ප්‍රතිලාභ ලබා දෙනවා. නමුත් තවත් ලැබිය යුතු කණ්ඩායම් සිටිනවා. ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කිරීම සඳහා නව ආර්ථික අවස්ථා ඇති කළ යුතුයි. වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව වන්නේ නව ආර්ථික ප්‍රභවයන්, අවස්ථාවන් ගමට හඳුන්වාදීමයි. එසේ සිදුවීමේදී ආර්ථික ප්‍රතිලාභ ගමට ගලාගෙන යනවා.ජනතාවගේ ක්‍රයශක්තිය වැඩිවීම තුළින් ග්‍රාමීය දුප්පත් භාවය තුරන් කළ හැකියි.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ පැවතුණේ පුද්ගලයන් ඉලක්ක කරගෙන ආධාර ලබාදීමේ වැඩපිළිවෙළයි. එහිදී එක් පුද්ගලයෙක් ඉලක්ක කරගෙන මී ගවයෙක් හෝ කුකුළු පැටවූ ලබාදීම සිදුකළා. එය සාර්ථක නම් මේ වනවිට ගොවිපළවල් විශාල ගණනක් තිබිය යුතුයි. එම නිසා ප්‍රජාව සවි බල ගැන්වීම සඳහා නව ආර්ථික ප්‍රභවයන් ඇති කිරීමට වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්ණායක තුළ හිඳිමින් ආධාර අවශ්‍ය ප්‍රතිලාභීන් සඳහා වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට රජය කටයුතු කරමින්සිටිනවා. මූල්‍ය උත්තේජනයක් ඇති කිරීමට ඉලක්කගත වැඩපිළිවෙලක් අප සතුව තිබෙනවා. මෙරට තිබූ සහනාධාර ක්‍රමවේදය මුළුමනින්ම දේශපාලනීකරණය වෙලා තිබුණේ. එය අපි නවතා දමනවා. නිශ්චිතවම සහනාධාර ලැබිය යුතු කෙනාට ලබාදීමේ ක්‍රමවේදය ආරම්භ කර තිබෙනවා.

වෙළඳපළ නිදහස් බව පැවසුවත් ලෝකයේ වෙළඳපොළ නිදහස් නැහැ. ලෝක වෙළඳපොළ බෙදා වෙන් වී තිබෙනවා. ඒ බෙදා වෙන් වී තිබෙන වෙළඳපොලෙන් අපේ පංගුව අත්පත් කරගන්න රජය කටයුතු කරමින් සිටිනවා. ඒ සඳහා අපට ආසන්නම වෙළඳපොළ තිබෙන ඉන්දියාව සමග ලෝක වෙළඳපළට ප්‍රවිෂ්ට වීමට අප අධ්‍යයනය කරමින් සිටිනවා. මීට පෙර ඉන්දියාව සමග තිබු වෙළඳ ගිවිසුම අධ්‍යයනය කරමින් එහි වාසි අවාසි පිළිබඳ සැලකිල්ලට ගෙන නව වෙළඳ ගිවිසුමක් ඔස්සේ ලෝක වෙළඳපොලේ පංගුව අත්පත් කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

ලෝකය ප්‍රකාශ මත ඉදිරියට යන්නේ නැහැ. දැනට එක්සත් ජනපදය විසින් කරන ප්‍රකාශ වලින් ගැටුම්කාරී හෝ බියජනක අවස්ථා ඇතිවේ යැයි සිතන්නට පුළුවන්. නමුත් ලෝකය ප්‍රකාශ වලින් නවතින්නේ නැහැ.

රට හදන්න අපි සියලු දෙනා එකතු වෙමු. රාජ්‍ය සේවය ලබාදීම සඳහා විශාල වැය බරක් දැරීමට සිදුවෙනවා. රාජ්‍ය සේවයේ මිලියන 1.3ක් ඉන්නවා.රාජ්‍ය සේවයේ පහළ ස්තරය අතිරික්තයක් වුවත් මැද ස්ථරයේ විශාල සේවක හිඟයක් තිබෙනවා. මේ සඳහා විභාගයක් පැවැත්වුවහොත් පෞද්ගලික අංශයේ රැකියා කරන අය පවා පැමිණෙනවා. පෞද්ගලික අංශයේ ආකර්ෂණය නොවන රාජ්‍ය අංශයේආකර්ෂණය වන රාජ්‍ය සේවාවක් අපේ රටේ තිබෙන්නේ. එම නිසා පෞද්ගලික අංශයත් ආකර්ෂණීය සේවා කරන ස්ථානයක් බවට සංවාදයක් ඇති කළ යුතුයි.

1991 වසරේදී වතු රජය සමාගම්වලට ලබා දුන්නා. නමුත් වසර තිස් දෙකක් ගියත් වතු සේවකයෙකුට දෛනික රුපියල් 1700ක් ලබාදීමට සමත්ව නැහැ. එවිට එම සමාගම් සාර්ථක ද නැද්ද කියා සිතා බැලිය යුතුයි. ඊයේ රේගුවේදී නීති විරෝධීව ගෙනා බහලුම් විවෘත කළ බැලුවා. එය ගැන්වීම් කළ කෙනෙක් හිටියේ නැහැ. නමුත් එම බහලුම් විවෘත කළ බැලූ විට ප්‍රසිද්ධ සමාගමක ලේබල් අලවා තිබුණා. එම නිසා ජනතාව ආකල්ප වශයෙන් වෙනස් විය යුතුයි. දේශපාලන අධිකාරියේ ගුණාංග අප ගෙනවිත් තිබෙනවා. නමුත් ඔබ තුළ පරිවර්තනය වෙනසක් ඇති නොකර රටක් හැටියට ඉදිරියට යන්න බැහැ.

කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ , ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව යන මහත්වරු සහ වාණිජ මණ්ඩලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

සම්බන්ධිත පුවත් | Related News

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව තැපැල් සහ අනෙකුත් ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 114කට අධික මුදලක් වැය වී ඇති බව රජයේ මුද්‍රණාලායාධිපති ප්‍රදීප් පුෂ්පකුමාර පවසනවා.
පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්
ඇමරිකාව විසින් පනවා ඇති නව තිරුබදු අනුපාතයන් සම්බන්ධයෙන් වහා සාකච්ඡා කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සඳහන් කරයි.
"සිරි දළදා වන්දනාව" සිදු කෙරෙන මෙම දිනවල 'ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ' බව ප්‍රකාශ කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ඡායාරූපය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දී තිබේ.
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
ගෞතම බුදුරජාණන්වහන්සේගේ වාම දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැකබලාගැනීමේ දුර්ලභ අවසථාව උදාකර දෙන “සිරි දළදා වන්දනාවේ තුන්වන දිනය අදයි .
ආණ්ඩුවට සහල් අර්බුදයට විසදුම් නොමැති බවත් ඊට ඇති එකම විසදුම සහල් පිටරටින් ආනයනය කිරීම පමණක් බවත් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. ඊයේ වශේෂ මාධ්‍ය හමුවක් පවතිවමින් ඒ් මහතා මේ අදහස් පළ කළේය.
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල

කොටින්ගෙන් වෙන් වෙලා ඇවිත් කොටි පරදන්න ජීවිතය පරදුවට තියලා සටන් කළ තමන්ට සළකන්නේ මෙහෙමදැයි පිල්ලෙයාන් හඬා වැටෙමින් කඳුළු සළමින් පැවසූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (16) පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.