මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ.. අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ.. - බන්ධනාගාර මාධ්ය ප්රකාශකට අස්ගිරි මහනාහිමි කියති..
බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අනෙකුත් නීති රීති හෝ චක්රලේඛ සංශෝධන ඉදිරිපත් කිරීම පසෙකලා උන්වහන්සේ වහා නිදහස් කිරීමට පියවර ගත යුතු බවත්, මේ වන විට රටේ ජනතාව කලබලයට හා නොසන්සුන්තාවට පත්ව සිටින බවත් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්ය වරකගොඩ ශ්රී ඥානරතන මහානාහිමිපාණන් වහන්සේ අවධාරණය කළහ.
බන්ධනාගාර කොමසාරිස් මෙන්ම ඇතුළු ජ්යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් පිරිසක් මහනුවර අස්ගිරි මහා විහාරය වෙත පැමිණ මහානායක හිමිපාණන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙම දැඩි ප්රකාශය සිදුකළහ.
එම හමුවේදී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුළු නිලධාරීන් විසින් මහානායක හිමියන් වෙත කරුණු දක්වමින්, බන්ධනාගාරගත වන භික්ෂූන් වහන්සේලාගේ විනය හා ආරක්ෂාව සම්බන්ධයෙන් පවතින නීති රීති මෙන්ම ඊට අදාළ බන්ධනාගාර චක්රලේඛ සංශෝධනය කිරීම සඳහා නව කෙටුම්පතක් සකස් කරමින් පවතින බවත්, ඒ පිළිබඳව උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි බවත් සඳහන් කරමින් අදාළ ලේඛනයක්ද උන්වහන්සේ වෙත භාරදෙනු ලැබීය.
නිලධාරීන් ඉදිරිපත් කළ කරුණු සාවධානව අසා සිටි අස්ගිරි මහානාහිමියෝ ඊට සෘජු ප්රතිචාර දක්වමින් මෙසේ ප්රකාශ කළහ.
"ඔය අනං මනං කියලා හරියන්නේ නෑ... නිදහස් කරන්නනේ තියෙන්නේ. මිනිස්සු කලබල වෙලානේ ඉන්නේ. නිදහසක් තියෙන්නත් එපැයි..."
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..
ඉන්දියානු උවමනාවට රුවන්වැලි මහා සෑයට යකඩ වැටක්.. ජේතවනාරාමය අසල රාම කෝවිලක්.. - වෛද්ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක් (වීඩියෝ)
ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහි පෙත්සම් විභාගයට විශේෂ ත්රිපුද්ගල විනිසුරු මඩුල්ලක්.. - කුරුන්දි ඇතුළු පුරාවිද්යා නඩු විභාගය ලබන වසරේ මාර්තු 24 ට
කන්නන්ගර මහතා නොසිටියා නම් අද ශ්රී ලංකාවේ අධ්යාපනය සිංහල නොවෙයි.. භාෂාවත් සිංහල නොවෙයි.. - ස්වභාෂා අධ්යාපනයට සිදුවූ දේ මහාචාර්ය පූජ්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි හෙළිකරති..