
සදුදා සිට තෙල් නැති වෙයි... අද එන්නේ ඊයේ ඕකර් කළ තෙල්... ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය කියයි
කොළඹදී මාධ්‍ය අමතමින් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ අද සහ හෙට දෙදිනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ උපසභාපති කුසුම් සන්දනායක මහතා කියා සිටියේ
ඔවුන් පෙන්වා දෙන්නේ දැනට ඉන්ධන ලැබෙමින් පවතින්නේ ඊයේ සිකුරාදා දින මුදල් ගෙවා ඇණැවුම් කරන ලද ඉන්ධන තොග පමණක් බවත්, එසේ ඉන්ධන පිරවුම්හල් වෙත ලැබෙන තොග අද සහ හෙට දෙදින තුළ බෙදා අවසන් කරන බවත් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවත්ය.
තම ගැටළුවට විසඳුම් ලැබෙන තෙක් නව තොග කිසිවක් ඇණැවුම් නොකරන බවද පැවසූ ඔහු ඒ හේතුවෙන් ලබන සඳුදා දින සිට ඉන්ධන හිඟයක් රට තුළ ඇතිවණු ඇති බවද පැවසුවේය.
තෙල් බෙදා හරින්න සඳහා ලබා දී ඇති 3% කොමිස් මුදල ඉවත් කර නව සූත්‍රයක් හඳුන්වාදීමට ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කළ ද සාධනීය ප්‍රතිචාරයක් නොලැබුනු තැන මෙම ක්‍රියා මාර්ගය හැර වෙනත් විකල්පයක් ඉතුරු නොවූ බවද ඔහු කියා සිටී.
කෙසේ වෙතත් මෙම තත්වය සදහා මැදිහත් වන්නැයි ජනාධිපති ඇතුළු සියළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු තව දුරටත් පැවසුවේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති
ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ
චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි
ONLINE පනත ඉවතට
සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි
වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි
’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්
‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි
අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ
245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන
සිරි දළදා වන්දනාවට සියල්ල සූදානම්
රට බේරා ගන්න උදව් කළාට මට මෙහෙම ද සලකන්නේ.. පිල්ලෙයාන් කඳුළු සළමින් ඇසුවා - උදය ගම්මන්පිල
ට්‍රම්ප් තම වෙළඳ යුද්ධය තුළ සැබවින්ම කැමති දේ...
ආණ්ඩුව කළ නොහොබිනාම දේ තමයි තිලක් සියඹලාපිටිය විදුලිබල මණ්ඩලයේ සභාපති කිරීම - සංඛ චන්දිම අභයවර්ධන (වීඩියෝ)
හිසතෙල් ගෑමේ නැකැත අද
ආණ්ඩුව තාප බලාගාර මාෆියාවකට අහුවෙලා
