News Category
From Date
To Date
Maximum Number of Result

පවතින අධික වැසි හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබෙන උසස් පෙළ විභාගය යළි පවත්වන දිනය පිළිබඳ තීරණයක් එළැඹෙන 29වනදායින් පසුව ගැනීමට බලාපොරොත්තු වන බව ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.

අද උතුරේ ජනතාව සාමාන්‍ය ආකාරයට එක් වී සාකච්ඡා, සංවාද කරන පරිසරයක් නිර්මාණ වී ඇති බවත්, ඒවා මහ විරු සැමරුම් යැයි තමන් විශ්වාස නොකරන බවත් කථානායක අශෝක රන්වල මහතා සඳහන් කරයි.

ප්‍රභූ දේශපාලනය අවසන් කිරීමට මෙවර මහ මැතිවරණයේ දී ජනතාව මතවාදී ලෙස පෙළගැසී ඇති බවත්, 1977 පසු බිහිවූ පාදඩ ප්‍රභූන් පිරිසක් අත රටේ පාලනය පැවතීම මත රට ඉතා විනාශකාරී තැනකට ගමන් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ සමාජයේ කුල දූරාවලිය ඉතා ශක්තිමත් බවත්, යාපනයේ හින්දු වෙල්ලාල කුලය මෙම කුලවලින් ඉහළින්ම සිටින කුලය බවත් එස්. මනෝරංජන් මහතා පවසයි.

ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ට ප්‍රසාද දීමනා ලබාදීම හේතුවෙන් විදුලි ගාස්තු සඳහා ජනතාවට ලබාදෙන සහනය කිසිසේත්ම අඩපණ නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අයහපත් කාලගුණ තත්ත්වය නිසා උසස් පෙළ විභාගය දින තුනක් නොපැවැත්වීමට බලධාරීන් විසින් තීරණය කර ඇති පසුබිමක ඉදිරියේ දී විභාගය යළි පැවැත්වීමේ දී කාලසටහනේ ප්‍රශ්න පත්‍රවල අනුපිළිවෙල සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී ඇති බව මහජන යුතුකම් කේන්ද්‍රය පවසයි.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය 2024 නොවැම්බර් 26 වැනි දින පස්වරු 06.00 ට පමණ වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 240 ක් පමණ දුරින් ගිනිකොන දෙසින් පිහිටා තිබුණි.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබෑමට නියමිතව තිබූ ගුවන් යානා 6ක් ආපසු හරවා යවා තිබේ.

නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බවත්, එය අද (27 වැනිදා) දිනයේදී සුළි කුණාටුවක් බවට පත්වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.