News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක බලයට පත්වීමෙන් පසු පත්කරන ලද පළමු කැබිනට් මණ්ඩලයේ විෂය පථය යටතේ ඈවර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම නව කැබිනට් මණ්ඩලය යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට එකතු කර ඇති අතර, එම සමාගම හරහා පෝෂණ ගුණයෙන් යුතු ආහාර සැපයීමට කටයුතු යොදා තිබේ.

මෙතෙක් කර ඇති විදුලි ව්‍යාපෘති වෙනුවෙන් බිලියන තුන්සියයක් ගෙවීමට ඇති බවට විදුලි බල මණ්ඩලයේ බලධාරීන් මහා භාණ්ඩාගාරයට සහ අයිඑම්එෆ් නියෝජිතයන් වෙත ලිපියක් යවා ඇති බවත් මෙසේ ඔවුන් කරන්නේ විදුලි ගාස්තු අඩුකිරීම මගහැරීමට බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා ඊයේ (28දා) සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප් කප්පාදු කරන බවට තම ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් සඳහන් කර නොමැති බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව නිශ්චිත කරුණු තම පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මගින් ඉදිරිපත් කර ඇති බවත් ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්මාලි හෙමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

‘දේශපාලන ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ආයතන ලග තබා ගත් රාජ්‍ය නායකයා ලෙස ජනපති අනුර ඉතිහාස ගත වෙනවා’ යයි නව ජනතා පෙරමුණේ නායක සුගීෂ්වර බණ්ඩාර මහතා පවසයි.

උතුරු සහ නැගෙනහිර පළාත් දෙමළ කතා කරන ප්‍රදේශ ලෙස නිල වශයෙන් පිළිගන්නා ලෙස ඉල්ලීම වෙනුවෙන් දෙමළ ජාතිකවාදී පක්ෂ සන්ධානයක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව උතුරු පළාත් හිටපු ප්‍රධාන ඇමැති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ තමිල් මක්කල් තේසිය කුට්ටනි නායක ජනාධිපති නීතිඥ සී.වී. විග්නේෂ්වරන් පවසයි.

2025 වසර සඳහා වන අයවැය ඉදිරිපත් කිරීම ප්‍රමාද වීම හේතුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් මෙරටට ලබා දෙන සිව්වැනි ණය වාරිකය ලබාදීම ප්‍රමාද වනු ඇති බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ආණ්ඩු බලය ලබා ගත්තේ 225 දෙනාට පමණක් රට ගොඩනැගීමට හැකි යයි කල්පනා කර නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා සඳහන් කරයි.

පොහොර සහනාධාරය ප්‍රමාද බවට එල්ලවන චෝදනා පිළිගන්නා බව කෘෂිකර්ම නියෝජ ඇමති නාමල් කරුණාරත්න මහතා සඳහන් කරයි.

වර්තමාන රජය තමන්ට ලැබුණු ජනවරම නිවැරදිව හඳුනාගත යුතු බවත්, බෙදුම්වාදයට පක්ෂව, රණවිරුවන් පාවාදීමට පක්ෂව ලැබූ ජනවරමක් බව ආණ්ඩුව සිතනවා නම් ඔවුන්ට වැරදී ඇති බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමගමේ, ශ්‍රී ලංකා නිදහස් වෘත්තීය සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පවසයි.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.