News Category
From Date
To Date
Maximum Number of Result

‘ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ කාලේ හිටපු ප්‍රධාන නායකයෙකුගේ බිරිඳක් අදත් ප්‍රධාන අමාත්‍යාංශයක ලේකම්තුමියක්. එතුමිය රනිල් වික්‍රමසිංහගෙ ආණ්ඩුවෙත් ලේකම්. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවෙත් ලේකම්’ යයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

පසුගිය සතියේ, අගමැති හරිනි අමරසූරිය මහත්මිය මහජන චීන සමූහාණ්ඩු රජයෙන් ප්‍රදානයක් ලෙස ලැබෙන පාසල් නිල ඇඳුම් තොගය භාරගන්නා අවස්ථාවේදි තායිවානය නිල වශයෙන් හඳුන්වනු ලබන ‘චීන ජනරජයට’ චීන තානාපති සහ අනෙකුත් නිලධාරීන් ඉදිරියේ ස්තූතිය පුද කිරීම මගින් ශ්‍රී ලංකා රජය රාජ්‍යතාන්ත්‍රික වරදක් කරනු ලැබීය.

මෙරට බලශක්තිය උත්පාදනය කර අතිරික්ත බලශක්තිය ‘බිම්ස්ටෙක්’ රටවලට අපනයනය කරන බව විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය.

අද (17) පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසූවේ උපයන විට බද්ධ සංශෝධනය කිරීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡාවලදී එකඟතාවකට පැමිණි බවයි.

‍ෙඅභිනවයෙන් පත්වූ ජනාධිපති හමුවේ දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම හෙවත් රට මුහුණ දෙන අනතුර හමුවේ කුමක් කළ යුතුද යන වග හෙළිදරව් කරමින් එළි දක්වමින් මහජන සංදේශය සම්මුතියක් ලෙස අත්සන් තැබීම සියළුම ජාතික සංවිධාන වල සහභාගිත්වයෙන් ඊයේ (17) පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී සිදු විය.

ජනාධිපතිගේ ඉන්දීය සංචාරයේදී ඉන්දියාව සමඟ එකඟ වී ඇත්තේ සාම්පූර් ප‍්‍රදේශයේ සුර්ය විදුලි ව්‍යාපෘතියක් ඇතුළු කාරණාවලට බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය පවසයි. ඒ අනුව ජනාධිපති අනුර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරයේදී ගිවිසුම් ගණනකට එකඟ වූ බවට විපක්ෂය විසින් නගන චෝදනා අසත්‍ය බව ඇය අවධාරණය කරයි.

"යුක්රේනයට බටහිර ආයුධ සැපයීම සහ යුක්රේන අර්බුදය සාමකාමීව සමථයකට පත් කිරීමේ අපේක්ෂාවන්ට ඇති බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 20 වැනි දින අපි ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී Igor Kirillov ට එරෙහි ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ ප්‍රශ්නය අපි අනිවාර්යයෙන්ම මතු කරනවා. "

රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 21 ඉන්දියාව සමග එකඟවූ එකඟතාවයේ දී එට්කා ගිවිසුම සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කර අවසන් කරන බව ප්‍රකාශකර තිබූ බවත්, මෙවර එකඟතා ප්‍රකාශයේ ද ඒ පිළිබඳව සඳහන්කර ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග රටට අහිතකර ගිවිසුම්වලට එළඹීමේ දී එයට එරෙහිව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හඬ නැගූ බවත්, 2023 දී ප්‍රකාශකළ කතාවකින් ඔහු චෝදනා කර තිබුනේ ඉන්දියාව නොමැතිව මෙරට කිසිඳු ආර්ථිකමය, දේශපාලනික හා සංස්කෘතිමය තීරණයක් ගැනීමට නොහැකි තත්ත්වයකට රනිල් වික්‍රමසිංහ රට පත්කිරීමට කටයුතු කරන බවත් යැයි මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.