News Category
From Date
To Date
Maximum Number of Result

එට්කා අත්සන් තබන්න නොව එට්කා ගැන කතා කිරීමටවත් අනුර කුමාර දිසානායක මහතාට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි.

පසුගිය ආණ්ඩුව සමයේ ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණයට එරෙහි විරෝධතාවලට සහභාගිවීම හේතුවෙන් වැඩ තහනමට ලක්වූ ලංවිම සේවකයන් 62 දෙනකු වන්දි සහිතව යළි සේවයේ පිහිටුවා තිබේ.

ශක්තිමත් ස්ථාවර ආර්ථිකයක්, සමාජ සාධාරණත්වය අරමුණු කර ගත් අව්‍යාජ ජනතාවාදී දේශපාලන සංස්කෘතියක් මෙන්ම, මනුෂ්‍යත්වය හා නිදහස පිරුණු, සුන්දර රටක් නිර්මාණය කිරීම වෙනුවෙන් කැප වීමට මෙම උතුම් නත්තලේ දී අපි සියලු දෙනා අදිටන් කරගනිමු යැයි නත්තල් දින පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

සංශෝධනයට ලක් කරන ලද අස්වැසුම සුබසාධක ගෙවීම් යෝජනා ක්‍රමය ගැසට් කර තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගුරු සංගමයේ හිටපු සභාපතිනී වසන්තා හඳපාන්ගොඩ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

සාමයේ පණිවුඩය ලොවට රැගෙන ආ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තිය සිහිකෙරෙන අසිරිමත් නත්තල් දිනය අදට යෙදී තිබෙනවා.

ඇතැම් පාර්ශ්ව බුදුදහමට අවමන් කරමින් සිදුකරන ක්‍රියා ආගමික ගැටුමක් දක්වා වර්ධනය වීමට පෙර ඒවාට එරෙහිව පියවර ගත යුතු බව මල්වතු සහ අස්ගිරි මහා විහාර පාර්ශ්ව පෙන්වාදී තිබේ.

ඉන්දියානු සමාගමක් හා එක්ව මෙරට ජනතාවට විද්‍යුත් හැඳුනුම්පත් ලබා දීමේ වැඩසටහන පිළිබඳව නැවත සලකා බලන්නැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ රජයෙන් ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.