News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා මත්පැන් බලපත්‍රලාභීන්ගේ සම්මේලනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත්තේ, රුපියල් දෙදහසකට නොවැඩි මුදලකට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමේ වැඩ පිළිවෙළ අවුල් කිරීමට එක්තරා බියර් නිෂ්පාදන සමාගමක් අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් සහ හිටපු සුරාබදු නිලධාරීන් පිරිසක් කුමන්ත්‍රණ කරමින් සිටින බවයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ඉදිරියට ගෙනයාමට නම් ක්‍රම ක්‍රමයෙන් රජයේ බදු ආදායම් වැඩිකර ගත යුතුව ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ ආර්ථික විද්‍යාඥ මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා පවසයි.

මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා වත්මන් ආණ්ඩුව පොලීසියට පූර්ණ නිදහස ලබාදී ඇතයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.

බස්නාහිර පළාතේ පාසල් රජයේ පාසල් වල ගුරුවරුන්ට පළාත් අධ්‍යාපන මහත්තයංශය විසින් නිකුත් කර තිබූ චක්‍රලේකයක් අත්හිටුවීමට කටයුතු කර තිබේ.

ලුණු ආනයනය කිරීමට අදාළව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව විසින් ජාත්‍යන්තර ටෙන්ඩර් කැඳවා තිබේ. රට තුළ පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග 2025 වසරේ පළමු කාර්තුවේ දී ලුණු හිඟයක් ඇතිවිය හැකි බවට නිරීක්ෂණයවීම හේතුවෙන් අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීමට පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවුණි. 2025 වසරේ ජනවාරි මස 31 වනදා ට පෙර ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව මගින් එම ලුණු ආනයනය කර දේශීය ලුණු නිෂ්පාදකයින් මගින් වෙළෙඳපොළට සැපයීම සඳහා එලෙස අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදෙනු ලැබීය. ඒ අනුව ලුණු ආනයනය කිරීම සඳහා සුදුසුකම්ලත් ජාත්‍යන්තර සැපයුම්කරුවන්ගෙන් ටෙන්ඩර් කැඳවීමට රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ටෙන්ඩර් කැඳවීම පසුගිය 21 වනදා ආරම්භ කර ඇති අතර ජනවාරි මස 02 වැනිදා දක්වා ඒ සඳහා කාලය ලබා දී ඇති බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ලුණු ඍජුව ආනයනය කිරීම සඳහා දේශීය නිෂ්පාදකයින් විසින් අවසර ඉල්ලා තිබුණ ද එම කටයුතු රජයේ පාර්ශවයෙන් සිදුකිරීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර ඇත. කෙසේවෙතත් ලුණු ආනයනය කිරීම සඳහා ජනවාරි මස 31 වනදා දක්වා පමණක් කාලය ලබා දී ඇති බැවින් ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසු එම කටයුතු සඳහා ඉතිරිව පවතින්නේ ඉතා කෙටි කාලයක් වන බැවින් එම කාලය තුළ ලුණු මෙට්‍රික් ටොන් 30,000ක් ආනයනය කිරීම ප්‍රායෝගිකව දුෂ්කර ක්‍රියාවක් බවත් කර්මාන්තකරුවන් පෙන්වාදෙයි. නියමිත කාලයට පෙර ලුණු ආනයනය කිරීමට නොහැකි වුවහොත් ලුණු ආශ්‍රිත ඇතැම් නිෂ්පාදන සඳහා බාධා ඇතිවීමේ තත්ත්වයක් ද උද්ගත විය හැකි බව ඔවුන් පෙන්වාදෙයි. ඇතිවිය හැකි තත්ත්වය පාලනය කිරීම සඳහා ලුණු ආනයනය ක්‍රියාවලිය කඩිනම් කළ යුතු බව ලංකා ලුණු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන එම සඳහා තම සංගමය දැඩි කැපවීමෙන් කටයුතු කළ බව සමස්ත ලංකා සුවසේවා සංගමයේ වෛද්‍ය සැපයුම් ආයතනයේ සභාපතිවරයා පවසයි.

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්‍ෂාව ඉවත්කරමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (23) පැවසීය.

අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ‘ආචාර්ය’ යනුවෙන් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ පළ කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සකස් කරන ලද වාර්තාවක් ජනාධිපති අනුර දිසානායක මහතාට හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇත.

ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ සුදත් මහදිවුල්වැව මහතා ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. එම පත්වීම අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වෙයි.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.