පාස්කු වාර්තා පොලිස් කමිටුවට ශානි පත්කළාට කතෝලික සභාව කැමැතියිලු..
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව සමාලෝචනය කිරීමට පත්කළ කමිටුවට හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පත්කිරීමට විරුද්ධ නොවන බව කතෝලික සභාව පවසයි.
පළමුව සාමාජිකයන් හතර දෙනකුගෙන් සමන්විත වූ කමිටුවට ශානි අබේසේකර ඇතුළත් කිරීමත් සමඟ එහි සාමාජිකයන් සංඛ්‍යාව පස්දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කෙසේවෙතත්, බෝම්බ ප්‍රහාරය එල්ල වන විට ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර ඇති බැවින් ඔහුගේ පත්කිරීම සම්බන්ධයෙන් මේවනවිට යම් මත්භේදාත්මක තත්වයක් ද උද්ගත වී ඇත.
ඒ සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබඳ The Morning පුවත්පත කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමාගෙන් කළ විමසීමකදී පියතුමන් පවසා ඇත්තේ මෙම කමිටුව පත්කර ඇත්තේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව අධ්‍යයනය කිරීමට පමණක් බවයි.
එය සවිස්තරාත්මක ලියවිල්ලක් බවත් ඊට සහය දැක්වීම සඳහා අනු කමිටු ද පිහිටුවනු ඇති බවත් අධ්‍යයනය අවසන් වූ පසු ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹෙනු හැකි බව ද ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසා තිබේ.
ශානි අබේසේකර එම කමිටුවේ සාමාජිකයකු ලෙස පත්කිරීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ගැටලුවක් නොමැති බවද උන්වහන්සේ පවසා ඇත.
”ත්‍රස්තවාදී ප්‍රහාරයක් සිදුවන බවට සීඅයිඞීයට කළින් තොරතුරක් ලැබී තිබුණත්, සීඅයිඩීයට වඩා පොලිසියට, බුද්ධි අංශවලට ප්‍රහාරයන් සිදුවීමට පෙර කලට වේලාවට ක්‍රියාත්මක වී සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිබුණා. අපි දන්නා පරිදි ඔහු දක්ෂ නිලධාරියෙක්. ඔහුගේ පත්වීම ගැන අපේ විරෝධයක් නැහැ.” යැයි සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් පවසා තිබේ.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීම සහ විශ්ලේෂණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිටගේ ප්‍රධානත්වයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය විසින් එම කමිටුව පත්කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර