News Category
From Date
To Date
Maximum Number of Result

ඉකුත් දා සිදුවූ ජනාධිති අනුර කුමාර දිසානායක මහතාගේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අනුර කුමාර දිසානායක මහතා එකඟතා කිහිපයකට එළඹී ඇති බවත්, ඉන්දියානු ආණ්ඩුව ඒ පිළිබඳව ප්‍රකාශන කිිහිපයක් සිදුකර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම තුළ වැටුප් ලබන පොලිස් නිලධාරීන් සිටින බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසයි.

රට පුරා වගා හානි කරන රිලවුන් අල්ලා දූපතකට ගෙන ගොස් දැමීමේ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය කටයුතු කර තිබේ.

රුසියාවේ ෆෙඩරල් ආරක්ෂක සේවය (FSB) අද(25) ප්‍රකාශ කළේ රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කරන ආරක්ෂක කර්මාන්ත ව්‍යවසායක ප්‍රධානියෙකුට එරෙහිව මොස්කව් කලාපයේදී යුක්රේන විශේෂ සේවා විසින් සැලසුම් කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයක් සාර්ථකව වැළැක්වූ බවයි.

ලබන වසරේ ජනවාරිජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 12 ට අඩු ළමයින් වෙළද ප්‍රචාරණයන්ට යොදා ගැනීම තහනම් කිරීමට අදාළ ගැසට් නිවේදනය ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කළා.

අඛණ්ඩ භාරත් නැමති සංකල්පය මගින් ඉන්දියාවේ අරමුණ වී ඇත්තේ ඉන්දියානු කලාපයේ ඇති සියලු රටවල් ඉන්දියා අර්ධ යටත් විජිත බවට පත්කර ගැනීම බව දෙවන පරපුරේ නායක උවිදු විජේවීර පවසනවා. එයට චීනය පවා අයත් බවයි ඔහු පවසන්නේ. එදා සර්දාර් පනික්කාර් දුටු සිහිනය යථාර්තයක් කර ගැනීම සදහා ඉන්දියාව කටයුතු සිදුකරමින් පවතින බවද ඔහු පවසනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයට යාමට අවශ්‍ය කටයුතු සිදු සිදුකරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික විධායක සභික නීතිඥ රවින්ද්‍ර ජයසිංහ මහතා අද (25) මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

පසුගිය දා බස්නාහිර පළාතේ ගුරුවරුන්ට සිය පාසල තුළ දරුවන්ට ටියුෂන් පැවැත්වීම තහනම් කරන චක්‍රලේඛයක් අග්‍රාමාත්‍ය අධ්‍යාපන ඇමති හරිනි අමරසූරියගේ යටතේ පවතින බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරනු ලැබීය.


ප්‍රධාන පුවත්

රට අනතුරේ හෙලමින් NATO සරණ පතන්නේ නොදන්නාකමට ද?, මෝඩකමට ද?.. - වෛද්‍ය ජී. වීරසිංහ ගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා කැනඩාවේදී NATO හමුදා ප්‍රධානීන් හමුවී, මෙරට අවි ආයුධ නවීකරණය කිරීමටත්, යුධ ගබඩා සැලසුම් කිරීමටත්, NATO සංවිධානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ඉහළ නැංවීමටත් කළ ආරාධනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සිය දැඩි විරෝධය පළ කර සිටියි.

වෙනිසියුලාවේ ඩෙල්සි රොඩ්‍රිගස්ටත් වඩා අනුර භයානකයි.. - විමල් වීරවංශ

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දෙවසරක පාලන කාලය ලෝකයේ වෙනත් රටක පාලනයක් හා සැසඳීමේ දී හොඳම සමපාත වීම ලෙස සැලකිය හැක්කේ වෙනිසියුලාවේ අන්තර් කාලීන ජනාධිපති ඩෙල්සි රොඩ්‍රිගස් ගේ පාලනයට බව ජානිපෙ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.