News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට වෙනත් නිවසක් නොමැති නම් ඔහුට සුදුසු නිවසක් රජයෙන් ලබා දෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

මහ කන්නයේ වී අස්වනු නෙළීම දිස්ත්‍රික්ක රැසක ආරම්භ වුවත් තවමත් වී සඳහා රජය සහතික මිලක් ප්‍රකාශයට පත්කර නොමැතිවිම හමුවේ තමන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇති බව ගොවීන් චෝදනා කරනවා.

සාමාජ මාධ්‍යජාල හරහා මේ වන විට සංසරණය වන අත්අඩංගුවට පත්ව සිටින අවස්ථාවේ දී යෝෂිත රාජපක්ෂ මහතාගේ ගෙන ඇති ඡායාරූපය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී හෝ පොලිස් නිලධාරියෙකු විසින් ගත් ඡායාරූපයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පවසනවා.

ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැරලෝහ ශරීර ගතවන වන අතර එමගින් පසු කාලීනව ඔවුන්ට පිලිකා සහ වකුගඩු රෝග ඇතිවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවසීය.

" වෙන්නේ කුමක්දැයි බලාගෙන ඉඳිමු" යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේ ප්‍රදේශවාසීන් පිරිසක් හමුවේ අද පැවසීය.

කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය මගින් පවත්වනු ලබන *බෞද්ධ මනෝවිද්‍යාව හා උපදේශනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ සාර්ථක 07 වන කණ්ඩායම* සඳහා සමාරම්භක උළෙල *මානවශාස්ත්‍ර පීඨයේ පීඨාධිපති ආචාර්ය සුදත් සෙනරත් මැතිතුමන්ගේ* ප්‍රධානත්‍වයෙන් මානවශාස්ත්‍ර පීඨ කොටහේනේ ශ්‍රී ප්‍රඥාකීර්ති නාහිමි අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් අයුරින් 2025-01-12 දින උදෑසන 10.00 සිට පැවැත්විණි.

පසුගියදා නිමකළ චීන සංචාරය අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක චීනයේ CGTN පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්ව තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික් මහා වාරිමාර්ග ඒකාබද්ධ කොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක මහතා පෙන්වා දෙන්නේ අද ආණ්ඩුවට වුවමනා වී ඇත්තේ වී ගොවියාගේ නිෂ්පාදනය තුට්ටු දෙකට අරගෙන ගොවියා නැත්තටම නැතිකර දමා ආණ්ඩුවේ ගමන යාමට බවයි.

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.


ප්‍රධාන පුවත්

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.