News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ වී කිලෝවක් රුපියල් 140කට මිලට ගෙන රුපියල් 220ට හෝ 230ට සහල් කිලෝවක් ලබාදිය නොහැකි බවයි.

සමලිංගික පනතෙහි ඇති භයානකම කාරනව වන්නේ පාසල් දරුවන්, විශ්වවිද්‍යාල ශිෂ්‍ය‍යන් ඇතුළු මේ රටේ අනාගත පරපුර මෙහි ප්‍රවර්ධනයට යොදා ගැනීමේ අරමුණ බව පූජ්‍ය අමුහේන කන්දේ නන්ද හිමියන් පවසයි.

අදානි සමාගම විසින් ශ්‍රී ලංකාවේ මන්නාරම සහ පූනරින් හි ක්‍රියාත්මක කිරීමට යෝජිත මෙගාවොට් 484ක සුළංබල ව්‍යාපෘති අවලංගු කර ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරනු ලබන බව අදානි සමූහය පවසයි.

පාර්ලිමේන්තු ගෘහ්‍ය කාරක සභාව ගනු ලැබූ තීරණයකට අනුව මන්ත්‍රීවරුන්ගේ දෛනික ආහාර ගාස්තුව රුපියල් 450ක සිට රුපියල් 2,000ක් දක්වා ඉහළ දමා තිබේ.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍ර බැඳුම්කර වංචාවට මෙරටට ගෙන ඒ්මට නොහැක්කේ ඔහු සිංගප්පූරු ජාතිකයෙකු වන නිසා බවත් ඒ සදහා ශක්තිමත් සාධක ඉදිරිපත් කල යුතුව ඇති බවත් අනුර දිසානායක මහතා පවසයි.

ඉවත් කරනු ලැබූ සිය ආරක්ෂිත සංචිතය යළි ලබා දෙන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

කච්චතිව් දූපත ශ්‍රී ලංකාවට ලබාදීම සම්බන්ධයෙන් හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධිට එරෙහිව කළ ප්‍රකාශය පිළිබඳව තමිල්නාඩු කොංග්‍රස් කමිටුවේ (TNCC) සභාපති කේ. සෙල්වපෙරුන්තගයි බ්‍රහස්පතින්දා භාරතීය ජනතා පක්ෂ සභාපති කේ. අන්නමලෙයිව විවේචනය කළේය.

වර්තමාන ආණ්ඩුව බලයට පත් වූවේ සෑමේ ප්‍රශ්නයකටම විද්‍යාත්මක විසදුම් ලබාදෙන බවට පොරොන්දු වී නමුත්, මේ වන විට ගොවියාගේ අස්වැන්න සදහා සහතික මිලක් වති නියම කර ගැනීමට නොහැකිව සිටින බව ජාතික ගොවි ව්‍යාපාරයේ කැඳවුම්කරු කරුණාතිලක හේරත් මහතා පවසයි.


ප්‍රධාන පුවත්

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.