News Category
From Date
To Date
Maximum Number of Result

ලංකා සතොස ආයතනයේ ඉහළම නිලධාරියෙක් විසින් වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව සහල් ටෙන්ඩර්වලදී සිදුකරන ලද බව කියන වංචාකාරී ක්‍රියා සම්බන්ධව එහි සේවකයන් විසින් හෙළිදරව්වක් සිදුකර තිබේ.

වී අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබුණත් වී සඳහා සහතික මිලක් නියම කර නොමැති බවත්, මේ නිසා වී කිලෝවක් රුපියල් 110ත් 120ත් අතර මිලක් දක්වා පහත වැටී තිබෙන බවත් ගොවි අරගල ව්‍යාපාරය සඳහන් කරයි.

වීසා බලපත්‍ර සැකසීම විදේශ සමාගමකට ලබා දීමේ ආන්දෝලනාත්මක “ඊ-වීසා” ගනුදෙනුවට එරෙහිව රවුෆ් හකීම්, එම්.ඒ.සුමන්තිරන් සහ පාඨලී චම්පික රණවක යන අය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරන ලද පෙත්සම් විභාගය සිදු කළ අතර, පෙත්සම් විභාගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා.

නිසිපරිදි බදු තීරණය නොකිරීම හේතුවෙන් පසුගිය වසර 5ක පමණ කාලය තුළ සුරාබදු ආදායමෙන් රුපියල් බිලියන 100ක පමණ මුදලක් රටට අහිමිවූ බව මධ්‍යසාර සහ මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පවසයි.

2026 දී අධ්‍යාපන ක්‍රමයට පුළුල් වෙනස්කම් හඳුන්වා දෙන බවත්, ඒ යටතේ පෙළපොත් වෙනුවට මොඩියුල ක්‍රමයක් හඳුන්වා දෙන බවත්, පන්ති කාමර වැඩ අඩු වන බවත් අගමැතිනි හරිනි අමරසූරිය ඊයෙ(23) පාර්ලිමේන්තුවදී පැවසුවාය.

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුම්වල යම් කිසි නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දින තුනේ ඉන්දීය සංචාරය සහ දින හතරේ චීන සංචාරය රටට යහපත් ද අයහපත් ද යන්න සංසන්ධනය කිරීමේ දී යම් යහපත් තත්වයක් පෙන්නුම් කරන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලන සමයේදී බංග්ලාදේශ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික දර්ශක සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ කරට කර තරඟ කරමිනි.

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.


ප්‍රධාන පුවත්

"රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානකයි" - මහින්ද කියයි

මාතෘභූමියේ ආත්ම ගෞරවය සුරක්ෂිත කිරීමේ ජන සටන ඓතිහාසික අනුරාධපුර පුණ්‍ය භූමියෙන් ආරම්භ කළ බවත්, රටක බාහිර සතුරන්ට වඩා ඇතුළත සිටින සතුරන් සහ පාවාදෙන්නන් අතිශය භයානක බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තරයට පැමිණිලි..

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් පරීක්ෂණයක් පවත්වන පසුබිමක, ඔහු සිය පාර්ලිමේන්තු වරප්‍රසාද සහ භාෂණයේ නිදහස උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය (CPA) වෙත නිල වශයෙන් පැමිණිලි කර තිබේ.

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.