News Category
From Date
To Date
Maximum Number of Result

අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.

විනිසුරුවරියට ගෞරවාන්විතව ආමන්ත්‍රණය නොකිරීම සහ අධිකරණයට ඇතුළු වීමේදී හිස නමා ආචාර නොකළ බවට චෝදනා ලැබ ඇප කොන්දේසි සම්පූර්ණ කිරීමට නොහැකිවීම හේතුවෙන් පුත්තලම මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවනදුරුගොඩ මහත්මිය විසින් රිමාන්ඞ් භාරයට පත් කල නීතිඥවරිය වහාම මුදාහැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය.

ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් වූ මියන්මාරයට බලපෑ භූ කම්පනයෙන් විපතට පත් මියන්මාරයට සහ මියන්මාර ජනතාවට ශෝකය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ශෝකය පළ කරමින් මෙරට මියන්මාර තානාපතිනියට ලිපියක් යොමුකර ඇත.

සත්‍ය සෙවීමේ කොමිසම මර උගුලක් පය තබන්න එපා! ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් අනුව ජාතික සංවිධාන 55ක අත්සනින් යුතු සංදේශයක් ත්‍රෛනිකායික මහ හිමිපාණන්වරු ප්‍රමුඛ මහා සංඝරත්නයට, ගරු ජනාධිපති තුමාට, මහජන නියෝජිතයන්ට සහ සමස්ත පොදු ජනයා වෙත ඉදිරිපත් කිරීම සදහා අත්සන් තැබීම ඊයේ (30) පැපිලියාන සුනේත්‍රා මහා දේවී පිරිවෙණේදී සිදුවිය.

1987 ඉන්දු ලංකා ගිවිසුමට පසුව භූ දේශපාලන තලයේදී ඊට වඩා භයානක ආරක්ෂක (Defence) ගිවිසුමක් ඉන්දියාව සමඟ අත්සන් කිරීම ඉතා භයානක ආරම්භයක් බව ජාතික සංවිධාන කියයි.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අපට බලහත්කාරයෙන් පැටවීමට ගත් උත්සාහය පරාජය කිරීමට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නායකත්වය දෙන ජනතා විමුක්ති පෙරමුණ දිවි පරදුවට තබා සටන් කළ බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ.

ශම්මි සිල්වා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට නැවතත් අද (31) පත්විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික මහා සභාව සහ නිලවරණය අද පෙරවරුවේ පැවැත්විණි. එහිදී ශම්මි සිල්වා මහතා සභාපති ධූරයට නිතරගයෙන් නැවතත් පත්විය.

මෙම සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංචාරය පිළිබඳව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ එක්සත් ජාතික පක්ෂය (UNP) ඉරිදා සුබ පැතුම් එක්කර ඇති බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ජනතාවගේ පෞද්ගලිකත්වයට හානි වන අයුරින් කෙටි පණිවිඩ හඬපට යොදා දුරකතනවලට ලබා දෙන දේශපාලන ප්‍රචාර නතර කිරීමට දුරකතන සමාගම්වලට නියමයන් ලබා දෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මාධ්‍ය වෙත පැවසීය.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.