ජනාධිපති ලේකම්ට එරෙහිව CIDයට පැමිණිලි කෙරේ..
නව ජනතා පෙරමුණ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා හා නව ජනතා වැඩිහිටි මිත්‍ර සංසදයේ සභාපති සුනිල් කුමාර මහතා විසින් ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ නිල රථය අවබාවිතා කිරිම සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කර සත්‍ය තොරතුරු රටට හෙළි කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් බාර දෙමින් ඉල්ලා සිටියේය.
එහිදි නව ජනතා පෙරමුණ විදේශ කටයුතු ලේකම් විදුර අල්ගම මහතා විසින් මාධ්‍යට අදහස් දක්වමින් මෙසේ ප්‍රකාශ කර සිටියේය.
මාධ්‍ය හා සමාජ මාධ්‍ය වල අපි දැක්කා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාට අයත් සුඛෝපභෝගි ඔහුගේ නිල රථය ඊයේ දිනයේ දී අධික වේගයෙන් යමින් සිටිය දී පැලවත්ත අකුරේගොඩ හමුදා කඳවුර ඉදිරිපිට දී රිය අනතුරකට ලක් වෙනවා. මෙම රිය අනතුර සිදු වන වෙලාවේ නිල රථයේ ගමන් කරමින් ඉදලා තියෙන්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ බිරිද බවට තොරතුරු ලැබිලා තියෙනවා.
පාරේ ගමන් කරමින් තිබු යතුරු පැදියක ගැටීම නිසා මව පියා හා වයස අවු 2,6 දරුවන් දෙදෙනාත් රෝහල් ගත කරලා තියෙනවා. අපට ලැබී තියෙන තොරතුරු අනුව කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දරුවන් දෙදෙනා හා මව තවම ප්‍රතිකාර ලබමින් සිටින්නේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අපි පැමිණිලි කරමින් විමසා සිටින්නේ ජනාධිපති ලේකම්තුමන්ගේ නිල රථය තම බිරිද හෝ වෙනත් පාර්ශවයක් විසින් කොහොම ද මේ ලෙස භාවිතා කරන්නේ කියලා. මෙය රාජ්‍ය දේපල අවභාවිතාව කිරිමක්. අපට ලැබි ඇති තොරතුරු අනුව ඔහුගේ බිරිද මෙම රථය යොදා ගෙන ඇත්තේ බිරිදට සාප්පු සවාරි යාම සඳහාය. පුනරුද ආණ්ඩුව පත්වුනේ කිසිම රාජ්‍ය දේපලක් අවභාවිතා නොකරන බව ප්‍රකාශ කරමිනි.
නමුත් අද වනවිට රජයේ මැති ඇමතිවරුන් නිළධාරින් කිසිදු හිරිකිතයක් නැතිව රාජ්‍ය ද්පල අවභාවිතා කරනවා. ජනාධිපති ලේකම්තුමාම ඔහුගේ බිරිදට සාප්පු සවාරි යන්න දිලා අනතුරට පත් වුනාම එය සාධාරණියකරනය කරනවා. නමුත් අපට තොරතුරු ලැබි ඇත්තේ මෙම අනතුර සිදු වි ඇත්තේ රාත්‍රී 9.00 ට බවය. රෑ නමයට එවැනි පෞද්ගලික ගමන් යාමට ඇත්නම් රාජ්‍ය දේපල භාවිතා නොකර තම බිරිදට පෞද්ගලික රථයක් ලබා දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ., ඔබතුමා රට ඉදිරියේ චංචා දුෂණ වලින් තොරව රාජ්‍ය සේවය ආදර්ශමත් වෙන්න කියලා බන දේශනා කරමින් සිදු කරනුයේ “ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ” වගේ වැඩක් කියලා. ජනාධිපති ලේකම්තුමනි , අනේ පින් සිද්දවෙයි…රාජ්‍ය දේපල අවභාවිතා නොකර නෝනට සවාරි යාමට වාහනයක් අරන් දෙන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ.
ඒ වගේම මේ අවස්ථාවේ පොලිසියේ ක්‍රියා කලාපය සම්බන්ධව අපට විශාල සැකයක් පවතිනවා, පොලිසිය පක්ෂග්‍රාහිව ක්‍රියා කිරීමක් සිදු කර ඇති බවට.
පුද්ගලයෙකු අතින් රිය අනතුරක් සිදු වු විට යම් පුද්ගලයෙක් ඒ තුලින් තුවාල ලබා රෝහල් ගත කර ඇත්නම් කිසිම අවස්ථාවක එම රිය අනතුර සිදු කල තැනැත්තා නිතියෙන් නිදහස් කරනු නොලබයි. මෙහිදි පොලිසිය විසින් නිවරදි තොරතුරු අධිකරණයට ලබා දී ඇත් දැයි යන්න අපට පැහැදිලි සැකයක් පවතිනවා මන්ද එම අනතුර සිදු කල පුද්ගලයා නීතියෙන් නිදහස් කිරිම සිදු කර ඇති නිසාය.
එම නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධව ජනාධිපති ලේකම්තුමන්ගේන් රාජ්‍ය දේපල අවභාවිතාව හා අපහරණය පිළිබදව පැහැදිලි කට උත්තරයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගනීවි යයි කියලා.
ඒ වගේම ජනාධීපති ලේකම්තුමන්ගේ නිදහස් කල රියදුරු නැවත අත්අඩංගුවට ගන්නා ලෙස නව ජනතා පෙරමුණ වන අප විසින් ඉල්ලා සිටිනවා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..