මාස හයේ සංචාරක ආදායම ඩොලර් බිලියන 3.7යි..- විජිත කියයි.. - නෑ ඒක වැරදියි.. බිලියන 1.7යි..- නි. ඇමති කියයි..
මෙම වසරේ පළමු මාස හය තුළ සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබුණු ආදායම පිළිබඳව විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා විසින් වෙනස් මත දෙකක් ඉදිරිපත් කර ඇත.
විදේශ කටයුතු හා සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා උත්සවයක් අමතමින් සඳහන් කළේ, වසරේ මුල් මාස හය තුළ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් බවයි. එමෙන්ම, වසරේ දෙවන අර්ධයේදී ද ඒ හා සමාන ආදායමක් උපයා ගත හැකි වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කර ඇත.
කෙසේ වෙතත්, මාධ්‍ය හමුවකදී සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ, මහ බැංකු වාර්තා අනුව මුල් මාස හය තුළ සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් බවයි. ජූලි මාසයේ දත්ත මෙම වාර්තාවට ඇතුළත් නොවන බවත්, එම දත්ත ලැබුණද එවැනි ඉහළ ආදායමක් (ඩොලර් බිලියන 3.7ක්) ලැබී ඇතැයි තමන් නොසිතන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය. විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ”
මෙම ප්‍රකාශයන් දෙකෙහි වෙනස නිසා සංචාරක ආදායම පිළිබඳ නිවැරදි තොරතුරු සම්බන්ධයෙන් යම්කිසි අවිනිශ්චිතතාවක් ඇති වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..