අත්සන් කළ ඉන්දු - ලංකා අවබෝධතා ගිවිසුම් 07 බල රහිත කරන්නැයි ඉල්ලූ පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ..
ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර අත්සන් කෙරුණු අවබෝධතා ගිවිසුම් 07 ක් බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය.
දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව අචල වෙංගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළේය.
වෛද්‍ය ගුණදාස අමරසේකර ඇතුළු ජාතික සංවිධාන නියෝජිතයන් පිරිසක් සහ විනිවිද පෙරමුණ විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.
මෙම පෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වලට අදාළව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව සඳහන් කළේය.
ඉන් අනතුරුව පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉන්දීය රජය සමග ශ්‍රී ලංකා රජය ඇතිකර ගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් 07 ක් මෙම නඩූකරය තුළින් අභියෝගයට ලක් කර ඇති බව සඳහන් කළේය.
ඒ අතුරින් ගිවිසුම් දෙකක් පිළිබඳ තොරතුරු හෙළිදරව් කිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ජාතික ආරක්ෂාව සහ ඉන්දීය ශ්‍රී ලංකා සබඳතාවලට අගතියක් සිදුවිය හැකි බව සඳහන් කරමින් එම තොරතුරු හෙළිකිරීම රජය විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු කියා සිටියේය.
මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු අනාවරණය නොකරන ලෙස ඉන්දීය රජය ඉල්ලීමක් කර ඇති නිසා අදාළ තොරතුරු හෙළිදරව් කළ නොහැකි බවට රජය විසින් ප්‍රකාශ කර ඇති බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනතාව වෙත පැවරී තිබෙන ජනතා පරමාධිපත්‍යය මුළුමනින්ම උල්ලංඝනය වීමක් සිදු වන බවත් ඔහු චෝදනා කළේය.
මෙම ගිවිසුම්වලට අත්සන් තබා තිබෙන්නේ ජනාධිපතිවරයා හෝ ඔහුගේ නියෝජිතයින් විසින් වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටින බවත් ඔහු පෙන්වා දුන්නේය.
සාමාන්‍යයෙන් විදේශීය රාජ්‍යයක් සමග ගිවිසුම්වලට එළඹීමේදී ඒ පිළිබඳව පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගත යුතු බවත් මෙවැනි කටයුතු සම්බන්ධයෙන් තම අභිමතය පරිදි කටයුතු කිරීමේ බලයක් ජනාධිපතිවරයා වෙත පැවරී නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එහෙත් මෙම ගිවිසුම්වලට එළඹීමට පෙර ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව දැනුවත් කර ඊට අනුමැතිය ලබා ගෙන නොමැති බවත් එය නිසි නීතිමය පටිපාටියට පිටුපා සිදුකළ නීතිවිරෝධී ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.
ඉන්දියාව සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාම යහපත් වුවත් මෙවැනි ක්‍රියා නිසා පාකිස්තානය වැනි අසල්වැසි රාජ්‍යයන් සමග පවතින සබඳතාවලට අහිතකර ලෙස බලපෑ හැකි බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන ලෙසත් අදාළ ගිවිසුම් ක්‍රියාත්මක වීම වළක්වාලන අතුරු තහනම් නියෝග නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉන් අනතුරුව විනිවිද පෙරමුණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා මෙම ගිවිසුම්වල අන්තර්ගත කරුණු ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුළින් ජනාධිපතිවරයා විසින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව කියා සිටියේය.
තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම ගිවිසුම්වලට අදාළ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීමක් කළත් ජනාධිපතිවරයා මෙවැනි ගිවිසුම්වලට අත්සන් කර නැති නිසා එහි පිටපත් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ තොරතුරු නිලධාරියා දැනුදී තිබෙන බවත් නීතිඥවරයා සඳහන් කළේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුම්වලට එළැඹීමේ දී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම සාමාන්‍ය පටිපාටිය බවද කියා සිටියේය.
අමාත්‍ය මණ්ඩලයේ සිටින්නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවත් ඔවුන් මෙම ගිවිසුම් පිළිබඳව දැනුවත් වීමක් සිදුවන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.
මෙම ගිවිසුම් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කරන කරුණු පදනම් විරහිත බව සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වන්නේ ආයෝජන සම්බන්ධයෙන් විදේශීය රාජ්‍යයන් සමග ඇතිකර ගන්නා ගිවිසුම්, ද්විත්ව බදු ගිවිසුම් බවත් මෙවැනි අවබෝධතා ගිවිසුම් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බවත් ඔහු කියා සිටියේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42 වන ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකීමට බැඳී සිටියද ජනාධිපතිවරයාට ලැබෙන සියලු තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවට නියමයක් නොමැති බවත් ඔහු පැවසීය.
යම් ගිවිසුමක් පිළිබඳ තොරතුරු දැනගනීමට අවශ්‍ය නම් පාර්ලිමේන්තුවට එය කැඳවීමට හැකියාව තිබෙන බවත් එහෙත් මෙහිදී එවැන්නක් සිදුවී නොමැති බවත් ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව මෙම නඩුකරයට මැදිහත්වීමට තරම් සාධාරණ නීතිමය පදනමක් මෙම පෙත්සම් තුළ අන්තර්ගතව නොමැති හෙයින් ඒවා විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අනතුරුව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.
- අද දෙරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..
මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න
වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..