News Category
From Date
To Date
Maximum Number of Result

69 ලක්ෂයක ජන වරමක් ලබාගත් ජනාධිපතිවරයා පළා ගිය බවත්, ඉන්පසුව අනෙකුත් අය එකතු වී රනිල් වික්‍රමසිංහට ආණ්ඩුව බාරදුන් බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා රූපවාහිනී සංවාදයකට එක්වෙමින් සඳහන් කරයි.

මිලියන 180ක් සාමාජිකයන් සහිත භාරතීය ජනතා පක්ෂය 2024 මැතිවරණ සටන සඳහා ප්‍රචාරක මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති අතර, මෙවර මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට තුන් වැනි වරටත් භාරතයේ පාලන බලය හිමි වේ දැයි ලෝකයම අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාගෙන් නිදහසට කරුණු විමසා පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නිකුත් කර ඇති ලිපිය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය නිකුත් කළ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතානගේ මහතා නියෝග කර තිබේ.

එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් නිහඬ කරන ලද ලේඛකයින්, සමාජ සේවකයින්, විදුහල්පතිවරුන්, ශිෂ්‍ය නායකයින්, දේශපාලන නායකයින් සහ සාමාන්‍ය ජනතාව සිහිකරමින් යාපනය කච්චේරිය ඉදිරිපිට ඡායාරූප ප්‍රදර්ශනයක් පවත්වා තිබේ.

ඔක්තෝම්බර් මාසයේදී චීන පර්යේෂණ නෞකාවක් වන Shi Yan-6 නැව්ගත කිරීමට ශ්‍රී ලංකාව අවසර ලබා දී නොමැති බව විදේශ අමාත්‍ය අලි සබ්රි ඉන්දීය ප්‍රවෘත්ති සේවය වන ANI වෙත පවසා ඇති බව වාර්තා වේ.

වසර මිලියන 250කින් පෘථිවියේ ජීවීන් විනාශ වී යන බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ.

රට බංකොලොත් වී ඇති බවට සිදු කරන ලද ප්‍රකාශය හේතුවෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් සිදුවී ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කරන්න යැයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

ලබන ඔක්තෝබර් මාසයේදී ලංකාවට පැමිණීමට නියමිත චීන පර්යේෂණ යාත්‍රාව ගැන ඇමරිකාව කනස්සල්ල පළකර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි ස්ථාවර කමිටුව අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.


ප්‍රධාන පුවත්

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

ONLINE පනත ඉවතට

‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ නොඑසේනම් බොහෝ දෙනෙක් දන්නා පරිදි ඔන්ලයින් ( ONLINE ) පනත අවලංගු කිරීමට පියවර ගැනේ.

සිරි දළදා වන්දනාව අද ඇරඹෙයි

සිරි දළදා වන්දනාව අද (18) දින සිට ආරම්භ කෙරෙන අතර ඒ අනුව, අද පස්වරු 3:30 සිට පස්වරු 5:30 දක්වා දළදා වහන්සේ දැක බලා වන්දනාමාන කරගැනීමට සැදැහැවතුන්ට අවස්ථාව උදාවෙයි.

වියට්නාමයේ ශ්‍රමණවේශධාරීන් පිරිසක් ලංකාවේ පාද චාරිකාවක... මහානායක හිමියන් බෞද්ධ කොමසාරිස්ට ලියයි

බෞද්ධ කටයුතු සම්බන්ධයෙන් චෝදනා ලැබ වියට්නාමයේ තහනම් කොට ඇති සංවිධානයක් ලංකාවට පැමිණ පාද චාරිකාවක නිරත වන බවත් ඔවුන් භික්ෂූ විනයට පටහැනි ලෙස ක්‍රියාකරන සංවිධානයක් බවත් ඒබැවින් ඒම පාද

’’ඡන්ද නීති කඩන කතා එපා’’ මැකෝගෙන් ජනපති ලේකම්ට ලිපියක්

මැතිවරණ නීති උල්ලංඝනය වන ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස ජනාධිපතිවරයා දැනුවත් කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යොමු කරමින් දැනුම්දී ඇත.

‘අවමාන තර්ජනය නවත්වනු’ - චීනය ඇමරිකාවට තදින් පවසයි

දෙරට අතර උත්සන්න වන වෙළඳ ආරවුල සංවාදයෙන් විසඳා ගැනීමට අවශ්‍ය නම්, චීනය “අවමාන තර්ජනය කිරීම සහ කප්පම්කරුවෙකු ලෙස හැසිරීම නවත්වන ලෙස” ඇමරිකාවෙන් ඉල්ලා තිබේ.

අමෙරිකාව පැනවූ තීරු බදු වලින් රටවල් 28ක් නිදහස් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉල්ලයි. එහෙත් ශ්‍රී ලංකාව ලයිස්තුවට ඇතුලත් නැහැ

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති නව තීරු බදුවලින් ලොව දුප්පත්ම සහ කුඩාම රටවලට නිදහස් කරන ලෙස ඉල්ලා ඇතැයි වාර්තා වේ.

245% ක තීරු බදු පනවන බවට එක්සත් ජනපදයෙන් චීනයට තර්ජන

අප්‍රේල් 15 වනදා නිකුත් කරන ලද ධවල මන්දිර තොරතුරු පත්‍රිකාවකට අනුව, එක්සත් ජනපදයට චීන ආනයන සඳහා 245% දක්වා ඉහළ තීරු බදු පැනවීමට හැකියාව ලැබෙන බව ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.