පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ට කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ගුරු පුහුණුව.. - ස්ටාලින් හෙළිකරයි..
අධ්‍යාපන අමාත්‍යාංශයේ අනුමැතිය නොමැතිව පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට කොළඹ ප්‍රධාන පෙළේ පාසල්වල ගුරු පුහුණුව ලබාදෙමින් ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.
ජනප්‍රිය යැයි හඳුන්වන බාලක, බාලිකා මෙන්ම මිශ්‍ර පාසල්වල විදුහල්පතිවරුන් හා විදුහල්පතිනියන් මෙම උපාධිධාරීන් පාසල්වලට ගෙන්වා ගුරුවරුන් වශයෙන් පුහුණු කරමින් සිටින බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
මෙම පුහුණුව ලබාදෙමින් ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවූ අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට ගුරු පුහුණුව ලබාදීම නතර කර ඇති පසුබිමක බවත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අංශයේ අතිරේක ලේකම්වරයාට පැමිණිලි කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
අධ්‍යාපන අමාත්‍යාංශය පෞද්ගලික උපාධිධාරීන්ට පුහුණුවක් ලබානොදේ නම් කොළඹ පාසල්වල විදුහල්පතිවරුන් තීරණ ගත්තේ කාගේ අනුදැනුම මතද යන්න ගැටලුවක් බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන්නැයි පැමිණිල්ල මඟින් ඉල්ලා සිටි බවත් ඔහු කීවේය.
මේ දිනවල ලබාදෙමින් තිබෙන පුහුණුව හේතුවෙන් සිසුන්ගේ අධ්‍යයන කාලය අපතේ යන බවත් මෙමඟින් සිසුන් මෙන්ම අනෙකුත් ගුරුවරුන් පීඩාවට පත්ව සිටින බවත් ජෝසප් ස්ටාලින් මහතා පැවැසීය.
පෞද්ගලික විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රජයේ පාසල් සිසුන්ට ඉගැන්වීමේ යෙදීමට අවසර ලබාදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය අපක්ෂපාතී තීන්දු තීරණ ගනු ඇතැයි ගුරු වෘත්තීය සංගම් අපේක්ෂා කරන බවද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.
- අමිත් මධුරංග ගමගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..