News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට නාරාහේන්පිට දාබරේ මාවතේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් වන සිසිටීවී දර්ශන හමුවී තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ පසුගිය නිල සංචාරයට සමගාමිව ශ්‍රි ලංකා රජය සහ ඉන්දීය රජය සමග අත්සන් කල ගිවිසුම් හතක් අභියෝගයට ලක්කරමින් දේශප්‍රේමි ජාතික පෙරමුණ ඇතුළු ජාතික සංවිධාන හයක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරා තිබෙනවා.

යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තුව වැඩිවන නමුත්, එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

යුද්ධයෙන් මියගිය පුද්ගලයන් සැමරුම් අද දිනයේ උතුරු පළාතේ පවත්වා ඇති අතර, ඒ සඳහා සැලකිය යුතු පිරිස් සහභාගිත්වයක් දක්නට ලැබුනු බව වාර්තා වේ.

මෙවර රණවිරු සැමරුමට ආරජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ ඉතා අවම වශයෙන් බවත්, තිස් වසරක යුද්ධය අවසන් කළ රණවිරුවෝ තවමත් ජීවත් වන බවත් ජාතික රණවිරු බලවේගය පවසයි.

රණවිරු සැමරුම දියාරු කරන තැනට අද පත්ව ඇති බවත්, රටේ භෞමික අඛණ්ඩතාව, ස්වෛරීත්වය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් යුද වැදුණු රණවිරුවන් අද අමතක කර දමා ඇති බවත් විශ්‍රාමික රියර් අද්මිරාල් දසනායක මහතා පවසයි.

කොටි ත‍්‍රස්තවාදය පරදා වසර 16ක් ගෙවීම නිමිත්තෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

වසර 16 ක් සපිරුණු මවුබිමේ ව්‍ජයග්‍රහණය නිමිත්තෙන් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය සඳහන් කරන්නේ මවුබිමේ බෙදුම්වාදී කුරිරු යුද්ධය නිමාකරන්නට ඇප කැපවූ රණවිරුවන් ඇතුළු සියලුදෙනාට ප්‍රණාමය පුදකර සිටින බවත්, ඒ වෙනුවෙන් පැවැත්වෙන පුණ්‍යානුමෝදනා පිංකම අද(18) සවස 5ට කඩුවෙල, වැලිවිට ශ්‍රී විජිතාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙන බවත් ය.


ප්‍රධාන පුවත්

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.