News Category
From Date
To Date
Maximum Number of Result

HSBC ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාර අකුලයි.. නේෂන් ට්‍රස්ට කොටස් විකිණීමේ ගිවිසුමක්..

Sep 25, 2025 at 06:21 AM
|

නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව (NTB) විසින් ශ්‍රී ලංකා HSBC ශාඛාවේ සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය මිලදී ගැනීම සඳහා විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමකට එළඹී ඇති බව නිවේදනය කරයි.

මෙම මිලදී ගැනීම සඳහා ගෙවීමට නියමිත මුදල රුපියල් බිලියන 18ක් වන අතර, අදාළ වන පරිදි බදු ඇත්නම් ඒවා ද ඊට ඇතුළත් වේ.

යෝජිත මෙම අත්පත් කර ගැනීම යටතට HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකුකරණ ව්‍යාපාරය ඇතුළත් වන අතර, එයට ප‍්‍රිමියම් බැංකුකරණ ගනුදෙනුකරුවන්, ක්‍රෙඩිට් කාඩ්පත්, සිල්ලර ණය සහ ගිණුම් අයත් වේ.

මෙහිදී ගනුදෙනුකරුවන් 200,000කට ආසන්න සංඛ්‍යාවක් ආවරණය වනු ඇත.

NTB කොටස් වෙළෙඳපොළට කළ දැනුම් දීමකදී සඳහන් කළේ, “NTB හි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් 2025 සැප්තැම්බර් 23 වන දින මෙම ගනුදෙනුව අනුමත කරන ලද අතර, මෙය අභ්‍යන්තරව ජනනය කරන ලද අරමුදල් මඟින් මුදල් සපයනු ලබන අතර, එමඟින් සියලු නියාමන අනුපාත පවත්වාගෙන යනු ඇත.” යනුවෙනි.

මෙම ගනුදෙනුව 2026 වසරේ ප‍්‍රථම අර්ධය තුළදී අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, එයට ශ්‍රී ලංකා මහ බැංකුවේ අනිවාර්ය නියාමන අනුමැතිය සහ “විකුණුම් හා මිලදී ගැනීමේ ගිවිසුමේ දක්වා ඇති අනෙකුත් පූර්ව කොන්දේසි සපුරාලීම” අවශ්‍ය බව බැංකුව පවසයි.

ගනුදෙනුවට අදාළව, වර්තමානයේ HSBC ශ්‍රී ලංකාවේ සිල්ලර බැංකුකරණ ව්‍යාපාරයට සහය දක්වන කාර්ය මණ්ඩලයට රැකියා පිරිනැමීමක් ද ඇතුළත් වේ. මෙය ගනුදෙනුකරුවන් සඳහා සුමට සංක්‍රාන්තියක් සහතික කරනු ඇතැයි NTB පවසයි.

කෙසේ වෙතත්, HSBC ශ්‍රී ලංකාව සඳහන් කළේ, මෙම තීරණය HSBC හි ආයතනික හා සංස්ථාපිත බැංකුකරණ ව්‍යාපාරයට (Corporate and Institutional Banking) බලපාන්නේ නැති බවයි. එය “බැංකුවේ ජාත්‍යන්තර සංස්ථාපිත ගනුදෙනුකරුවන්ට සහ ගෝලීය ජාලයට එහි ඇති වැදගත්කම” හේතුවෙන් එලෙසම පවතිනු ඇත.

HSBC ශ්‍රී ලංකාව තවදුරටත් කියා සිටියේ, “ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට උපකාර කිරීම සහ ශ්‍රී ලංකාවේ සහ ලොව පුරා ක්‍රියාත්මක වන ගනුදෙනුකරුවන් අතර ද්වි-මාර්ග වෙළඳාම සහ ආයෝජන ප්‍රවාහ සක්‍රීය කිරීම සඳහා HSBC සිය ආයතනික හා සංස්ථාපිත ගනුදෙනුකරුවන්ට දිගටම සහාය වනු ඇති” බවයි.

මෙම ගනුදෙනුව 2024 ඔක්තෝබර් මාසයේදී නිවේදනය කරන ලද HSBC සමූහය සරල කිරීමේ වැඩසටහනේ කොටසකි.

සම්බන්ධිත පුවත් | Related News

මැද පෙරදිග කලාපය පුරා ව්‍යාප්ත වෙමින් පවතින යුදමය හා දේශපාලනික නොසන්සුන්තාව හමුවේ කලාපීය මුදල් ඒකක අතුරින් වැඩිම බලපෑමට ලක්වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥයන්, ව්‍යාපාරිකයන් සහ සමාජයේ පිළිගත් පුද්ගලයන් ඇතුළු විවිධ වෘත්තීය කණ්ඩායම්වල පුද්ගලයන්ගේ WhatsApp ගිණුම් සයිබර් අපරාධකරුවන් විසින් අනවසරයෙන් අත්පත් කර ගැනීමේ (hacking) සිද්ධීන් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.
පුනර්ජනනීය බලශක්ති උපදේශකයින් වසර ගණනාවක සිට පැවසූ දේ සත්‍යයක් කරමින් ඕස්ට්‍රේලියාවේ විදුලි මිල පහත වැටී තිබේ.
ව්‍යාපාරික ලෝකයේ හැම සුදූ කෙළියක්ම හැමෝටම එකලෙස ජය ගෙනෙන්නේ නැත. පසුගියදා LOLC සමූහය මාලදිවයිනේ හෝටලයක් විකුණා ඩොලර් මිලියන 57ක දැවැන්ත ලාභයක් ලබද්දී, ලංකාවේ පැරණිතම බහුජාතික සමාගමක් වන හේලීස් (Hayleys PLC) සමූහයට මාලදිවයිනෙන් අත්ව ඇත්තේ කණගාටුදායක ඉරණමකි.
"අපි තවත් හිස් ගමන් මලු කිහිපයක් ගෙන ආ යුතුව තිබුණා," යැයි ලෝක සංචාරක හා සංචරණ කවුන්සිලයේ සභාපතිනිය සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වන ග්ලෝරියා ගුවේවාරා බදාදා චීන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවාය.
“සමගි කැපිටල් (පුද්ගලික) සමාගම” (Samagi Capital (Private) Limited) නමැති ආයතනය ශ්‍රී ලංකාව තුළ කොටස් තැරැව්කාර හෝ කොටස් වෙළෙඳ කටයුතු සිදු කිරීම සඳහා බලපත්‍රලාභී ආයතනයක් නොවන බව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (SEC) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද නවතම නිල විනිමය අනුපාත දත්ත වලට අනුව, පෙර දිනට සාපේක්ෂව අද දිනයේදී ඇමෙරිකානු ඩොලරය, ස්ටර්ලින් පවුම සහ යුරෝ ඇතුළු ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් කිහිපයකම අගයන් රුපියලට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද අද (01) දින නිල විනිමය අනුපාත අගයන්ට අනුව, ප්‍රධාන විදේශීය ව්‍යවහාර මුදල් කිහිපයකම මිල ගණන් ඉහල ගොස් තිබේ.
2026 මැයි මාසය සඳහා වන කොළඹ පාරිභෝගික මිල දර්ශකය (කො.පා.මි.ද.) සහ කොළඹ නාගරික ප්‍රදේශය සඳහා වන මාසික පාරිභෝගික උද්ධමන අනුපාත වාර්තාව අද දින ප්‍රකාශයට පත් කර ඇත.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.