News Category
From Date
To Date
Maximum Number of Result

බුල්තල පැල්වත්ත සීනි සමාගමේ, මුල්‍ය අර්බුදය හේතු වෙන් සමාගමේ පාලන අධිකාරිය සමාගමේ දුඹුරු සීනි මෙට්‍රික් ටොන් 500ක්, පාඩු පිට ගැනුම්කරුවකුට අලෙවි කර ඇති බවත් එසේ අලෙවි කර ඇත්තේ සීනි කිලෝවකින් රුපියල් අසූහතරක පමණ පාඩුවක් පිට බවත් සමාගමේ සේවකයෝ පවසති.

උතුරු මැද පළාත් සභාව සතු සුඛෝපභෝගී වාහන විසි දෙකක් රහසිගතව ටෙන්ඩර් කැඳවා අඩුමිලට වෙන්දේසි කර ඇති බවට අපි පුරවැසියෝ සංවිධානය චෝදනා කරයි.

ජාතික රණවිරු සැමරුම් උත්මයයේදී ජනාධිපති අනුර දිසානායක මහතා විසින් සෑම පාර්ශ්වයක්ම සාමය වෙනුවෙන් යුද්ධ කරන බවට කල ප‍්‍රකාශයට තමන් එකඟ නොවන බවල හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

සෙවනගල සීනි කර්මාන්තශාලාව වැසීයාමේ අවදානමක් පිළිබඳව මාධ්‍ය වාර්තා කරන පුවත අමාත්‍යංශය තරයේ ප්‍රතික්ෂේප කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ගොනුකර ඇති නඩුව ජුලි මස 11 වනදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අත්තනායක එම් හේරත් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවා ආණ්ඩුව පෞද්ගලික ජනමාධ්‍ය මර්දනය කිරීමට උත්සහ කරමින් සිටින බවට පාර්ශ්ව රැසක් චෝදනා කරනවා.

බදු ශක්ති නමින් බදු සතියක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව ජනාධිපති අතිරේක ලේකම් යූ.ඩී.එන් ජයවීර මහතා පවසයි.

ආණ්ඩුවට විරුද්ධව පළවන මාධ්‍ය වාර්තාවන් සම්බන්ධවත් ආණ්ඩුවේ නායකයන් බලයට ඒමට පෙර සිදුකරන ලද විවිධ ප්‍රකාශ යලි පළ කරන මාධ්‍ය සම්බන්ධයෙනුත් ඒවා යළි පල කරන අයට විරුද්ධව වාරණය කිරීමට මාධ්‍ය කොමිෂන් සභාවක් ගෙන ඒමට ආණ්ඩු උත්සහ දරමින් සිටින බව පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා චෝදනා කරයි.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.