News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රංශයේ සති තුනක අධ්‍යාපන චාරිකාවකට සහභාගීවන ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිනියකට මිලදී ගත් රුපියල් 35,000 ක සපත්තු කුට්ටමකට සහ රුපියල් 28,000 ක බෑගයකට විදුලිබල මණ්ඩලය රුපියල් 63,000 ක මුදලක් ගෙවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ආරම්භ කළ බව ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා පැවසීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසන්නේ ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසහනට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව, ඉන්දීය මධ්‍යම විදුලිබල අධිකාරියේ හිටපු සභාපති ආචාර්ය පන්කජ් බාත්‍රා මහතා පත්කර ඇති බවය.

සිවිල් ආරක්ෂක බළකාය විසුරුවාහැරීමට ආණ්ඩුව සූදානම් වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23 දා) පැවසීය.

රැඳවුම් නියෝග මත පොලිස් භාරයේ සිටින පාතාල කල්ලි නායකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ගණේමුල්ල සංජීවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පුද්ගල ඝාතන 12ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ කරගෙන ඇති බව වාර්තා වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් වංචාවට සම්බන්ධ ‘මහ මොළකරුවන්’ අත්අඩංගුවට නොගෙන සිටින්නේ නම් පවතිනවාට වඩා විශාල බරපතළ ඖෂධ හිඟයක් ලබන වසරේදී ඇතිවිය හැකි බවයි.

ඇෆලටොක්සින් නමැති භයානක පිළිකාකාරකය ආහාරවලට මුසුවීම වැළැක්වීම සඳහා ආහාර පනත යටතේ පනවා තිබූ රෙගුලාසි වෙනස් කරමින් ජාවාරම්කරුවන්ට අඩුමිලට විෂ සහිත ආහාර රටට ආනයනය කිරීමට ඉඩ සලසා කොමිස් ගැසීම සඳහා අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බවට ජාතික සංවිධාන චෝදනා කරයි.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට රාජපක්ෂවරුන්ටද වගකීම් සමුදායක් තිබූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

වහාම 'සමරිසි' පනත සම්මත කර සමලිංගික ක්‍රියා අපරාධ වරදින් නිදහස් නොකළ හොත් 'ඒඩ්ස්' වැනි රෝග සීඝ්‍රයෙන් පැතිර යන බවට ඊට අදාළ පාලන වැඩසටහනේ අධ්‍යක්ෂකවරිය වන වෛද්‍ය ජානකී විදානපතිරණ පුවත්පතකට ප්‍රකාශයක් සිදුකිරීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

ක්‍රිකට් ආයතනය සල්ලිවලට පෙරේත කමින් තමන්ගේ ඇමතිකමට කෙළ හළන පිරිසක් ආණ්ඩුව ඇතුලේම සිටින බවත්, ක්‍රිකට් ආයතනයේ පිරිස් හොරකමින් සොයාගත් සල්ලි පාවිච්චි කර තමන් මරා දැමීමට හැකි තත්වයක්ද පවතින බවත් ක්‍රීඩා යෞවන කටයුතු හා වාරිමාර්ග ඇමති රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ සිටින එකම මුස්ලිම් ඇමති ගැන ඥානසාර හිමියන්ගෙන් බරපතළ හෙළිදරව්වක්.. (වීඩියෝ)

ආණ්ඩු පාර්ශ්වයේ සිටින එකම මුස්ලිම් ඇමතිවරයා වන මුනීර් මුලව්ෆර් නියෝජ්‍ය ඇමැතිවරයා අදටත් නිට්ටඹුව ප්‍රදේශයේ එක්තරා ඇකඩමියක් භාරව ක්‍රියාකරන නල්විවරකු බවත්, නල්විවරු යනු දෙවියන් උදෙසා මිනිසුන් ජීවිතය පූජාකළ යුතු යැයි මත දරන පුද්ගලයන් බවත් ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

ආවෙත් බොරුවෙන්.. ඉන්න හදන්නෙත් බොරුවෙන්.. මේ වගේ ජනාධිපතිවරු පොල්පිත්තකින් කපාගන්න පුලුවන්..

තමන්ගේ අකමැත්තෙන් රණවිරු සැමරුමට ආ පළමු විධායක ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බවත්, එසේ පැමිණ කළ කතාව දෙස බැලූ විට පෙනී යන්නේ එම අවස්ථාවට ජනාධිපතිවරයා නොපැමිණියා නම් ඊට වඩා හොඳ බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

සමහර ඉන්දියානු මාධ්‍ය ආයතන තාර්කිකත්වය සහ කරුණු වෙත නැවත පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු: (ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය)

ඉන්දියා-පකිස්ථාන යුද ආතතිය හදිසියේ උත්සන්න වීමෙන් පසුව, මේ වන විට සටන් විරාමයක් සාක්ෂාත් කර ගෙන ඇත.

වියට්නාම නිදහස් අරගලයේ නායක 'හෝ චි මිං' ගේ 135 වන ජන්ම සංවත්සර සැමරුමක් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ දී පැවැත්වෙයි..

වියට්නාමයේ නිදහස් අරගලයේ නායකයා මෙන්ම නිදහස් වියට්නාමයේ ප්‍රථම ජනාධිපතිවරයා වූ හෝ චි මිං මහතාගේ 135 වන ජන්ම සංවත්සරය සැමරීම වෙනුවෙන් පුෂ්ප උපාහාර උත්සවයක් ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපති ට්‍රින් ති ටම් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහජන පුස්තකාල පරිශ්‍රයේ පිහිටි හෝ චි මිං ප්‍රතිමාව අභියස දී ඊයේ(19) සිදුකෙරිනි.

ජනාධිපති රණවිරු සැමරුමට යන්න හිටියේ.. කොහොනට වැරදුනා.. සන්නිවේදන අවුල දැනගත්තෙ පස්සෙ..

රණවිරු සේවා අධිකාරියේ සභාපති සෙනරත් කොහොන මහතා මුලින් ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික රණවිරු සැමරුම පවත්වන බවට ප්‍රකාශ කිරීම සහ පසුව පැවැත්වූ ප්‍රවෘති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් මෙම සැමරුම සිදුකරන බවට පැවසීම පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ එය සන්නිවේදනයේ සිදුවූ අඩුපාඩුවක් බවය.

රණවිරුවන් ජීවිත පූජාකර පරාජයකරනු ලැබුවේ හුදු නාසිවාදී, බෙදුම්වාදී කැරලිකරුවන් පිරිසක් පමණක් නොවේ.. ඔවුන් මහා ජාත්‍යන්තර න්‍යායපත්‍රයකට අනුව මේ රට බෙදා වෙන්කිරීමට අයුද සන්නද්ධ සටනක නිරතවූ පිරිසක් - වෛද්‍ය වසන්ත බණ්ඩාර (වීඩියෝ)

යුද්ධයකදී හමුදාව සහ ආයුධ මෙන්ම මහජන මතයද අතිශයෙන් වැදගත් බවත්, මියගිය රණවිරුවන් සහ මහා කැපකිරීමක් කරන ලද ඔවුන්ගේ ඥාතීන් මෙන්ම දේශපාලකයන් සහ ජාතික සංවිධාන ඇතුළු බොහෝ දෙනා එම මහජන මතය ගොඩ නැගීමට යුද සමයේ දී විශාල කැපකිරීමක් කළ බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.