News Category
From Date
To Date
Maximum Number of Result

ජනතාවට හොරෙන් රට QUAD යුධ සන්ධානයට.. ඉන්දියාවෙන් පසු ජපානයත් සමග රහසිගත හමුදා සන්ධානයකට සූදානමක්..

Oct 8, 2025 at 06:25 AM
|

ඉන්දියාවෙන් පසු ජපානයත් සමග රහසිගත හමුදා සන්ධානයකට සූදානමක් ඇතැයි ජන අරගල ව්‍යාපාරය පවසයි.

නුගේගොඩදී විශේෂ මාධ්‍ය හමුවදී අදහස් දැක්වූ ජන අරගල ව්‍යාපාරයේ ජාතික විධායක සභික වසන්ත මුදලිගේ මහතා මෙසේ පැවසීය.

“සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ විදේශ කටයුතු ඇමතිවරයා සහ ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඇමතිවරයා අතර යම් සාකාච්ඡාවක් පැවත්වුණා. මේ සාකාච්ඡාවට අදාළව කරුණු ප්‍රමාණයක් ජපන් තානාපති කාර්‍යාලය හරහා මේ වෙද්දිත් මාධ්‍යට හෙළිදරව් කරලා තියනවා. නමුත් ලංකාවේ රජය තවමත් මේ සාකාච්ඡාව ගැන කිසිඳු විදිහකින් ජනතාවට කරුණු සඳහන් කරලා නෑ. අපි දන්නවා මේ ආණ්ඩුව පසුගිය අප්‍රේල් 5 වෙනිදා ඉන්දියාව සමග ගිවිසුම් ප්‍රමාණයක් අතසන් කළා. නමුත් අදටත් ඒ ගිවිසුම් ගැන ඇහුවම ආණ්ඩුව නිහඬයි. හැබැයි දැන් මන්නාරමට ගියාම, ත්‍රිකුණාමලයට ගියාම අපිට අත්දකින්න පුලුවන් එදා ජනතාවට හොරෙන් අත්සන් කරපු ගිවිසුම්වල තිබුණ කොන්දේසි මොනවද කියලා. අද ඒ ප්‍රදේශවල ජනතාව බලහත්කාරයෙන් එලවලා ඉන්දියානු සමාගම්වලට ඉඩම් ටික විකුණනවා. අන්න ඒක නිසා තමයි අපි ප්‍රශ්න කරන්නේ මේ ආණ්ඩුවෙන් ජපානයත් එක්ක මේ පැවති සාකාච්ඡාවේදී කතාකලේ මොනවද? කියලා.  මොකද ආණ්ඩුව අද රටවල් එක්ක ඇතිකරගන්න එකඟතාවල, අත්සන් කරන ගිවිසුම්වල ප්‍රතිඵල භුක්ති විඳින්න වෙන්නේ මේ රටේ ජනතාවට. ඒ නිසා අපි හිතන විදිහට කාටත් වැඩිය රටේ ජනතාවට අයිතියක් තියනවා ආණ්ඩුව කරන කියන දේවල් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න.

නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා දෙරට අතර ආරක්ෂක සහයෝගිතාවය වර්ධනය කරගැනීම සම්බන්ධයෙන් තමයි පසුගියා සැප්තැම්බර් 30 වෙනිදා ජපානයේ ටෝකියෝ නුවරදි මේ සාකාච්ඡාව ඇතිකරගන තියෙන්නේ. ජපානය පැත්තෙන් කියන විදිහට ලංකාවේ නාවික හමුදාවන්ට ගුවන් යානා පුහුණු වීම් සඳහා සහයෝගය ලබා දීමට එකඟවෙලා තියනවා. ඊලගට UAV වර්ගයේ ඩ්‍රෝන යනා ලබා දීමටත් මෙහිදී එකඟතාවයක් ලැබිලා තියනවා. ඒ වගේම තමයි කලාපයේ රටවල විවිධ දේශපානලන සහ යුධමය මැදිහත්වීම් ගැන මෙහිදී කරුණු රැසක් සාකාච්ඡා කරල තියනවා.  දැන් මේ සාකාච්ඡාව අතිශයින් සාර්ථකයි කියලා තමයි ජපානය පැත්තෙන් නිවේදනය කරලා තියෙන්නේ. නමුත් ලංකාවේ රජය හෝ කැබිනට් ඇමතිවරයා මේ සාකාච්ඡාව  සම්බන්ධයෙන් තවමත් කෙළ පිඬක්වත් හැලුවේ නෑ.

අපි දන්නවා OSA එහෙමත් නැත්තං නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපයක් සඳහා වන සාකාච්ඡාව මුලින්ම ඇතිවුනේ 2022 අවුරුද්දෙදි. ඒ ජපන් පාර්ලිමේන්තුව ඇතුලේ. ඒ වෙලාවේ ජපන්  කැබිනෙට්ටුවේ තීරණයකට අනුව ඉන්දු – පැසිෆික් කලාපයේ ආරක්ෂාව තහවුරු කරගන්න කියලා ඔවුන් සකස් කලා OSA නමින් ප්‍රතිපත්ති මාලාවක්. අද වෙද්දි බංගලිදේශය, මැලේශියාව, මොංගෝලියාව වගේ රටවල් මේ ප්‍රතිපත්තිය සමඟ එකඟතාවයෙන් කටයුතු කරමින් යනවා. දැන් ජපානය විසින් නැගෙනහිර ටිමෝරය, පැපුවා නිව්ගීනියා, තායිලන්තය, පිලිපීන සහ ලංකාව වගේ රටවල් එක්කත් සාකාච්ඡා කරමින් ඉන්නේ ඒ 2022 දී කරළියට ගෙනාව වැඩපිළිවෙළ ගැනම තමයි.

මේ වැඩපිළිවෙළ පැහැදිලිවම කලාපයේ ආරක්ෂවා එක්ක බැඳුණු යුධමය එඟතාවයක්.  දැන් අපිට මේ සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් අහන්න තියනවා ප්‍රශ්න කිහිපයක්. එක තමයි ජපානය සමග මේ ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අණ්ඩුව එකඟ වුනා ද ? දෙවෙනි එක මෙතනදි සාකාච්ඡාවට ගත්ත කරුණු මොනවද ? ඒ තොරතුරු සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මොකක් ද ? ඊලගට හතරවෙනි ප්‍රශ්නෙ තමයි මේ සාකාච්ඡාවේ අන්තිම ප්‍රතිඵලය වෙන්නේ ජපානය සමග ආරක්ෂක ගිවිසුමකට එළඹීම ද ? අනිත් කරුණ තමයි ජපානය සමග ආරක්ෂක සහයෝගිතාවකට යනවනං ඊට අදාළව එකඟ වෙන කොන්දේසි මොනවද ? අපි හිතනවා ආණ්ඩුව පැත්තෙන් වහාම මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න ඕන.

අපි දන්නවා 2017දී ජනතාවගේ විරෝධය නොසලකා එවකට ආණ්ඩුව ඇමරිකාව එක්ක ඇක්සා ගිවිසුම අත්සන් කළා. එතනින් පස්සේ 2025දී මේ ආණ්ඩුව ඉන්දියාව සමග ආරක්ෂක ගිවිසුමක් ඇතිකරගෙන තියනවා. ඒ ගිවිසුම් අනුව කලාපයේ ඇතිවන යුද්ධයකදී මේ රටවලට අපේ රටේ සම්පත් භූමිය ප්‍රයෝජනයට ගන්න පුලුවන්, රෝහල් පහසුකම් ලබා ගන්න පුලුවන්. දැන් ජපානය එක්කත් එවැනිම බරපතළ ගිවිසුමකට එළඹෙන්න ද ආණ්ඩුව මේ සූදානම් වෙන්නේ. මේක බරපතළ ප්‍රශ්නයක්. මොකද ඇමරිකාව, ඉන්දියාව, ජපානය කියන රටවල් තුනම කව්ඩ් යුධ සම්මුතිය ඇතුළේ ඉන්නවා. එතකොට ලංකාව ගිහිල්ලා මේ රටවල් එක්ක මිලිටරි ගිවිසුම් අත්සන් කරනවා කියන්නෙම නොනිල විදිහට ක්වස් සම්මුතියට ඇතුළු වීමක්. අද වෙද්දි කවඩ් එකතුව සැලකෙන්නේ ආසියාවේ නේටෝ එක විදිහට.

අපි දන්නවා මේ පවතින ආර්ථික දේශපානලන බලගැටුම් එක්ක අනාගතයේ ලෝකය කියන්නේ බලකඳවුරු අතර බරපතළ ගැටුම් නිර්මාණය වෙන්න නියමිත අවධිකයක්. එහෙම තත්වයක් ඇතුළේ අපි පාර්ශවයක් නියෝජිතය කිරීම අවාසිදායකයි. අනාගතයේදී මේකෙන් බැට කන්න වෙන්නේ ලංකාවේ ජනතාවට. මේ ආණ්ඩුව කැලේ ඉන්න නයි ගෙනල්ලා ගේ අස්සේ දාන්න ලෑස්ති වෙනවා. අන්තිමට ඒ නයි දෂ්ට කරන්නේ රටේ ජනතාවට.

ආණ්ඩුව ඡන්දෙ ගන්න කොට ජනතාව ඉස්සරහට ඇවිත් කතන්දර ගොඩක් කිව්වා. ජනතාවගෙන් අහන්නෙ නැතුව බරපතළ දේශපානලන ආර්ථික තීරණ ගන්නේ නෑ කියලා තමයි ආණ්ඩුව කිව්වේ. හැබැයි දැන් ජනතාවටත් කොළේ වහලා රට බරපතළ යුධ උගුලක හිර කරන්න ආණ්ඩුව සූදානම් වෙනවා. අපි හිතනවා රටේ ජනතාව වහාම මේකට මැදිහත් වෙන්න ඕන. අපි එදා අනතුරු හැඟෙව්වා වගේම ඉන්දියන් ගිවිසුම්වල ප්‍රතිඵල අද ත්‍රීකුණාමලේ ජනතාවට ලැබෙමින් තියෙන්නේ. දැන්වත් ආණ්ඩුවේ මේ අත්තනෝමතික වැඩපිළිවෙළ පරාජය කරන්න මැදිහත් වීමක් කරමු කියන යෝජනාව අපි මේ වෙලාවේ ජනතාවට ඉදිරිපත් කරනවා. ඒ වගේම තමයි ආණ්ඩුවටත් මතක් කරන්න ඕන ජනතාවක් ඉන්නේ ඡන්ද ටික ගන්න විතරක් නෙවෙයි. රටේ තීරණාත්මක බලය තියෙන්නේ ජනතාව අතේ. හැබැයි ඒ බලය අමතක කරලා ආණ්ඩුව අත්තනෝමතික විදිහට නම් වැඩ කරගෙන යන්නේ පසුගිය ආණ්ඩුවලට අත්වුණු ඉරණම දැන්ම මතක් කරගන්න කියලා අපි ආණ්ඩුට මතක් කරනවා. “


සම්බන්ධිත පුවත් | Related News

සෞඛ්‍ය සේවයේ අනුමත කාර්ය මණ්ඩල පුරප්පාඩු සංඛ්‍යාව 2015 වසරෙන් පසු මේ දක්වා කිසිදු පූර්ණ සංශෝධනයකට ලක් කර නොමැති වීම හේතුවෙන් සමස්ත සෞඛ්‍ය පද්ධතියම දැඩි බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි.
ජීව අත්බෝම්බයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂකයෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන සම්පත් මනම්පේරීට තංගල්ල මහාධිකරණය අද (11) ඇප නියම කළේය.
ප්‍රකාශයක් ලබා දීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉන් පිටත්ව ගොස් තිබේ.
කොළඹ වරායේ දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 472ක් සහිත කන්ටේනරයක් අත්අඩංගුවට ගැනීම සිදුකළ බවත් එසේ මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය අත්අඩංගුවට ගත්තේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායමක් විසින් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කරයි.
දේශීය ව්‍යාපාරිකයන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරමින් ඔවුන් ආරක්ෂා කිරීමේ අරමුණින්, ආනයනික භාණ්ඩ සඳහා දැනට පනවා ඇති සෙස් (CESS) සහ පැල් (PAL) බදු අදියරෙන් අදියර ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
2012 වසරේ ග්‍රීක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ.
යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.
ශ්‍රී දළදා වහන්සේ වැඩහිදවාලනු පිණිස අභිනවයෙන් ඉදි කළ ස්වර්ණමය මහ කරඬුවක් දළඳා වහන්සේ උදෙසා පූජා කොට තිබේ.
ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මේ වනවිට පවතින මූල්‍ය අර්බුදය හමුවේ A 350 ගුවන් යානා මිලදී ගැනීමට කටයුතු කළහොත් එම ගුවන් සමාගම තවදුරටත් මූල්‍ය අර්බුදයට යනු ඇතැයි ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ හිටපු අධ්‍යක්ෂ ගුවන් සේවා පිළිබඳ මහාචාර්ය සොනාල් ප්‍රනාන්දු මහතා ඊයේ (10දා) පැවසීය.

ප්‍රධාන පුවත්

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි

ඉරානය සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කරන ලද ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA) යෝජනාවකට චීනය බදාදා විරෝධය පළ කළේය.

ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා මත සිරදඬුවම් නියම වී සිටි බොදුබල සේනා සංවිධානයේ ලේකම්, පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රදානය කළ පොදුසමාව බලරහිත බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?

ශ්‍රී ලංකාව ලෝක සිතියමේ පිහිටා ඇති භූගෝලීය ස්ථානය හේතුවෙන් ඉතිහාසය පුරාම විදේශීය බලවතුන්ගේ අවධානයට ලක් වූ රටකි. ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාවේ පිහිටීම, ප්‍රධාන මුහුදු මාර්ගවලට ඇති ආසන්නත්වය සහ කලාපීය භූදේශපාලනික වැදගත්කම හේතුවෙන් ශ්‍රී ලංකාව පිළිබඳව විවිධ බලවතුන්ගේ උනන්දුව අඛණ්ඩව පැවතී ඇත.

ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..

Axios පුවත් සේවය වාර්තා කරන පරිදි, විදේශයන්ගෙන් භාණ්ඩ ගෙන්වීම සම්පූර්ණයෙන්ම වළක්වන අතිශය දැඩි වෙළෙඳ යුද උපායමාර්ගයකට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යොමුවෙමින් සිටියි.

ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ජර්මනියේ පැවැති ප්‍රාන්ත මැතිවරණයකින් එරට 'ජර්මනිය සඳහා විකල්පය' (AFD) පක්ෂය වාර්තා කළ විශිෂ්ට ජයග්‍රහණය හමුවේ, ජර්මනියේ මෙන්ම සමස්ත යුරෝපයේම දේශපාලන හා ආර්ථික ගමන්මග විශාල වෙනසකට ලක්වෙමින් පවතින බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතාගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුර දෙරට අතර ඇති කරගත් සැබෑ ගිවිසුම් සහ එකඟතා මොනවාදැයි වහාම ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා රජයෙන් ඉල්ලා සිටියි.

"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි

ශ්‍රී ලංකාවේ පුද්ගල නිදහස, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන තන්ත්‍රයේ පවතින තුලනය සහ පාලනය බරපතළ තර්ජනයකට ලක්ව ඇති බව බහුජන බලය සංවිධානයේ කැඳවුම්කරු මිලින්ද රාජපක්ෂ මහතා ජිනීවාහිදී ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.