රංග දිසානායක අල්ලස් කොමිසමේ ලොක්කා කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නොමග යැවීමක් සිදුව ඇති බවට දයාසිරිගෙන් කතානායකට ලිපියක්..
අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පත් කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තුළ ඇතිවූ මතභේදකාරී තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ දයාසිරි ජයසේකර මහතා විසින් අද කථානායකවරයා වෙත වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කර ඇත.
මන්ත්‍රීවරයා විසින් කථානායකවරයා වෙත යොමු කරන ලද ලිපියේ දැක්වෙන්නේ, මෙම පත්කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් නොමග යැවීමක් සිදුව ඇති බවත්, එමඟින් සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට හානියක් වී ඇති බවත්ය.
අධ්‍යක්ෂ ජනරාල්වරයා තෝරා ගැනීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් 2024.10.14 වන දින අයදුම්පත් කැඳවා ඇත. පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් මාධව තෙන්නකෝන් මහතා සහ මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතාගේ නම් අවසන් අපේක්ෂකයින් ලෙස තෝරාගෙන තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ රැස්වීම් මිනිත්තු අනුව, මෙම පත්වීම සඳහා අපේක්ෂකයින් දෙදෙනාටම ලකුණු (100න්) ලබා දී ඇති අතර, ඉන් වැඩිම ලකුණු (80.55) ලබාගෙන ඇත්තේ මාධව තෙන්නකෝන් මහතා (Tag No: 10) වන අතර, රංග දිසානායක මහතා (78.00) දෙවැනි ස්ථානයේ සිට ඇත.
මෙම තත්ත්වය මත, මාධව තෙන්නකෝන් මහතාට පක්ෂව පස් දෙනෙකුත්, රංග දිසානායක මහතාට පක්ෂව හතර දෙනෙකුත් ඡන්දය ප්‍රකාශ කර තිබේ.
අවසානයේදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජිකයින් අතර පැවති ඡන්ද විමසීමේදී: මාධව තෙන්නකෝන් මහතාට පක්ෂව විපක්ෂ නායකවරයා, අජිත් පෙරේරා මහතා, ආචාර්ය ප්‍රතාප් රාමනුජම් මහතා සහ ආචාර්ය දිල්කුෂි අනුලා විජේසුන්දර මහත්මිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
රංග දිසානායක මහතාට (Tag No: 2) පක්ෂව අග්‍රාමාත්‍යවරයා, බිමල් රත්නායක මහතා, අබුබක්කර් අදම්බාවා මහතා, සිවඥානම් සිරිතරන් මහතා සහ ආචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය ඡන්දය ප්‍රකාශ කර ඇත.
ඒ අනුව, ඡන්ද 5-4ක් ලෙස රංග දිසානායක මහතා අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා නිර්දේශ කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර ඇත.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා කථානායකවරයාට යොමු කළ ලිපියේ ප්‍රධාන චෝදනාව වන්නේ, රංග දිසානායක මහතාට පක්ෂව හිටපු මහාධිකරණ විනිසුරුවරුන් වන වසන්ත කුමාර විමලසිරි ජිනදාස මහතා (උතුරු මැද පළාත් ආණ්ඩුකාර) සහ චම්පා ජානකී රාජරත්න මහත්මිය (සබරගමුව පළාත් ආණ්ඩුකාර) විසින් ලබා දී තිබූ නිර්දේශ ලිපි සම්බන්ධයෙනි.
මුලදී ආණ්ඩුකාර තනතුරු දේශපාලන පත්වීම් බැවින් එම නිර්දේශ ‘දේශපාලන මැදිහත් වීමක්’ ලෙස සලකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේදී සාකච්ඡා කර ඇත.
කෙසේ වෙතත්, සභානායක බිමල් රත්නායක මහතා විසින් මෙම නිර්දේශ ලිපි ඉදිරිපත් කර ඇත්තේ ඔවුන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වීමට පෙර බවට දැනුම් දී තිබේ.
එම ප්‍රකාශය විශ්වාස කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය සිය ඡන්දය රංග දිසානායක මහතා වෙත ලබා දී ඇති අතර, එය ඔහුගේ ජයග්‍රහණයට හේතු වී ඇත.
නමුත් පසුව දැනගන්නට ලැබී ඇත්තේ, ආණ්ඩුකාරවරුන් පත් කිරීමේ ගැසට් පත්‍රය 2024.09.27 වන දින ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන් විසින් රංග දිසානායක මහතාගේ නම නිර්දේශ කර ඇත්තේ ආණ්ඩුකාරවරුන් ලෙස පත් වූ පසුව බවයි.
මෙම තත්ත්වය හමුවේ, මහාචාර්ය දිනේෂා සමරරත්න මහත්මිය විසින් එදිනම දිවුරුම් ප්‍රකාශයක් මගින් ගරු කථානායකවරයාට විරෝධය පළ කර ඇත.
මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරන්නේ, පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ උපලේඛනය (අ) කොටසේ 4 වන වගන්තිය යටතේ, පාර්ලිමේන්තු කාරක සභාවක රැවටීමේ අදහසින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කිරීම බලවත් වරදක් බවත්, මෙම වරද හිතාමතාම සභානායක බිමල් රත්නායක මහතා විසින් සිදු කර ඇති බවත්ය. එසේම, කථානායකවරයා ද “අදාළ වරදම සිදු කර ඇති” බවට චෝදනා කරමින්, ඔවුන් දෙදෙනාම සමස්ත පාර්ලිමේන්තුවේ ගෞරවයට බලවත් හානියක් සිදු කර ඇති බව පෙන්වා දී තිබේ.
මන්ත්‍රීවරයා අවසාන වශයෙන් ඉල්ලා සිටින්නේ වරප්‍රසාද කඩ කිරීම පිළිබඳව වරප්‍රසාද කමිටුව වෙත මෙය ඉදිරිපත් කරන ලෙස හා පාර්ලිමේන්තුවේ ප්‍රධානියා ලෙස සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපතිවරයා ලෙස මෙම බරපතල කාරණය පිළිබඳව කථානායකතුමා විසින් සභාවට පැහැදිලි කිරීමක් ලබා දෙන ලෙසත්ය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..