News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේග ආණ්ඩුව අසත්‍ය ප්‍රචාර සහ චරිත ඝාතනයන් හරහා තම අසාර්ථකත්වය වසාගැනීමට උත්සාහ කරන අතරම, ගෞරවනීය ආගමික නායකයින් දේශපාලන මතභේදවලට ඇද දමන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ චෝදනා කරයි.

කිසිදු රටක් සමග සිය ආණ්ඩුවට සමීප මිතුරුකමක් නොමැති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

මේ වසරේ ගතවූ මාස 05 තුළ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2,000 ඉක්මවා ගොස් තිබේ.

සමලිංගික විවාහ අපරාධයක් නොවන බවට පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුව ඉදිරියේ ඇති බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වොල්කර් ටුක් කළ ප්‍රකාශය අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ප්‍රතික්ෂේප කර තිබේ.

ත්‍රිකුණාමලයේ වරාය ආශ්‍රිත විශාල භූමි ප්‍රමාණයක් ඉන්දියාව තමන්ගේ ව්‍යාපෘති සඳහා අත්පත් කරගනිමින් සිටින බවත්, ඉන්දියන් ආරක්ෂක ගිවිසුම ක්‍රියාත්මක වන විට ලංකාවේ ආරක්ෂක හමුවාදව ඉන්දියාවේ හමුදාවේ රෙජිමෙන්තුවක් බවට පත්කෙරෙන තැනකට තල්ලු කරමින් පවතින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පවසති.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වාර්ෂික නිලවරණයේදී සභාපති ලෙස වෛද්‍ය සංජීව තෙන්නකෝන් මහතා යළි තේරී පත්ව තිබේ.

කොළඹ මහ නගර සභාවේ මංගල සැසි වාරයේ න්‍යාය පත්‍රය පිළිබඳ ගැටලුවක් මතුව ඇත්තේ අභිනව නගරාධිපතිනි ව්‍රායි බල්තසාර්ට තමන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට නොහැකි වීම නිසා බව මහජන ආරක්ෂක නි. අමාත්‍ය සුනිල් වටගල පවසයි.

දේශප්‍රේමී, ජාතිමාමක සමුළුව සහ වැඩමුළුව ඊයේ(28) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

සිංහල කියන වචනය පවා භාවිතා කිරීමට නොහැකි තත්ත්වයක් අද රට තුළ නිර්මාණය වී ඇති බවත්, සිංහල වචනය ජාතිවාදී සහ අන්තවාදී ම්ලේච්ඡ අදහසක් දෙන වචනයක් බවට ලිබරල් මතධාරීන් හඳුන්වමින් සිටින බවත් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසති.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.